Skip to content

වතුරෙදි විදුලි රථ?

පොඩිකාලේ ඉඳන් අපි අහල දැනගන තියෙන්නේ වතුරයි විදුලියයි එකට නොයන බව. බාත්රූම් එකේ අපි කොණ්ඩා වියලනයට ප්ලග් එකක් දුන්නෙත් නැහැ. නමුත් මෝටර් රථ භාවිතයේදී බලාපොරොත්තු නොවන වතුරට අහුවෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. අසාමාන්‍ය කාලගුණ වෙනස්වීම් සහ ජලය බැසයාමට ඇති බාධා නිසා.

ඉන්ධන රථ සහ ජලය

ඉන්ධන රථ වලදී ප්‍රශ්නය වුනේ එන්ජිමට, පහළින්ම ඇති හබ් වල සිට සියලු චාලක කොටස් වලට සහ විදුලි කොටස් වලට ජලය ඇතුළුවීම නිසා වාහනයට හානිවීම. ජීවිත හානි වුනේ ගහගෙන ගියොත් විතරයි. ඒක නම් අපේ පාලනයේ තියෙන්නේ. නමුත් අමතක කරන්න එපා ගලායන ජලයයි පිරුණු ජලයේයි විභවය අතිශයින් වෙනස් බව.

කෙටියෙන් කිව්වොත් අගල් 12 ගැබුරු ගලායන ජල පහරකට කුඩා රථයකුත් අඟල් 24ක ජලයට විශාල වාහනයකුත් පාරෙන් ඉවත්කරන්න පුළුවන්. විභව ශක්තිය එතරම්ම බරපතලයි.

ඉන්ධන රථයක් වතුරෙන් හානිවිය හැකි කොටස් බොහොමයක් තියනවා. එන්ජිම, ගියර පද්ධතිය, හබ්, සියලුම ද්‍රව වර්ග, බ්රේක් සහ වෙනත්, ඔල්ටනේටර් ආදී පද්ධති වශයෙන්. මේ හානි අලුත්වැඩියාව ගැන මෙතනින් දැනගන්න.

විදුලි රථ සැකැස්ම සහ කොටස් සරලයි.

අපි දන්නවා විදුලි රථවල එන්ජිමක්, ගියර පද්ධතියක්, නොයෙක් අන්දමේ තෙල් වර්ග යනාදිය නැතිබව. නමුත් අධි වෝල්ටීය බැටරියක්, මෝටර, පාලන පද්ධති යනාදිය එකතුවෙලා. සාමාන්‍යයෙන් මේ පද්ධති ජලයට ඔරෝත්තුදෙනවා, එනිසා විදුලි සර වැදීමේ අනතුර අවමයි. එමෙන්ම මෙය පිළිගත් පරීක්ෂණ වලිනුත් ස්ථිර කර තියෙනවා.

මේ ටෙස්ලා සමාගමේ එලෝන් මස්ක් කියපු දේ, ටික වෙලාවක් පාවෙන්නත් පුළුවන්ලු !

ටෙස්ලා පමණක් නෙමෙයි

අනෙක් සියලුම විදුලි රථ සැලසුම් සහ නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්ධන රථ වලට වඩා හොඳින් වතුරට ඔරොත්තු දෙන්න. BMW i3 මැනුවල් එකේ තියෙන්නේ මෙහෙමයි.

“Drive though calm water only and only if it is not deeper than 9.8 inches/25 cm and at this height, no faster than walking speed, up to 3 mph/5 km/h.”

i3 එක තරමක් පාතයි , විශේෂයෙන්ම බැටරි පැක් එක. ඒ නිසා වෙන්න පුළුවන් අඩු අගයක් තියෙන්නේ. ඒ එක්කම ඔවුන් කියනවා බැටරි පක් එක මුද්‍රා තබා ඇතිබව ජලයට ඔරොත්තු දෙන අන්දමට.

නිසාන් ලීෆ් ජලය හරහා ධාවනයක්

අනෙක් විශේෂත්වය තමයි විදුලි රථවල ඒවායේ ඇති විශාල විදුලි උපාංග සහ පරිපත නිසා නොකඩවා වෙන ආරක්ෂක පරීක්ෂණ කුඩා විදුලි කාන්දුවක් වුවත් නිරීක්ෂණය කරගන්නවා. එනම් අධි වෝල්ටීය විදුලිය අනෙකුත් කොටස්වලට සම්ප්‍රේෂණය වනවාද යන්න.

For example power management system inside the battery pack could detect if the battery is potentially unsafe and would simply not function if there’s a fundamental safety problem.

මොනවාද රිස්ක්?

මේවායින් අදහස් වෙන්නේ නැහැ විදුලි රථයක් ඔබට බෝට්ටුවක් මෙන් භාවිත කල හැකියි කියා. ඕනෑම රථයක් ජලයේ භාවිතයේදී ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිපැදිය යුතුයි. අනෙක කොපමණ මුද්‍රා තබා තිබුනත් ඉතා තද ජල ධාරා බැටරිය තුලට ඇතුළුවිය හැකියි. අඩි හතරක් පමණ ගැබුරු ජලයේදී බැටරිය තුලට ජලය කාන්දු වූ අවස්ථා දෙකක් ලෝකේ තියනවා.

වතුරේයන විදුලි රථ බලමු

ඇතිතරම් වීඩියෝ තියනවා විදුලි රථ සමාන ඉන්ධන රථ වලට යා නොහැකි ජලයේ ධාවනය වන අන්දම ගැන. ඉස්සෙල්ලම ටෙස්ලා මොඩල් S එකක් ඉන්ධන රථ යා නොහැකිව නැවතී ඇති ජලයේ ධාවනයවෙන සැබෑ ජීවිතයේ වීඩියෝවක්. https://www.youtube.com/watch?v=cBYFo6fXPvU&feature=youtu.be

මෙන්න බලන්න අපට හුරුපුරුදු නිසාන් ලීෆ් වතුරේ යන විදිය. මෙය පරීක්ෂණ ධාවනයක්. පේනවා නේද ජලමට්ටම හෙඩ්ලයිට් ලෙවෙල් එකේ, ඒ කියන්නේ අඩි දෙකක් පමණ ගැඹුරු ජලය. https://www.youtube.com/watch?time_continue=50&v=Y9plRzRZ_PY&feature=emb_logo

ඊළඟට BMW i3 සහ i8 ජලයේ https://www.youtube.com/watch?time_continue=2&v=JfB5VGIarLo&feature=emb_logo

අන්තිමට, විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආරක්ෂිතයි වගේම බලසම්පන්නයි වතුරේදීත්. නමුත් මතක තබාගන්න ඔබ වතුර හරහා යායුතු ඒ අත්යාවශ්යනම් පමණයි, ඒ රථයටත් වඩා ඔබේ ආරක්ෂාවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *