Skip to content

Fast Charger Investment

වේග ආරෝපක ආයෝජනය

වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයක් තියනවා.

  • ස්ථානය පසුකරයාමට සම්භාවිතාව ඇති ප්‍රදේශයෙන් පිට වාහන ප්‍රමාණය. ප්‍රදේශයේ වාහන ගැන වැඩිය බලාපොරොත්තු තියන්න එපා, ගෙදරින් ආරෝපණය තවමත් ලාභදායකයි!
  • වේග ආරෝපකයක් බෙහෙවින්ම සුදුසු වන්නේ ධාවන දුර වැඩිකර ගැනීමටයි, එමනිසා දැනට ටහි චාජර වලට ඇති දුර සහ ඒවායේ පහසුකම් ගැන සැලකිලිමත් වන්න.
  • සුදුසුම ආරෝපක මාදිලිය සහ පරිමාණය නිවැරදිව තෝරාගැනීම, නිෂ්පාදකයා, එනම් අප මේ සඳහා ඔබට සහාය වෙනවා, අනෙත් දේවලුත් සමග..
  • ඔබගේ අරෝපකයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ නඩත්තුව ඔබගේ වගකීමක් නොවිය යුතුය.
  • ආයෝජනයට අත ඇති මුදල, අධික පොලී සහිත බැංකු නය මගින් මේ සඳහා ආයෝජනය තවමත් ප්‍රතිලාභ අඩුය.
  • බලශක්ති වියදම් හැර වෙනත් වියදම් නැතිවීම ගැන කල්පනාකාරීවන්න. 
  • ඔබේ ආයෝජනයේ වටිනාකම ඉපයීමට (Payback period) දැන් ඇති වාහන ප්‍රමාණය අනුව සැලකුවොත් උපරිම වසර තුනක් දක්වා ගතවිය හැක. නමුත් ඒ දැන් තියෙන විදුලි රථ ප්‍රමාණය අනුව, එය ඉක්මනින් වැඩිවෙයි.
  • අරෝපකයේ සම්පූර්ණ ස්වයංක්‍රීය පාලනය සහ පැය විසිහතරම (24×7) සේවය ලබාදීමේ හැකියාව.
  • පාවිච්චිකරන්නාට කෙතරම් පහසුවෙන් ස්වයන්ක්‍රීයව ගෙවීම් කර තම අවශ්‍යතාවය ඉටුකර හැකිද යනබව.
  • යෝජිත ව්‍යාපාරික ස්ථානයට අදාල විදුලි සම්බන්දය, ධාරාව ඉහල දැමීමට අවශ්‍යවුවොත් ඒ සඳහා යන මුදල. මෙය ප්‍රදේශය භාර විදුලි ඉංජිනේරු තැන හමුවී දැනගත හැක.
  • යෝජිත ස්ථානය ගුගල් සිතියමක් මගින් කෙතරම් පහසුවෙන් සොයාගත හැකිද යන වග. නගර මධ්‍යයේ පිහිටීම අනවශ්‍යයි
  • අවන්හලක්, තේ පන් හලක්, වැසිකිලි පහසුකම්, සැපපහසු අසුන්, යාබද වෙළඳසල් තිබීම වාසියක් වෙයි. 

මේ මූලික කරුණු පමණයි, තවත් දෑ සොයාබැලිය යුතුයි. ඒ සඳහා නිෂ්පාදකයා ඔබට උදව් කරයි, ආයෝජනයේ ප්‍රතිලාභ ගැන අවංක ඇගයීමකුත් එක්ක………. 

හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!

ආයෝජනයේ ප්‍රතිලාභ

මුලික වියදම ලක්ෂ පහේ සිට ඔබට වේග ආරෝපණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ ලාභ බෙදාගැනීමේ ක්‍රමය මත.

දල ගණනය කිරීමක් මේ විදියට අපට කරන්න පුළුවන්.

කිලෝවොට් 30ක ආරෝපකයකට, අනෙකුත් පහසුකම් සහ අවශ්‍ය සම්බන්ධතා ආදියට අපි වියදම් කරනවා කියල හිතමු රුපියල් මිලියන 2 ක්. දිනකට සේවය ලබාගන්නවා විදුලි රථ 10ක්. එක විදුලි රථයකට 10 kWH අලෙවියක් කරනවා.

මේ සඳහා ගතවෙන්නේ පැය 4 කට අඩු කාලයක්, එනම් දිනක මුළු කාලයෙන් හයෙන් එකක් පමණයි චාජරය පාවිච්චි වෙන්නේ. කිලෝවොට් පැයක් රුපියල් හැටකට අලෙවිකරන්න පුළුවන් අවම. විදුලිය මිලදී ගැනුම් මිල අපි සරලවම GP1 යටතේ ගත්තොත් ඒකකයට 22.85. වඩාත් වාසිදායක අය ක්‍රමත් තියෙනවා ඒකකයට 12.20 ගනනේ ගෙවෙන.

මේ අනුව ඒකකයකට අවම ලාභය රුපියල් 37.15 වෙනවා. එනම් ඔබේ මාසික දළ ලාභය රුපියල් 111,450 . ඔබේ සම්බන්ධතාව අඩු අය ක්‍රමයක නම් දළ ලාභය රුපියල් 143,400 වෙනවා.

දැන් බෙදන්න ඔබේ ආයෝජනය මාසික ආදායමෙන්. GP 1 සාමාන්‍ය අය ක්‍රමය යටතේ ඔබේ ආයෝජනය සම්පුර්ණයෙන් ගෙවෙනවා මාස 18 කින්. විශේෂිත අය ක්‍රමය යටතේ මේ ලාභය තවත් වැඩියි.

මේ දල ගණනය කිරීමක් පමණයි, එමෙන්ම මේ දත්ත පාදක වෙන කරුණු කිහිපයක් තිබෙනවා. ඇමතුම් පිටුව ඔස්සේ අප හා සම්බන්ධවෙන්න වඩාත් සාර්ථක ආයෝජන අවස්තාවක් උදෙසා. www.mobility.lk

About the DCFC developer

JLANKA® is the leading renewable energy supplier that offers advanced technical solutions in solar energy and strengthening through cutting-edge European technology alongside Sri Lankan technical expertise with a firm commitment to excellent customer service and quality products. We hold over a 30% market share of local PV energy business and growing. We are with a staff of 400 and islandwide branch network providing unparalleled after sales services.

The Proposition

Supply & install AC level 2 Chargers and Level 3 DC Fast chargers for EV in a selected locations of yours. https://goev.lk/products/product-ex25/

Qualitative returns 

  • Giving a reason for a prospect to visit a business entity, as a point to make a purchase and charge the car as well.
  • Reason to spend more time in your or nearby coffee shop or bar in addition.
  • Even outstation car owners when they come to city, they need a recharge to go back. i.e. to Galle, Negombo or Kandy etc. So they will experience your location and convey message.
  • Minimizing the carbon footprint and becoming a better corporate citizen in a breen business.
  • Early mover advantage, prior securing locations
  • Possibility of rebranding and building even a network in future

Quantitative returns

  • Shorter payback / guilt free revenue
  • Revenue on advertising, as we could offer chargers with large screen display.
  • The possibility of adding EV to your fleet, significantly reducing your transport costs

CAPEX

Charger, connection, installation.

OPEX

Utility costs only (energy cost to CEB) . Chargers are fully automated with 24×7 operation

Finance costs

Cost of capital & depreciation.

This is just an outline of the proposition and upon your aligning in principle, we are pleased to elaborate on a firmer plan with the Capital expenditure and ROI.

2 thoughts on “Fast Charger Investment”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *