Skip to content

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට.

වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි පාවිච්චි කරන්නේ කොහොමද, මොනවද මතුවෙන ගැටළු කියන එක හැමෝටම දැනගන්න පුළුවන් වෙන්නේ.

රාජ්‍ය මට්ටමෙන් මේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයාමට ප්‍රධාන කරුණු කීපයක් අවම වියදමෙන් ක්‍රියාත්මක කලහැකියි.

* පාපදිකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ග අයිතිය පිලිබඳ දැනට ඇති නීති ප්‍රතිසංස්කරණය.

* නව කාර්යාල ගොඩනැගිලි අනුමත කිරීමේදී සයිකල් පාකින් සහ නෑමට පහසුකම් සැපයීමේ අවශ්‍යතාව.

* හැකි සෑම නාගරික මාර්ග අලුත්වදියාවකදීම පිටපලාත්වල අලුතින් පාරවල් ඉදිකිරීමේදී බයිසිකල් සඳහා තීරුවක් වෙන්කිරීම, අවශ්‍ය අවම මීටරයයි.

* දුම්රිය මාර්ග දෙපස දැනටත් ඇති ඉඩේ බයිසිකල් තීරු ඉදිකිරීම, අන්තර් සම්බන්ධතා ඇතිකිරීම. හෝමාගම සිට කැළණි වැලි මාර්ගය, මීගමුව සිට පානදුර දක්වා මුහුදුබඩ මාර්ගය සහ ගම්පහ දක්වා ප්‍රධාන මාර්ගය මේ සඳහා ලෙහෙසියෙන් පාවිච්චි කල හැකියි, ඉතා අඩු වියදමෙන්.

* නගරය තුළ ඇති ජල මාර්ග අයිනෙ අන්තර් සම්බන්ධතා ඇති වෙන විදියට සයිකල් මාර්ග පහසුවෙන් ඇති කළ හැකියි. නාවල, යූනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, කොටුව වැල්ලවත්ත, කැලණිය එසේ සම්බන්ධ කළහැකි තැන් කිහිපයක්.

මේවාට ආයෝජනය කරන මුදල් වල ප්‍රතිලාභ නාගරික තදබදය, පරිසර දුෂණය සහ ලෙඩ රෝග අඩුවීමෙන් අපට ඉක්මනටම ලැබෙයි. හැබැයි විරුද්ධ පාර්ශව කීපයක් ඉන්නවා, ආර්ථික ලාභ අහිමිවීම මත.

එමෙන්ම අප හැමගේම ආකල්පමය වෙනසකුත් අවශ්‍යයි, විශේෂයෙන්ම පාපැදිය දුප්පතාගේ වාහනය නොවන බව පෙන්වීමට.

Sri Lanka can do a lot @ a fraction of the cost!
Provided the heat, emissions and dust managed well…by way of tree shaded cycling paths, showers at offices, promoting EVs and the likes.

Moving forth: Its not just the words, we have quantified the numbers with both costs and benefits with a proposal.

Here are the excerpts (a few snapshots) of same.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *