Skip to content

පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’

පාපැදි තරගවලදී මෙන් ම මහා මාර්ගයේදී ද පාපැදිකරුවන්ගේ ජීවිත අතිශයින් අනාරක්ෂිත තත්ත්වයක පවතින්නේ, ධාවනයේදී ඔවුන් සම්පූර්ණයෙන් නිරාවරණය වන හෙයිනි.

ඒ අනුව, පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවතම පිටුවක් පෙරළමින් පාපැදිකරුවන් සඳහා සුවිශේෂ එයාර් බෑගයක් නිෂ්පාදනය කර තිබේ.

airbag

ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැත්වෙන තාක්ෂණ ප්‍රදර්ශනයේදී මෙය හඳුන්වා දුන්නේය.

“මේ එයාර් බෑග් එක ඇතුළෙ කුඩා විද්‍යුත් උපකරණයක් තියෙනවා. පාපැදිය අනතුරකට ලක්වූ අවස්ථාවක හරි එහෙම නැත්නම් පාලනයෙන් ගිලිහුණ අවස්ථාවක ඒ උපකරණය මගින් එයාර් බෑගය ඉබේට ම පිමිබෙනවා,” එම එයාර් බෑගය නිපදවූ සමාගමේ ඉංජිනේරු ඇලෙක්සැන්ඩර් ක්වොරි පවසයි.

එම එයාර් බෑගය ක්‍රියාත්මක වීම සඳහා ගත වනුයේ, තත්පර 0.1 ක් තරම් සුළු කාලයකි.

“එයාර් බෑග් එක ක්‍රියාත්මක වුණාට පස්සේ සම්පූර්ණ එයාර් බෑග් එක ඉවත් නොකර විද්‍යුත් උපකරණය පමණක් යළි සවි කරන්න පුළුවන්”

මෙම ක්‍රමය අනුව සුළු මුදලක් වැය කිරීමෙන් පාපැදිකරුවන්ට ඉදිරියේදී සිය ජීවිත ආරක්ෂාව සහතික කරගත හැකි වනු ඇත.

Source: BBC

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *