Skip to content

ටෙස්ලා – Rocking the ICE boat

ජනාධිපති ට්‍රම්ප් කියනවා ටෙස්ලා සමාගම ඉදිරියට ගෙනයන්න කැපවෙන බව. පුදුමයක් මේක, සුනීත්ය බලශක්ති ආයතනවල කකුලෙන් ඇදපු ඇමරිකානු පාලනය දැන් මෙහෙම ප්‍රකාශ කිරීම.

ට්‍රම්ප් ගේ වචනයෙන්ම කිව්වොත් “Shocking how well, how it’s come so fast, You go back a year and they were talking about the end of the company and now all of a sudden they are talking about these great things. He’s going to be building a very big plant in the United States. He has to because we help him so he has to help us.”

නමුත් ඇමරිකාවේ දෙවන ප්ලාන්ට් එකක් හදනව කියල මස්ක් නම් තවම කියල නැහැ. අපේ දේශපාලකයොත් කුලියාපිටියේ ප්ලාන්ට් හැදුව මතකනේ, කිසිදු පසුබිමක් නැතුව.

Market Capitalization (Value)

කියන්න මුලපිරුවේ වෙනදෙයක්!

ටෙස්ලා සමාගම වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන සීය පහුකලා, ලෝකේ දෙවන වටිනාම මෝටර් රථ සමාගම බවට පත්වෙමින්.

එනම් සමාගමක නිකුත්කළ මුළු කොටස් ප්‍රමාණය එක කොටසක මිලෙන් වැඩිකරාම ලැබෙන උත්තරය. ඇත්තටම යම් සමාගමක් වෙනුවෙන් කොටස්හිමියන් විසින් ආයෝජිත මුළු මුදල, නැත්නම් එහි වටිනාකම.

පළවෙනියා ටොයෝටා, ගොඩක් ඉදිරියෙන් ඩොලර් බිලියන දෙසීයකට වැඩි වෙළඳ වටිනාකමක් එක්ක. පසුකරේ වොක්ස්වැගන්, වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන අනූවයි.

මෙතන විශේෂ දෙයක් තියනවා. ටෙස්ලා දෙවනියා වුනේ 2019 වසරෙදි විදුලි රථ 370,000 විකුනලා, ඒ කාලය තුල වොක්ස්වැගන් සමාගම කාර් මිලියන 11 ක් විකුනද්දී. එමෙන්ම අනෙක් සමාගම් හැම අන්දමේම වාහන නිෂ්පාදනය කරද්දී, ටෙස්ලා විදුලි රථ පමණක් වුවත්.

මේ බිලියන සීයේ ඉලක්කය මස්ක්ට ෂැන්හයි වලදී නටන්න හේතුවකුත් දුන්නා, ලෝකේ වැඩිම පඩි ලබන විධායකයා වීමේ අවස්ථාව නිසා.

සාම්ප්‍රදාය පසුබැසීම

මේ අවස්ථාවේදී වොක්ස්වැගන් සමාගමේ ප්‍රධානියා කරුණු දෙකක් කියලා ඇඟ බේරගන්න හදනවා. ටෙස්ලා සමාගම කාර් කම්පනියක් නෙමේලු, ඒක තාක්ෂණ සමාගමක්ලු. අනෙක වොක්ස්වැගන් වටිනාකම තක්සේරු කරලා තියෙන්නේ අඩුවෙන්ලු.

මේ දෙකම නිකන්ම කියමන්. කාර් සමාගමක් වුනත් නොවුනත් ටෙස්ලා විකුනන්නේ කාර්, තාක්ෂනය නොවෙයි. ඒක ටෙක් සමාගමක් විදියට දාන්න තියන ඉඩ බොහොම අඩුයි.

හොන්ඩා සහ වොක්ස්වැගන් සමාගම් දෙකම ඔවුන්ගේ e සහ ID3 යන නව විදුලි මාදිලි දෙකම 2020 දී වෙළඳපොළට දැම්මට ටෙස්ලා යන ගමන ඔවුන්ට වගේම වෙළඳපොල ප්‍රධානියා වන ටොයෝට සමාගමටත් විශාල ප්‍රශ්නයක් වෙලා. විදුලි රථ ඉදිරියේ ප්‍රියස් වල අලෙවි පරිහානියෙන් ඔවුන් පාඩමක් ඉගනගත්තා, ඔවුන්ගේ විදුලි රථ සැලසුම් ඉදිරියට ගෙනල්ල.

ටොයෝටා හදුන්වාදෙන බව කියන විදුලි රථ

ටෙස්ලා අයත්වෙන සුඛෝපභෝගී කාණ්ඩයට පමණක් නොවෙයි ඔවුන්ගේ වේගවත් ඉදිරිගමන සහ නව දැක්ම දැනටම ලෝකේ සාම්ප්‍රදායික කාර් සමාගම් හැම එකකටම තර්ජනයක් වෙලා.

වාහන විදුලිකරණය, නව සැලසුම් පමණක් නොවෙයි, අධික වියදම් සහිත සහ පාරිභෝගිකයාට වාසි නොසලසන අතරමැදි නියෝජිත ක්‍රමය ඉවත්කිරීම මෝටර් රථ ව්යාපාරික ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමක්.

මේ පරිවර්තන අපට සිහිගන්වන්නේ හෙන්රි ෆෝර්ඩ් වාහන නිෂ්පාදන ක්‍රමවේදයට කරපු වෙනස්කම්. නමුත් එලෝන් මස්ක් ගේ පරිවර්තන එයිනුත් ගොඩක් එහාට ගිහින්, සැලසුම්කරණය (Design ), නිෂ්පාදනය, අලෙවිකරණය සහ Operations යන හැම පැත්තෙන්ම.

ඉතින් අප එලෝන් මස්ක්ව අපේ කාලයේ ලියනාඩෝ ඩාවින්සි ලෙස දැකීම වැරදි වෙන එකක් නැහැ!

තර්ජනය හැම අතින්ම

අලුත්ම නිෂ්පාදනය මොඩල් Y එන්නේ පේටන්ට් ගතකල නිෂ්පාදන ක්‍රමයකට. යුනිබොඩි තාක්ෂණයේ අධික වියදම් සහිත වෙන්වූ තහඩු පැනල සහ ඇලුමිනියම් කොටස් එකලස් කිරීමේ ක්‍රමවේදයට රොබෝලා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් එක විශාල රොබෝ යන්ත්‍රයක් අධාරයෙන් කලින් කොටස් 70 පමණ එකතුකර සෑදූ බඳ දැන් තනි කොටසකට සාදනවා.

When we get the big casting machine, it’ll go from 70 parts to 1 with a significant reduction in capital expenditure on all the robots to put those parts together.

– එලෝන් මස්ක් 2019 වසරේදී කියපු දේ, දැන් සැබෑවෙලා.

එමෙන්ම විදුලි පරිපත පවා ඔවුන් සරල කරලා රොබෝ යන්ත්‍ර භාවිතයෙන් එකලස්කිරීමට. මේවා සම්ප්‍රදායික සමාගම්වලට දීර්ඝකාලීන තර්ජන වෙනවා.

ටෙස්ලා ඉදිරියටම යනවා, 2020දී විදුලි රථ 500,000 පාරට දාන ඉලක්කයත් එක්ක. සම්ප්‍රදායෙන් ටෙස්ලාට වැඩක් නැහැ, ඒක හොඳටම පේනවා සයිබට්‍රක් ඩිසයින් එකෙන්ම. සම්ප්‍රදායික සමාගම් වන ටොයෝටා, වොක්ස්වැගන්, මර්සිඩීස් සමාගම් වල අනාගත සැලසුම් ටෙස්ලා දිහා බලාගන කරන තත්වයට වැටිලා.

ටෙස්ලා මොඩල් 3, 2019 වසරේ ඇමරිකාවේ සම්පුර්ණ සුඛෝපභෝගී වාහන ප්‍රමාණයට වඩා (එම කාණ්ඩයේ මර්සිඩීස් බෙන්ස්, බීඑම්ඩබ්, අවුඩි සහ ලෙක්සස් යන හතරේම අලෙවියට වඩා) අලෙවිකිරීම ලජ්ජාවට කරුණක් ශතවර්ෂයක් පැරණි මෝටර් රථ සමාගම් වලට, දශකයක් වයස සමාගමක් ඉදිරියේ.

ලංකාව සුදානම්ද ?

අප වාහන නිෂ්පාදන රටක් නෙමෙයි, වේගා ලොකු පිම්මක් ඉදිටියට තිබ්බට. ඒක වෙනම පැත්තක්. මීළඟ දශකය තුල අපි යැපෙන්නේ ආනයනික වාහන මතයි.

Subscribe us to get updated on the environment and Sustainable mobility in a Sri Lankan context.

අපේ වාහන වෙළඳපොල ප්‍රශ්නයක් තියනවා, නව ක්‍රමවේදයන්ට සහ ජීවන තත්වයන්ට අනුගතවීම වෙන්නේ බොහෝවිට අනුකරණය මත නිසා.

විදුලි වාහනවල ලාභදායී බව සහ මුළු ආයෝජන වියදම අඩුබව තර්කානුකුල ගණනයකිරීම් වලින් තේරුම් ගන්න හදන්නේ සහ ඒ අනුව තීරණ ගන්නේ සුළු ප්‍රමාණයක්. මෙතනින් කියවන්න ඒ ගැන තව දුරටත්: https://evrev.lk/2019/08/23/why-buy-ev-qa/

ගෝලීය ප්‍රවාහනය අතිශයින් වෙනස් වෙනවා ඉදිරි දශකය තුල, ප්‍රධාන ප්‍රවාහන බලශක්තිය විදුලි බලය වීමෙන්, ලංකාව ඒ තත්වයට මුහුණදෙන්න කිසිදු සුදානමක් නැහැ, අවම වශයෙන් හිතලාවත් නැහැ. තත්වය අතිශයින් කනගාටුදායකයි. කියවන්න මෙතනින්. https://evrev.lk/2019/09/21/energy-for-evs-by-2040/

කියවන්න ටොයෝටා ටෙස්ලාට පරදින්න යන විදිය මේ ලින්ක් එකෙන්: https://evrev.lk/2019/06/09/toyota-plans-to-lose-to-tesla/

Subscribe EVREV to get updated on the environment and Sustainable mobility in a Sri Lankan context.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *