Skip to content

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. එමෙන්ම අපේ, ආයතනයේ සහ රටේ කාබන් පාදය අඩුකිරීම ගැන. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම හෝ නාගරික වන රෝපණය ගැන. 

මෙතැනදී කියවෙන එක දෙයක් තමයි පාරක් දෙපසම,සෑම නගරයකම,හොදින් ගස් සිටෙව්වොත් දූෂිත වායුව සෑහෙන්න පිරිසිදු වේවි කියල.

නමුත් සත්‍ය තත්වය වෙනස්, මේ අපි ඒ ගැන තව විදියකටහිතුවොත්.

වාහන වලින් නිකුත්වෙන කාබන් අවශෝෂණය කරන්න ගස් වැව්වාට එතරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ ගස් වැඩිම වුනොත් පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවුරුදු 100 ක් පමණ අවශෝෂණය කර ගනීවි. ඊළඟට ගස බිමට කඩා වැටුනාම, එය දිරනවා. එවිට අර කාබන් නැවත පරිසරයට එකතු වෙනවා.මේක තමයි කාබන් දාමය කියන්නේ.

image.png

කාබන් පරිසරයට එකතු වීම වැළැක්වීම සඳහා කල යුතු හොඳම දෙය වන්නේ ෆොසිල ඉන්ධන භාවිතා නොකිරීමමයි. අදින් වසර මිලියන ගණනාවකට පෙර ලෝකයේ ඇතිවූ අහිතකර වායුන් ෆොසිල සේ පොළව යටට ගියා. ඒවා ඇදලා ගන්නවා කියන්නේ අහක ඉන්න නයි කරේ දාගන්නවා වගේ වැඩක්. මොකද ඒවා ගසක් සේ නොව, වසර මිලියන ගණනාවක් අනවශ්‍ය කාබන් සඟවා ගෙන සිටි නිසා.

“ගස් වැවීමේ මූලික ප්‍රයෝජනය වන්නේ ඉන් සත්වයාට අවශ්‍ය ඔක්සිජන් මුක්ත කරන නිසා, අනෙක අප වැනි සමකාසන්න රටවලට අවශ්‍ය සෙවන දෙන නිසා,… කාබන් අවශෝෂණය තාවකාලික මෙන්ම දෙවන ප්‍රයෝජනය වෙනවා”.

මේ ලලිත් කරුණාරත්න මහතාගේ වචන.

කොපමණ පාරිසරික ප්‍රතිලාභ ගැන කතාකලත් ආර්ථික වාසියක් නැත්නම් අප වගේ දියුණුවෙමින් පවතින රටකට විදුලි රථ ප්‍රයෝගික වන්නේ නැහැ. ඒ නිසාමයි අපි විදුලි රථ ආයෝජනයේ සහ භාවිතයේ ඇති වැරදි මත, විශේෂයෙන්ම ක්ෂයවීම් අගය පිලිබඳ ඇති මිත්‍යාවන් ගැන නැවත නැවත පැහැදිලිකරන්නේ.

image.png

ලංකාව වගේ සමකාසන්න රටක් පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් විදුලි රථ භාවිතය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.

නමුත් මේ කිසිසේත්ම වන සංරක්ෂණය අවතක්සේරු කිරීමක් නොවෙයි. එමෙන්ම නාගරික වුවද තුරුලතා අපට මිල කල නොහැකි වෙනත් ප්‍රයෝජන ලබාදෙනවා. චක්‍රය පැවතිය යුතුයි.

මේ වඩාත් හොඳ විදියක්, වැඩි මහන්සියක් නොවීම කළහැකි. https://evrev.lk/2020/01/25/muthurajawela-fighting-climate-change/

මේ විදුලිරත ගැන ඔබට ඇතිවියහැකි ප්‍රශ්න වලට පිළිතුරු. https://evrev.lk/2019/08/23/why-buy-ev-qa/?wref=pil

https://evrev.lk/2019/12/29/ev-for-economy-or-environment/https://evrev.lk/2019/12/29/ev-for-economy-or-environment/

සබ්ස්ක්රයිබ් කරන්න අපව, සුනීත්‍ය සැරිසර ගැන දැනගැනීමට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *