Skip to content

අඩු භාවිත EV

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්.

ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට? 

බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. (ලීෆ් කිව්වට ඕනෑම විදුලි රථයක් ලිතියම් අයන් නම් බැටරිය)

කිහිප වතාවක්ම මේ ගැන කිව්වත් දැනටත් අපට මුණගැහෙනවා ජංගම දුරකථන වගේ කාර් චාජ් කරන අය. ඉතින් මේ ගැන වාහන විකුණන අයට කිව්වාම කියන්නේ ඔය කතා කිව්වට වැඩක් නැහැ, කාර් ගන්න එන්නේ ලාබෙ බලාගන විතරයි, දුවන්න හදන්නේ පැට්‍රල් කාර් විදියටම කියලා.

විදුලි රථ ටිකක් වෙනස්, ඔබේ හෙට දවසේ ගමන්  සැලසුම් කරගන්න බැරිනම් විදුලි රථයක් සුදුසු නැතිවෙයි.  හදිසි ගමනක් වැටුනොත් ෆාස්ට් චාජ් කරන්න.

දැන් මාතෘකාවට, චාජ් කරලා විදුලි රථයක් තිබ්බොත් මොකක්ද වෙන්නේ. 

මේ පර්යේෂණය බැටරි යුනිවසිටි එකෙන්

උෂ්ණත්වය 40°C – 40%   චාජ් වසරකදී ලොස් එක 15%

100% චාජ් වසරකදී ලොස් එක 35%

දැන් පේනවා නේද උෂ්ණත්වය සහ ආරෝපණ තත්වය ඇතිකරන බලපෑම ලිතියම් අයන්  බැටරි වල කැපසිටි එකට! කොටින්ම ෆුල් චාජ් කරල අවුරුද්දක් තිබ්බොත් කපසිටි එකෙන්  30% විතර ලොස් වෙයි ලංකාවෙ. ඒ කියන්නේ අවුරුදු තුනෙන් බැටරිය ඉවරයි!

කොහොමද මේක විසදාගන්නේ? 

හරිම ලේසියි, කාරෙකට හෙට ගමන් නැත්නම් අද චාජ් කරන්න එපා. අනෙක හෙට  දුවන ප්‍රමාණයට විතරක් චාජ් කරගන්න වැඩ ඉවරවෙනකොට 25% වෙන්න. සාමාන්‍යය (average SOC) 50% වටේ තියාගන්න හැකිතරම්.

නැත්නම් වෙනම සෝලා පැනල එකක් ගරාජ් එකේ වහලට හයිකරලා ඩී සී වායු සමීකරණයක් දවල්ට දාන්න. එහෙම කිව්වට එච්චර බරට හිතන්න එපා, හොඳ වාතාශ්‍රයක් තියෙන්න සලස්වන්න සිසිල ලැබෙන වහලකුත් එක්ක, ප්‍රශ්නේ ඉවරයි. රෑට කොහොමත් විස්සට කිට්ටුවෙනකන් අඩුවෙනව උෂ්ණත්වය .

මේ එක ගැටළුවක්, හේතුවක් සහ ක්‍රමයක් විතරයි, තව කියවන්න මෙතනිං : https://mobility.lk/2019/05/12/use-ev-battery-for-long/

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *