Skip to content

ආර්ථිකය, පරිසරය, කාර්

සැරිසර අපේ ජීවිතවල කොටසක් එය අපව සතුටු කරවනවා. වෘත්තිමය සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වන ගමන් බිමන් වලින් පවා අප තෘප්තිමත් වීම අත්‍යවශ්‍යයි.

නමුත් කාර් සහ නඩත්තුව කියන්නේ වියදමක් පමණක් නෙමෙයි පරිසර ගැටළුවක්. නමුත් අත්‍යාවශ්‍යයි. මේ ටිප් දහයක්, ශරීර සුවතාවට , පරිසරයට සහ ආර්ථික තත්වයට මෝටර් රථ නිසා වෙන බාධා අවමකරගන්න. එමෙන්ම පව්ද්ගලික වාහන අත්‍යාවශ්‍යද යන්නත් සලකා බලන්න.

කාර් ගැන තීරණ ගනිද්දි අපි සුහුරු (ස්මාට්‍) වියයුතුයි, අපේ ගමන් අවශ්‍යතාවයන් සහ ආර්ථිකය මෙන්ම සමාජයීය තත්වයන් ගැනත්. ඒවා අත්‍යාවශ්‍ය කරුණු. නමුත් අපි බොහෝවිට යැපෙන්නේ ජනප්‍රිය කරුණු මත, ඒවා ඇතැම්විට වැරදි වුනත්. කොහොම වුනත් අප වාහනයකට ආයෝජනය කිරීමේදී ආර්ථික ලාභ වලට ප්‍රමුඛතාවක් දියයුතුයි අනෙත් සාධක වලට වඩා.

Tip 1 – අපේ ගමන් බිමන් රැකියාව, පවුල සහ විනෝදය මත තමයි යැපෙන්නේ. හැකි හැමවිටම පොදු ප්‍රවාහන සේවා භාවිතය ඔබේ වියදම් පමණක් නෙමෙයි කාබන්පාදය අවම කරනවා, විශාල සමාජ මෙහෙවරකුත් සමග. ගැටළු තියනවා, නමුත් ත්‍රී රෝද රියකට වඩා ආරක්ශාකාරීය්, වගකීම් සහිතයි. ඇතැම්විට පව්ද්ගලික රථයකින් යනවාට වඩාත් හොඳවෙයි, සියලු පැති සැලකීමේදී.

Tip 2 – පරිසරය ගැන සැලකිලිමත්වෙන්න. විශේෂයෙන්ම මේ දිනවල මෙන්ම ඉදිරියටත් ලෝකෙට දරුණු විදියට බලපාන වායු දුෂණය සහ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම ගැන. ඔබේ මෝටර් රථයේ පිටාර වායු ගැන සලකිලිමත්වෙන්න. අපේ දුම් පරීක්ශාව බොහෝ ප්‍රාථමික මට්ටමේ. හයිබ්‍රිඩ් රථ පවා විෂ වායු විමෝචනය කරනවා භාවිතය සහ ක්ෂයවීම මත.

Colombo SMOG in November 2019

Tip 3 – බෝතල් කල ජලය ප්‍රතික්ෂේප කරන්න. හැමවිටම නැවත පිරවිය හැකි වතුර බෝතලයක් ළඟ තියාගන්න. පාරේ නැතිවුනත් බොහෝ ආයතනයකට, බැංකුවකට සාප්පුවකට අතුල්වුනාම වතුර දිස්පෙන්සරයක් තියනවා, පුරෝගන්න. වතුර බෝතලයක් අතේ තිබීම ස්ටයිල් එකක් විතරක් නෙමේ ඔබේ නුවණැති බවේ සංකේතයක් බව දන්නවාද?

Tip 4 – බෑගයක් ගෙනියන්න යන හැම තැනම, ඒ බෑග් එක ඇතුලෙත් තව නැවිය හැකි ඒවා කිහිපයක් තියාගන්න. නොමිලේ දෙන බෑග් ප්‍රතික්ෂේප කිරීම දැන් ආඩම්බරයට කරුණක්. එමෙන්ම ප්ලාස්ටික් ඇසුරුම්වල ඇති ඕනෑම දෙයක් මිලදීගැනීමට පෙර ආදේශක ඇත්දැයි විමසන්න.

Tip 5 – වාහන තදබද මගහැරීම ගැන විශේෂයෙන් සැලකිලිමත්වෙන්න . එය ඔබට මෙන්ම සමාජයටත් කරන ඉතිරියක්.

Tip 6 – හැමවිටම ඔබේ වාහනය අන් අයට බාධා නොවෙන පරිදි සහ රතගාලකම නවත්වන්න. පාරවල් අයිනේ නැවත්වීම නීති විරෝධී පමණක් නොවෙයි, සමාජමය හානියක්. ටිකක් ඈතින් හරි නවත්වලා පයින් යමු, එය සුවතාවේ අංගයක්. කාරෙකේ සැප පහසු පාවහන් යුවලක් තියාගන්න නිතරම.

Tip 7 – දන්නවාද මංතීරු නීතිය අනුගමනයෙන් අපි හැමෝම අත්විඳින තදබදය විශාල වශයෙන් අවමකරගතහැකි බව. හැමවිටම වම් මන්තීරුවෙන් ධාවනය කරන්න, ඉස්සර කිරීමකදී හෝ දකුණට හැරවීමකදී හැර. බෙදාගන්න මේ ලිපිය, විශේෂයෙන්ම ත්‍රී රෝද රථ සහ බස් රියදුරන් සමග.

Tip 8 – ඔබේ වාහනය දුර ගමනට සූදානම්ද කියල සලකලා බලන්න. විශේෂයෙන් විදුලි රථයක් නම් අපි බොහෝ දෙනා නිෂ්පාදකයා කියල තියන  පරීක්ෂාවන් අමතක කරනවා. ඉන්ධන රථයක සේවා වියදමෙන් ඉතා සුළු ප්‍රමාණයක් වැයවෙන්නේ, නමුත් බොහෝ වාසි සහගතයි.

Tip 9 – Reduce, Reuse, Recycle! අපි අමතක කරනවා බොහෝවිට හොඳම දේ, එනම් අවම කිරීම (Reduce). මෙය පරිසරයට පමණක් නෙමෙයි අපේ ආර්ථිකයට කෙලින්ම බලපානවා. 

Tip 10 – ඔබ වාහනයක් මිලදීගැනීම ගැන හිතනවානම් සලකා බලන්න විදුලි රථයක් ගැන. එය ඇත්තෙන්ම ලභාදායීයි, ඔබේ සාක්කුවට මෙන්ම පරිසරයට සහ සමාජයට. දැනගන්න ඔබට විදුලි රථයක් ගැලපෙනවද කියල. https://evrev.lk/2019/08/02/best-time-to-buy-an-ev/

ඔබේ බජට් එක ලක්ෂ 15 ~ 40 අතරනම්. https://evrev.lk/2019/11/03/buying-a-second-hand-ev/

බජට් එක ලක්ෂ පනහට වැඩිනම් https://evrev.lk/2019/08/23/why-buy-ev-qa/

2019 Nissan Leaf EV with a range of 270+ KM from LKR 5.4M upwards

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://evrev.lk/grow-with-us/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *