Skip to content

සුළංමෝල් සහ විශාල බමන පෙති.

ස්වභාවිකව ලෝකයේ ඇති පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව අතරින් සුළං බලයට විශේෂ තැනක් ලැබීමට හේතු කීපයක් ඇත. එයින් එකක් වන්නේ, එය මිනිසා විසින් සොයාගත් පැරණිම බල ශක්තියක් වීම නිසා එය පාලනය කිරීමේ ක්‍රම ගැන අද වන විට හොඳ අවබෝධයක් තිබීමය. අනෙක් වැදගත් හේතුවක් වන්නේ, සුළං යන්න දිවා රාත්‍රී දෙකෙහිම ඇති හෙයිණි. බොහෝ මිළ පහතට බැස ඇති සූර්ය ශක්තියේද ඇති විශාලතම අවාසිය වන්නේ එය රාත්‍රී කාලයේ ලබා ගත නොහැකි හෙයිණි.

සුළං බලයේ ඉතිහාසය ගැන මඳක් විමසමු.

මධ්‍යතන යුගයේ වැටීමේ ආරම්භය සමඟ වේගයෙන් දියුණු වූ රටක් වූයේ නෙදර්ලන්තය විය. මෙයට එක හේතුවක් වූයේ ස්පාඤඤය සහ පෘතුගාලය අයත් කර තිබුණු මුහුදු මාර්ග වල බලය, නෙදර්ලන්තයට සහ එංගලන්තයට කෙමෙන් අයත් වීමය. මේ සඳහා අවශ්‍ය වූ රුවල් නැව් සඳහා අවශ්‍ය ලෑලි ඉරා ගැනීමේ බලවත් අවශ්‍යතාවයක් තිබිණ.

වේගයෙන් සාගරයට එකතු වන නැව් ප්‍රමාණයට අවශ්‍ය ලී ඉරා ගැනීම මිනිස් අතකින් කිරීමේ හැකියාව නැති වී ගියේය. එසේ හෙයින් මේ කාලයේ සරළ සේ නිර්මාණය කරන ලද සුළං මෝල් විශාලවත් ශක්තිමත්වත් නිර්මාණය කර, ඒ සුළං මෝලෙන් සැපයෙන බලයෙන් ලී කඳන් ඉරීමට නෙදර්ලන්ත ජාතිකයා සමත් වූ බව පෙනේ.

මේ සුළං මෝලක සියළුම කොටස් තනා ඇත්තේ ලී වලින් පමණක් වීම විශේෂයකි. එකද යකඩ ඇණයක්වත් මේවා යේ නොතිබිණි. දැවැන්ත සාගර සේ ජළය පිරුණු භූමින් කෙමෙන් හිස් කිරීම මේ මෝල් වල සම්බන්ද කල ආකිමිඩීස් පොම්ප වලින් සිදු විය.

59902801_10158390730546729_2685827446019719168_n

උතුරු නෙදර්ලන්තයේ 1631 වසරේ තනන ලද විශාල සුළං මෝල් 51ක් මගින් විනාඩියකට ජළය ඝන මීටර් 1000 ක් ඉවත් කිරීමට හැකි විය. මෙය විශාල ඇළක ගලා යන ජළය මෙනි. මේ සුළං මෝල් එක දිගටම අවුරුදු හතරක් ක්‍රියාත්මක කර සෑහෙන විශාල ජළය පරිමාවක් ගොඩබිමෙන් ඉවත් කරන ලදී. රටේ සමහර ප්‍රදේශවල ගොඩබිම ඇත්තේ මුහුදු මට්ටමට පහළිනි.

අද දින මේ සුළං බලය, විදුළි බල ශක්තිය ජනනය කිරීම සඳහා ලෝකයේ සෑම රටකම මෙන් ඉතා සාර්ථකව භාවිතා කෙරේ. මෙය ෆොසිල ඉන්ධන වූ ගල් අඟුරු සහ ස්වභාවික වායු වෙළඳාමට දැවැන්ත තර්ජනයක් වන අතර, ඉදිරි වසර කීපය තීරණාත්මක වන්නේ වන්නේ මේ සුළං මෝල් එදා මෙන් නොව දැවැන්ත සුළං මෝල් වීමෙනි නිර්මානයෙනි. දැනට මෙගාවොට් 10 ක පමණ බලයක් ගත හැකි අතර අලුත් බමන පෙති පවතින සුළං මෝල් නිර්මාණය හේතුවෙන් මේ තර්ජනය එන්න එන්නම වැඩි වේ.

ගල් අඟුරු කර්මාන්තයේ රූකඩයෙක් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පුනර්ජනනීය බලයට විරුද්ධ වී ගල් අඟුරු පාර්ශවය වෙත යොමු වීම, පරිසරයට ආදරය කරන ලෝකයේ විසිර සිටින සියල්ලන්ගේ කණස්සල්ලට හේතුවක් වුවද, තව දුරටත් ඒ කෙණෙහිලි වලින් ප්‍රයෝජනයක් නැති බව පෙනීම වාසනාවකි. ඇමරිකාව වැනි රටක ඇති විශේෂ බව එය වේ.

ප්‍රායෝගික සත්‍යයක් ඇති නම් එය රටේ පවතින දෙපාර්තමේන්තු වලින් සැළසුම් ක්‍රියාත්මක කරන්නේ, ජනාධිපති හෝ අන් දේශපාලනඥයන් කියන දේ මායිම් නොකරමිණි. ඔවුන් ප්‍රායෝගික සත්‍යයට පමණක් තැනක් දෙන බව පෙනේ. මෙය ලංකාවේ තත්වයට සම්පූර්ණ වෙනස් තත්වයකි.

අද දින මේ සුළං මෝල් වල පුරෝගාමියෙක් වන්නේ ඇමරිකාවේ GE [General Electric] සමාගමයි. පසුගිය අවුරුද්දේ මේ සමාගම විසින් Haliade-X 12 MW යන ටර්බයිනය හඳුන්වා දෙන ලදී. එය සවිකර ඇති එක සුළං මෝලකින් මෙගා වොට් 12ක් ගත හැකිය.

එහෙත් කොතෙක් විශාල ටර්බයින් යන්ත්‍ර නිර්මාණය කළද, ඒවා කරකවන්නට දැවැන්ත බමන පෙති අවශ්‍ය වේ. මේ අභියෝගය ජය ගන්නට ප්‍රංශයේ LM Wind නම් සමාගම ඉදිරිපත් විය. 1940 වසරේ හුදෙක් ගෘහ භාණ්ඩ තැනූ මේ සමාගම, 2004 වසරේ සුළං මෝල් වලට අවශ්‍ය එක බමන පෙත්තක දිග 60 නිර්මාණය කිරීමේ කඩ ඉම පසු කළේය.

60001268_10158390730781729_1807429187137437696_n

ඉන් පසු ඔවුන්, 2016 වසරේදී 88.4 මීටර් ක බමන පෙත්තක් නිර්මාණය කළහ.

ඔවුන්ගේ අළුත්ම නිර්මාණය ඇත්තේ මීටර් 100 ක් දිග බමන පෙතිය. මේ සඳහා වොරන්ටියක් සේ, අවුරුදු 20 කාල සීමාව ලැබීම ඊළඟ අභියෝගය වී ඇත. 2021 වසරේ මේ නිර්මාණය වෙළඳ නිර්මාණයක් සේ එළි දක්වනු ඇත. පුදුමයකට මෙන් මේ බමන පෙති නිර්මාණය කරන්නේ ලී වලිනි. මේ සඳහා ඔවුන් ගන්නේ ‘බල්සා’ නම් ලී වර්ගය වේ. පැරණි ගුවන් යානා සඳහා බල්සා ලී බහුලව භාවිතා කරන ලදී. ‘බල්සා’ ලී ශක්තිමත් මෙන්ම, සැහැල්ලුද වන්නේය.

මෙයින් තනන බමන පෙති, Coal-Killing Wooden Wind Turbine Blades හෙවත්, “ගල් අඟුරු බලාගාර ඇති කරන සුළං මෝල් බමන පෙති” යයි කියනු ලැබේ.

හේතුව පැහැදිළිය. එතරම් විශාල බල ශක්තියක් මේ ආකාරයේ එක සුළං මෝලකින් ලබාගත හැකි හෙයිණි. සැසඳීම සඳහා ලංකාවෙන් ගන්නා උදාහරණයක් සේ, ඉඟිනියාගල ජල විදුළි බලාගාරයෙන් මෙගා වොට් 11 ක්ද, උඩවළවේ ජල විදුළි බලාගාරයෙන් මෙගා වොට් 6 ක්ද ලැබේ. මේ ආකාරයේ එක සුළං මෝලක් ක්‍රියාත්මක වන විට, මෙගා වොට් 12 කට සමීප බල ශක්තියක් ගැනීමට හැකි වනු ඇත.

සුළං මෝලකට, ජල විදුළි බලාගාරයක් සඳහා අවශ්‍ය දැවැන්ත ප්‍රදේශයක් වැසෙන ජලාශ අනවශ්‍යය. සුළං මෝලක් සඳහා යන ඉඩකඩ ඉතා සුළු ප්‍රමාණයකි. පිරිවැය අධික ගල් අඟුරු මෝලක් සඳහා අවශ්‍ය නා නා ප්‍රකාර නඩත්තු කටයුතු වලින් සීයෙන් එකක් වත් සුළං මෝලකට අනවශ්‍යය.

Author: Lalith Karunaratne

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *