Skip to content

ටෙස්ලා, ඉන්ධන රථ පරයා ඉදිරියට

2019 දෙවන කාර්තුවේ අලෙවි ප්‍රථිපල අනුව ටෙස්ලා මොඩල් 3 තවමත් එම කාණ්ඩයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය පමණක් නෙමෙයි සුඛෝපභෝගී කාණ්ඩයේ අනෙක් රථ ඔක්කොම එකට ගත්තත් ඊට වැඩිය විකිණිලා!
මේක වුනේ හඳුන්වාදීමෙන් අවුරුදු දෙකක් ඇතුලත, දුෂ්කර නිෂ්පාදන ප්‍රශ්නත් එක්ක, අද මොඩල් 3 එක්සත් ජනපදයේ සුඛෝපභෝගී කාණ්ඩයේ ඉහළම තැන අවුරුදු සිය ගණනක ඉතිහාසයක් ඇති මාදිලි සමඟ තරග කරලා.

මොනවාද මේ කාණ්ඩයේ අනෙක් රථ. මේ කාලය තුල BMW 3 & 4 සීරීස් 17,225 මර්සිඩීස් බෙන්ස් සී පන්තියේ වාහන 12,335 ක් විකුණුනා.
ඒ ටෙස්ලා මොඩල් 3 රථ 77,634 ක් විකිනෙද්දී, ඒ ගාන BMW 3/4 series, Mercedes C class, Audi A4 සහ Lexus iS යන හතරේම එකතුවට වඩා වැඩියි.
ඊළඟට වුනදේ තමයි මොඩල් 3 ප්‍රමුඛ අනෙක් Tesla මාදිලි ඇමරිකාව පමණක් නෙමෙයි යුරෝපය සහ ආසියාව පුරා ව්‍යාප්ත වීම.

දැන් බලමු ලංකාවේ මේ ඉලක්කම් කොහොමද කියල, මේ කාලය තුලම. Mercedes C Class – අලුත් 73, පාවිච්චිකළ 24 BMW 3 Series – අලුත් 0, පාවිච්චිකළ 16 Audi A4 – අලුත් 1, පාවිච්චිකළ 0 එකතුව – ඉන්ධනරථ 114, ටෙස්ලා 0

එක්සත් ජනපදයේ මේ රථ විකුනුනේ යායුතු දුරවල් ලංකාවට වඩා ඉතාමත් වැඩි වෙද්දී, ඒවගේම ටෙස්ලා වල මිළ සමාන ඉන්ධන රථ වල මිලට වඩා බෙහෙවින් වැඩි වෙද්දී.
ධාවන වියදම බැලුවත් ඉන්ධන මිල අපිට වඩා අඩුයි, විදුලි මිල දෙගුණයක් තරමටම වැඩියි. ලංකාවට විදුලිරථ වඩා සුදුසු නැද්ද!

UPDATE මෙතන ඉදන් තියෙන්නේ සමාජ මාධ්‍යවල පළවූ ඉහත ලිපියට නුසුදුසු බව පැවසු අවස්ථා වලට කෙටි පිළිතුරු.

හේතු # 1 

අමතර කොටස් කොටස් ගෙන්වා ගැනීමට ගත වන කාලය සහ මුදල නියෝජිත සමාගමක් ලංකාවේ නොමැතිවීම

පිළිතුර

ටෙස්ලා සමාගම ඔවුන්ගේ පම්තර කොටස් ලැයිස්තු සහ අංක ප්‍රශිද්ධ කර ඇත, ඇතිවන ප්‍රශ්න අනෙක් ග්‍රේ ආනයන වලට අසමාන නැත. 

මෙම කාලසීමාව තුල (2019 අප්‍රියෙල් ~ ජුනි) ලංකාවට නියෝජිතයන් හරහා මෝටර් රථ 822 එද්දී (මරුටි සුසුකි ඇතුළුව) ඉන් බාහිරව රථ 4694 ආනයනය කර ඇත (නියෝජිත වගකීම නොමැතිව )

අනෙක නියෝජිතයන් හරහා අමතර කොටස් සහ සේවාවන් ලබන්නේ සුලු පිරිසකි

හේතු # 2 

දෙවන වටිනාකම අඩුවීම

ඇමරිකාවේ දෙවන වටිනාකම නොසලකන බව

පිළිතුරු

දෙවන වටිනාකම ගණනය කරන ක්‍රමය වැරදි බව මින් ඉහත පොස්ට්වල පෙන්වාදී ඇත. නියමිත පරිදි ගණනයකිරීමෙදී  විදුලි වාහනවල ධාවන වියදම, ක්ෂයවීමෙන් පසුද අයිස් රථවලට වඩා අඩුබව පෙන්වාදී ඇත (ලීෆ්, ප්රියස් සහ ඇක්වා සැසදීමෙන්)

අමෙරිකාවේද දෙවන වටිනාකම අනිවාර්යෙන් සැලකේ, මුදල් හැමදෙනාටම වටී

හේතු # 3 

ඇමරිකා එක්සත් ජනපදයට වඩා ලංකාවේ උෂ්ණත්වය වැඩී. එවිට බැටරියේ සඳහන් කර ඇති නියමිත කාර්යක්ෂමතාව ලබා ගත නොහැක. 

පිළිතුර 

ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ලංකාවට වඩා වැඩිය. ලංකාවේ ඉහලම උෂ්ණත්වයක් ඇති හලාවත නිසාන් විදුලි රථයක් දැන් කිලෝමීටර් ලක්ෂ දෙක ඉක්මවා ධවනයකර තවත් වසර කිහිපයක් ධවනටට සුදුසු තත්වයේ පවතී.

හේතු # 4 

බැටරියේ ආයු කාලය නිම වූ පසු එය ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු වැඩපිළිවෙළක් අප රටේ ක්‍රියාත්මක වන්නේ ද නැත. (විදුලි/ඉන්ධන දෙමුහුන් රථවලට ද අදාලයි) 

විදුලි රථ බැටරි රථයේ සේවය නිමවූ පසු තවත් වසර අටක් වත් නිවෙස් බලගැන්වීමේ උපකරණ දැන් ශ්‍රී ලංකාවේම නිපදවා ඇත. (දෙමුහුන් රථ බැටරි නොවේ). ලොවපුරා මේවා භාවිතයේ පවතී, නමුත් හයිබ්‍රිඩ් රථ බැටරි පිලිබඳ ගතටුවක් ඇත. පොස්ට් එක පූර්ණ විදුලිරත ගැන පමණි.

හේතු # 5 

සාමාන්‍ය රථයක ඉන්ධන වියදම සහ මෙම රථ නැවත ආරෝපණය කිරීමට වැය වන විදුලි වියදම සැසඳූ විටද වැඩි වාසියක් නොවේ. 

පිළිතුර

සම්පූර්ණ අසත්‍යයකි, මෙය කලින් අදාළ දත්ත සහිතව පෙන්වා ඇත.

හේතු # 6 

ඇමරිකාවේ හා යුරෝපයේ බොහෝ තැන්වල මෙම රථ ඉක්මනින් ආරෝපණය කර ගැනීමට වෙනම ස්ථාන ඇත. 

අනෙක එහෙම චර්ජින්ග් පොයින්ට්ස් හදන්න තරම් බලයක් අපේ ග්‍රිඩ් එකට තියනවද?

පිළිතුර 

ලංකාවේ දැනට චජින් පොයින්ට් හතළිහක් පමණ තිබුනත් ඒවායින් සේවය ලබා ගන්නා පිරිස අඩුය. අනෙක ලංකාවේ ධාවන දුර සාපේක්ෂව අඩුය, නිවාසවල් චාජ් කිර්රීමෙන් බොහෝ අවශ්‍යතා සපුරාගත හැක. 

රථ සංක්‍යාව වැඩිවීමත් සමග ප්‍රසිද්ධ අරෝපක වැඩිවනු ඇත 

ග්‍රිඩ් බලය අදාළ වන්නේ සුපිරි පොදු අරෝපක සඳහා පමණි, විදුලිබල මණ්ඩලය පවා ඉදිරි පියවර ගෙන ඇත, අඩුපාඩුද ඇත. 

නිවාසවල රාත්‍රී දහයෙන් පසු ආරෝපණය ග්‍රිඩ් එකට සහ පොකට්ටුවට යන දෙකටම හොඳයි.

හේතු # 7 

මාර්ග තදබද නිසා සඳහන් කර ඇති දුරක් යාමට ද අපහසු වේ.

ඇමරිකාවේ සහ අප රටේ මාර්ග පද්ධති කිසිසේත්ම සමාන නැත.

පිළිතුර

වැරදි අදහස් දැක්වීමකි, WLTP දක්වා ඇති දුර ලංකාවේ තදබද වලටද අදාලය, එමෙන්ම ප්‍රයෝගිකව පරීක්ෂාකර ඇත.

හේතු # 8

විදුලි රථය ඇමරිකාවේ එකම වාහනය නොවේ, දුර ගමන් යාමට වෙනම වාහන ඇත

පිළිතුර

අර්ධ සත්‍යයකි, එමෙන්ම දුර ගමන් සඳහා පොදු ක්‍රම සහ කුලී වාහන විශාල වශයෙන් භාවිත වේ. 

ලංකාවටද මෙය අදාළ කර ගැනීම ලභාදයීය. මේ පිළිබඳව වෙනම සාකච්චා කර ඇත.

නමුත් විදුලි රථ ලාංකිකව වුවද සියලු දෙනාටම ගැලපෙන බව අප ප්‍රකාශ නොකරමු. උදාහරණයක් ලෙස මසකට කිලෝමීටර් පන්සීයකට වඩා අඩුවෙන් භාවිත කරන අයට.

ප්‍රධාන වශයෙන්ම අපරටේ ආර්ථික ප්‍රතිලාභ, ධාවන තත්ව, දුර ප්‍රමාණය, පාරිසරික හේතු, ඉන්ධන ආනයන මිල, සුනීත්ය බලශක්ති අපටම නිපදවාගත හැකි වීම යන කරුණු මත විදුලි වාහන වලට වඩා හොඳ විකල්පයක් ලොවේ දැනට නැත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *