Skip to content

හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!

විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවෙනව මේ වසරෙ මෙගාවොට් 300 ක බලශක්ති හිඟයක් (ඉල්ලුම සහ සැපයුම අතර පරතරය) විදුලි මිලදීගැනීම් වලින් පුරවන්න.

පුනර්ජනනීය බලය විසඳුමක් විදියට මණ්ඩලය හෝ රජය දකින්නේ නැහැ.

මේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙන ආචාර්ය විදුර රැලපනාව පෙන්වන දැක්ම. කොහොමද මේ ගැටලුව සූර්ය බලශක්තියෙන් සහ ජලවිදුලියෙන් විසදන්නේ කියල.

මුලින්ම ආචාර්ය රැලපනාව ජනවාරි මාසයේ දින දෙකක ජනනය විශ්ලේෂණය කරනව. 2020 ජනවාරි 2 සහ 5 – වෙනස්වීම් රටාව පෙන්වීමට අවශ්‍යනිසා, සතියේ දිනයක් සහ ඉරිදා.
.
ඊළඟට වැදගත් දත්ත කිහිපයක්.
අපේ රටේ ඕෆ්පීක් ජනනය (1.1GW – 1.2GW) සහ පීක් (2.3GW – 2.4GW) බොහෝලෙස වෙනස් නොවුනත් දිවා කාලයේ ජනනය සැලකියයුතු විදියට වෙනස් වෙනවා, 1.2GW සිට 2.1GW දක්වා, මේක විශාල වෙනසක්.

අපේ පියසි සූර්ය බලශක්තිය මෙගාවොට් 200 ක් පමණ වන නිසා සතියේ දිනවල රාත්‍රී උපරිම හා දිවා උපරිම අතර සැබෑ වෙනස මෙගාවොට් 200 ට වඩා අඩුවිය යුතු වෙනවා. අමතක කරන්න බැහැ දවසේ උපරිමය වේගයෙන් වර්ධනය වෙන බවත්.

දින දෙකේ විචලනය 5GWh (12%) වෙනවා, මේ වෙනස දවල්ට දැනට සමපාත කරන්නේ ජල විදුලියෙන්. පස් වනදා (5) දිවා කාලේ ජලවිදුලි පරිභෝජනය මෙගාවොට් 400 ක් පමණ වෙනකොට දෙවනදා (2) එය මෙගාවොට් 1200 ක් විතර වෙනවා!

අපට 3GW ට වඩා වැඩි ස්ථාපිත ධාරිතාවක් තියෙන නිසා රාත්‍රී උපරිම අවශ්‍යතාව සමකිරීම ලොකු ගැටළුවක් වෙන්නෙ නැහැ.

නමුත් ප්‍රශ්නය වෙන්නේ සතියේ දිනවල දිවා කාලයේ අධික ලෙස ජල භාවිතය නිසා, නිරිතදිග මෝසම් වැස්ස ලැබෙන්න පෙර අපට ජල හිඟයකට මුහුණදෙන්න වෙන එක.
තවත් දෙයක්, අපේ ජලය අවසන්වෙන දිනය රඳා පවතිනවා නියං කාලෙ තුළ නොරොච්චෝලේ කොපමණ බිඳවැටීම් සිදුවෙනවද කියන එක මතත්.

නමුත් අපි දන්නවා අවම අවශ්‍යතාව, දවල්ට සූර්යබල පද්ධතිය මෙගාවොට් 250 ක් තරම් ප්‍රමාණයකින් භාවිත විය යුතුයි. ඕෆ් පීක් එකට ජල විදුලිය භාවිතාකරල, පීක්‌ එකේදී ජල විදුලිය ඉහලට ගතහැකියි.

මේ විදියට අප ක්‍රියාත්මක වුනොත් සතියේ දිනකට දළ වශයෙන් 6GWh ජල ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්.
ඒ කියන්නේ ජලවිදුලිය ග්‍රිඩ් එකට උදව් වෙන කාලය 25% පමණ දික්වෙන බව. ඒවගේම මේ බලශක්තියෙන් තවත් ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් අලුතින් සුර්ය බල පද්ධති එක්කිරීමෙනුත්.

අනෙක සුර්යබලය නිසා පීක් කාලය තුල තර්මල්/ඩීසල් ජනනය අවම කරලා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගන්නත් පුලුවන්වෙයි.

මේ සඳහා දිවා කාලසීමාවේ ජලවිදුලිය කාර්යක්ෂමව සහ සුහුරුව භාවිතවිය යුතුයි, බැකප් එකක් විදියට, ග්‍රිඩ් එක බැලන්ස් කරන්න.
වැස්ස දවස්වලටත් ජලවිදුලි ධාරිතාව වැඩි කරගන්න පුළුවන්, සෝලාවල එන අඩුව පුරවන්න.

මේවා කරන්න සිස්ටම් එක නම් සුහුරු විය යුතුයි, යටිතල පහසුකම් උසස්කළ යුතුයි. ඒවා අපට ගොඩක් කාලෙක ඉඳන් අවශ්‍යව තිබුණු දේවල්, අනාගතේට අත්‍යාවශ්‍යයි මෙතෙක් නොකෙරුනාට.

කනගාටුවට කරුණ මේ වගේ විසදුම් සාකච්චාවට භාජනය නොවීම ⁉️
සාකච්චා පටන්ගන්නෙයි ඉවරවෙන්නෙයි දෙකම තර්මල් එක්ක, මදිපාඩුවට හදිසි විදුලි මිලදීගැනීමුත් එක්ක.?

සුළුදෙයයි කළයුතුව තිබුනේ හෝ දැන්වත් කලයුතු, අවුරුදු ගානක ඉඳන් කතාකරන, පව්ද්ගලික අංශය දෙන්නත් ලෑස්තිවෙලා ඉන්න වහල සහ පොලව මත සවිවෙන සුර්ය බල පද්ධති ස්ථාපනය සහ සුහුරු පාලනය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *