Skip to content

ධාවන පිරිවැය ~ CPK

විදුලි රථ හෝ බැටරි එකිනෙක සංසන්දනයේදී පමණක් නොවෙයි, EV ඉන්ධන රත, එනම් ICE සමග සැසදීමෙදීත් වැදගත්ම දර්ශක දෙකක් CPK (Cost Per Km) සහ TCO (Total Cost ඔෆ් Ownership ) එනම් වාහන අයිතිවාසිකමේ මුළු වියදම.

CPK සහ TCO මැනීම සඳහා හැමටම පොදු තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ වඩාත් පහසු සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණයි.

EV CPK with ICE

ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ක් වයසැති නිසාන් ලීෆ් AZEO හි CPK (පිරිවැය කිලෝමීටරයකට) විශ්ලේෂණය, ප්‍රියස්සහ ඇක්වා සමග. මෙහි දී අපි ලීෆ් ශ්‍රී ලංකාවේ හොඳම නැවත විකිණීමේ වටිනාකම ඇති ලෙස පිළිගැනෙන රථ සමඟ සංසන්දනය කළෙමු. ඒ එක කාණ්ඩයේ ප්‍රියස් XW30 සහ එක් පන්තියක් පසුපසින් සිටියත් Aqua ද සමග එහි ලංකාවේ ජනප්‍රියතාව සලකා. (විදුලි රථයේ අධික ත්වරණය, අයිස් රථවල රේන්ජ් එක සහ පොදු ටයර වියදම් සාධක නොවුනි).

අපි ඉන්ධන, නඩත්තු, මූල්‍ය හා ක්ෂයවීම් (depreciation) පිරිවැය තථ්‍ය වශයෙන් වසර 5 ක් සඳහා ගණනය කළෙමු. එය අනාවරණය කළේ 2014 ලීෆ් පස් වසරක, කිලෝමීටර් 140,000 පිරිවැය ප්‍රියස් සහ ඇක්වා යන දෙකටම වඩා බෙහෙවින් අඩු බවය.

ඇක්වා සහ ප්‍රියස්, ලීෆ් සමග

කෙසේවුවද මෙහිදී වැදගත් පොදු සාධකයක් වන ටයර වියදම සලකා නැත. මේ වියදමද කිලෝමීටරයකට රුපියල් 2.50 පමණ වේ. ( එක ටයරයක් රුපියල් විසිපන්දහාක් පමණ වන කට්ටලයකින් කිලෝමීටර් 40,000 ධාවනය වන ලෙස සැලකුවහොත්.

මේ අන්දමටම අපි ඉස්සරහටත් ගියා. අද මිලදීගන්න රථයක මිල තව වසර පහකින් කොහොම වෙයිද කියලා. එතැනදී අප සැලකුවේ සමාන පන්තියේ වාහන වන හොන්ඩා සිවික් සහ ටොයෝටා C -HR සමග. මිල වැඩි වුනත් ලීෆ් වලට වඩා.

ඉහත කොටස 2019 වසරේ පැවති සම්මන්ත්‍රණයකදී ඉදිරිපත්කල දත්ත මත එම වසරේදීම ප්‍රසිද්ධ කරන ලදී. දැන් තත්ව වෙනස්විය හැක. පහත කොටස 2023 මාර්තු දත්ත මත පදනම් වේ.

EV vs EV

කිලෝමීටරයක ධාවන දුර මැනීමේදී මූලිකව අදාළ වෙන්නේ බැටරියේ ධාරිතාව. CPK ගණනයේදී use case, එනම් එක එක අයගේ ධාවන අවශ්‍යතා සහ ප්‍රයෝජන අතිශයින් අදාළ වෙනවා. ඒ විදුලි රථයක වටිනාකමෙන් අඩක් පමණ හෝ, භාවිතා කල රතයක නම් එම වාහනයටත් වඩා බැටරියේ මිල අධික නිසා. බැටරියේ ධාරිතාව අඩුවීමට ධාවන දුරට වඩා කාලය සහ භාවිතා කරන අන්දම බලපාන නිසා.

මෙහිදී අප ප්‍රදාන කරුණු තුනක් සැකහැර දැනගත යුතු වෙනවා.

  • දයිනික ධාවන දුර
  • සතියකට වරක් යැවෙන වඩාත් දුර ගමන.
  • බැටරියේ ධාරිතාව, වයස සහ මිළ

උදාහරණයක් ලෙස දැනට (2023) ඔබ සතු EV රථයකට 2018/19 නිෂ්පාදිත 90% SoH, 40 kWh බැටරියක් රුපියල් මිලියන 3.5 කට යොදනවා කියා හිතමු. ඔබේ දයිනික ධාවන දුර 100 km සහ මාසික ධාවනය 3,000 km වූ විට මෙම බැටරිය ඔබට 100+ km රේන්ජ් සීමාවේ තවත් අවම වසර පහක් භාවිත කල හැකියි. එනම් වසර පහකදී කිලෝමීටර් 180,000 ක්.

ඔබේ දිනක ධාවන අවශ්‍යතාව වන 100 ට වඩා බැටරියේ ධාරිතාව අඩුවූවිට එහි වටිනාකම 500,000 ලෙස සිතමු. මේ උපකල්පන මත CPK රුපියල් 16 ක් වෙනවා. මෙයට වාහනයේ ඉන්ධන මිල (solar / grid charging at home / DCFC, oppprtunity cost / finance cost එනම් වටිනාකමේ මිල, නඩත්තු වියදම් සහ වෙනත් වියදම් එකතු කල පසු TCO ගණනය කල හැකි වෙනවා.

මෙතනින් කියවන්න ඒ සැසඳීම සහ තවත් දේවල් ගැන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *