Skip to content

වේග ආරෝපණ නරකද?

වේග ආරෝපණය හොදද නරකද යන්න අපිට තියන ප්‍රශ්නයක්, වෙන්නේ බොහොම අඩුවෙන් වුනත්. මේ ලංකාවෙ ධාවනය වෙන ලීෆ් එකක බැටරියේ තත්වය (SOH) පෙන්වන වාර්තා, ලීෆ් ස්පයි එකෙන්. එකම රථය කිලෝමීටර් 136,000 සහ තවත් දාහකින් පස්සේ ගත්තු වාර්තා.

ඔබට පේනවා ඇති 137,000km දී වේග ආරෝපණ 1735 SOH 64%. 136,000 km දී වේග ආරෝපණ එම ප්‍රමානයමයි (1735) නමුත් SOH 69%

මෙම රථයේ අයිතිකරු වන ලක්නාත් සන්නසූරි මහත්මයාට අනුව මෙයින් ගම්‍ය වනුයේ 1,000 km කදී එක fast charge නොමැතිකම නිසා 5% කින් SOH අඩු වුනා. මෙම රථයේ හිමිකරු තැන බැටරියේ සව්ක්‍යය ගැන නිතර පරීක්ෂාවෙන් ඉන්නේ. මේ නිගමනයට ඔහු එළඹුණේ මෙම දත්ත මත පමණක් පදනම්ව නොවේ, මේ හා සමාන පර්යේෂණ ඔහු කීප වතාවක්ම කර තිබෙනවා.

ඔහු පවසන්නේ කිලෝමීටර් 500කට එක fast charge එකක්වත් කරනවානම් කිසිම ගැටලුක් නැතිව 200,000 km ධාවනය කල හැකිවන බවයි.

ඒ සමගම කිවයුතුයි ලංකාවේ දැනටම කිලෝමීටර් ලක්ෂ දෙක ඉක්මවා ධාවනය කල ලීෆ් රථ තියනබව, දැනටත් හොඳ රේන්ජ් එකක් ලබාදෙන. මේ ඉන් එකක්, නිතර ෆාස්ට් චාජුත් වදින.

ලංකාවේ ලක්ෂ දෙක දුවපු ලීෆ් එකක්

නමුත් මේ දත්ත වලින් කියන්නේ ෆස්ට් චාජ් හොඳයි කියල නෙමෙයි. කොහොමටත් ලංකාවේ වේග අරෝපක වල අවශ්‍යතාව ඉතාමත් සීමිතයි, අලුතින් එන විදුලි රථවලට. මොකද එයයේ රේන්ජ් එක අපේ දෙනික පමණක් නොවෙයි කිහිප දිනකටම සැහෙනවා , වසර ගනනාවකක් ඉදිරියට. ෆස්ට් චාජ් අවශ්‍ය වෙයි දුරගමනක් යන අයට. ඒත් කොළඹ ඉඳල මඩකලපුවට දැන් මග චාජ් නොකර යන්න පුළුවන්.

ගෝලීය දත්ත අනුව ඔබ නොකඩවා ෆස්ට් චාජ් කලොත් ඔබේ බැටරි ක්ෂයවීමේ වේගය වැඩිවෙනවා, ලංකාවට අදාළ නොවුනත් අපේ සීමිත ධාවන සහ නිවසේ නොමිලේ වගේ ආරෝපණය කලහැකිවිට.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *