Skip to content

ආණ්ඩුවේ කුණු සහ අපේ කුණු

කොළඹ කුණු කොළඹ වාසීන්ගේ පමණක් නොවේ. කොළඹ වාසීන් කොළඹ කුණුවලට අකමැතිය. පුත්තලම් වාසීන්ද අකමැතිය. අනෙකුත් නගර වාසීන්ද එසේමය. කුණුවලින් භාගයක් අඩු කිරීම ඉතා පහසුය. වැඩිපුර බෙදා ගෙන ඉවත දමන කෑම කුණුය. ලොරිවල පටවාගෙන තලමින් කොළඹට ගෙන එන එළවලු පැය 24කට පසු කුණුය. අනවශ්‍ය ලෙස ගෙදරට ගෙනගොස් ඉවත දමන ප්ලාස්ටික් කුණුය. ප්‍රතිචක්‍රීකරණය කළහැකිදේ පවා අන් කුනුසමග මිශ්‍ර වූ විට එය කුණුය.

බ්ලුමැන්ඩල් , මීතොටමුල්ල, කරදියාන , මුතුරාජවෙල පිරවුනේ මේ කුණුය. අරුවක්කරු යන්නේද මේ කුණුය. කුණු ප්‍රශ්නය තම තමන් ඇතිකළ ගැටලුවක් බව හඳුනා ගත් විට එය ආණ්ඩුවේ කුණු ගොඩක්වත් නගර සභාවේ කුණුගොඩක් වත් නොව මගේම කුණුගොඩ වනු ඇත.එවිට එයට විසදුම් ඇත.

මෙහෙම කිව්වේ හේමන්ත විතානගේ, නමුත් අපි අපේ කාර්යභාරය, ජාතික වගකීම ඉටුකරනවාද?

අපි දේශප්‍රේමියෝ, නමුත් ඇති බහුතරයක් දන්නේ ගෙදරයි කඩෙයි කුණු ටික පාරට විසි කරන්න විතරයි. 
පරිභෝජනය හෝ නාස්තිය අවම කිරීම ගැන කැමැත්තක් වත් සූදානමක් වත් නෑ.

විශේෂයෙන් තරුණ කණ්ඩායම් කිහිපයක් කුණු එකතුකරන වැඩසටහන් කළා, නමුත් අවම කිරීම වෙනුවෙන් අතු වැඩසටහනුත් අවමයි. ප්‍රතිකාරයට වඩා වටින්නේ නිවාරණයයි කියන එකේ වැදගත්කම අපිට තාම වැටහිලා නැහැ.

කඩේට යනකොට බෑග් එකක් අරගෙන යන අය, ප්ලාස්ටික් බෝතල් වතුර සහ බීම නොබොන අය සියයට එකක්වත් නෑ.
අපතේයවන ආහාර ප්‍රමාණය පවා පරිභෝජනයට වඩා වැඩියි.
ඒ කුණුත් වෙන්කරල බැහැරකරන්නේ මරන්න ගෙනියනවා වගේ.
හැබැයි කුණු ආණ්ඩුවෙ!

මුතුරාජවෙල

ඒක එහෙම වුනාට අපේ ආණ්ඩු බස්නාහිර පළාතේ තියෙන වටිනාම පරිසර පද්ධති දෙකක් වන මුතුරාජවෙල සහ කරදියාන කුණු ගොඩගහන එක, ආපසු හැරවිය නොහැකි අපරාධයක්. ලෑන්ඩ්ෆිලින් සහ සනීපාරක්ෂිත කසළ රඳවන (sanitary landfill) කියන්නේ ලෝකයේ තියෙන නරකම සහ අනාරක්ෂිතම සහ විනාශකාරීම කසල කළමනාකරණ ක්‍රම දෙක.

කුණු බිස්නස් එක

කොළඹ කුණු කතාව බොහෝ පරණ කතාවක්, මේත් හේමන්ත විතානගේගෙ පැහැදිලිකිරීමක්.

කුණු ලාබ නැත. එය මාෆියාවකි . පසුගිය වසර 4 තුල කොළඹ කුණු එකතු කිරීමට සමාගම් දෙකකට රු බිලියන 5.5 ක් ගෙවා ඇත. එය කෝච්චියෙන් අරුවක්කරු ගෙන යන්නට වසරකට රු බිලියන 1.5ක් වැයවනු ඇත. ටිපර් වලින් ගෙනයන්නට ඒ මුදල මෙන් තුන් ගුණයක් වත් වැයවනු ඇත. මේ ප්‍රවාහනයට පමණි.

මීට පෙර කොළඹ නගර සභාව කියූ පරිදි කුණු ටොන් 1200ක් නැත.ඇත්තේ ටොන් 700 හෝ 800ක් පමණි. රු 5000 බැගින් කුණු ටොන් එකකට ගෙවා මීතොටමුල්ලේ හෝ මුතුරාජවෙල දමනවිට කෙතරම් මුදලක් මාෆියාව ගසා කන්නට ඇත්ද යන්න සිතාගත හැක.

නිසි පරිදි කළමනාකරණය කළහොත් ඉවත දමන කුණු ප්‍රමානය ටොන් 200 කට පමණ අඩු කර ගත හැක. බොහෝ ප්‍රාදේශීය සබා බලප්‍රදේශ වල එකතු වන්නේ කුණු ටොන් 1ක් හෝ 2 කි. කොළඹ මාතර, ගාල්ල හා නුවර හැරෙන්නට අනෙක් බල ප්‍රදේශ වල කුණු ගැටලුව සැලසුම් වල ගැටලුවක් මිස කුණු ප්‍රමාණයේ ගැටලුවක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *