Skip to content

හයිබ්‍රිඩ් 2035 තහනම්!

බ්‍රිතාන්‍යය 2035 දී ක්‍රියාත්මක කරන්න තීරණය කරල, ඔවුන්ගේ 2040 ට තිබුන ඉන්ධන භාවිත රථ අලෙවි තහනම. විශේෂම දේ තමයි මේ තහනමට හයිබ්‍රිඩ් වාහනත් විශේෂයෙන්ම එකතුවීම.

ඩේවිඩ් ඇටෙන්බරෝ ආදිපාදතුමා

ගස් වැවීමෙන් හෝ ප්ලාස්ටික් අවම කිරීමෙන් පමණක් කාලගුණ වෙනස පාලනය කල නොහැකි බව අප අවබෝධ කරගත යුතුයි. බ්‍රිතාන්‍යය කියන්නෙත් ඔවුන් අවම වශයෙන් Net Zero Carbon තත්වය 2050දී අත්කරගැනීමට නම් පොසිල ඉන්ධන භාවිත වාහන අලෙවිය ඊට වසර පහළොවකට කලින්ම, එනම් 2035 නවත්විය යුතු බව.

ලංකාව මේ තත්වය දැන්වත් අවබෝධකරගත යුතුයි, මොකද අපේ විශ්වාසය තියෙන්නේ සහ ප්‍රතිපත්තිවල කියවෙන්නෙත් හයිබ්‍රිඩ් පරිසර හිතකාමී විදියට. මේ විශාල වැරදි වැටහීමක්.

නමුත් තත්වය බෙහෙවින් වෙනස්, සුලුකලකදීම හයිබ්‍රිඩ් රථ අහිතකර වායු විමෝචනය අතින් පමණක් නොවෙයි පරිසරයට බැර ලෝහ එකතුකිරීමේ ව්‍යසනයට බෙහෙවින් දායක වෙනවා.

පූර්ණ විදුලි රථවල භාවිත බැටරි ප්‍රතිචක්‍රීකරණයට පෙර අවම වශයෙන් වසර විස්සක්වත් භාවිත වුනත් හයිබ්‍රිඩ් බැටරි වසර පහක් තුල පොලවට එකතුවෙනවා වෙනත් කිසිදු දෙයකට නැවත පාවිච්චිකළ නොහැකි නිසා.

විදුලි රථවල මිළ, යටිතල පහසුකම්, අවශ්‍ය බලශක්තිය වෙනත් රටවලටත් තියෙන ගැටළු. නමුත් අපේ රටේ තත්වයන් තුල අපට ඒවා වඩාත් පහසුවෙන් විසඳිය හැකියි, විශාල රටවලට වඩා. අපට නැත්තේ දැනුවත්වීම සහ රාජ්‍ය අංශයේ කැපවීම.

විශාලම ගැටළුවක් වැරදි වැටහීම් සහ කෙටිකාලීන සහ පුද්ගලික ලාභ මූලික වීම විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයේදී.

යම් හේතු නිසා ලංකාවේ විදුලි රථවල මිල ඉන්ධන රථවලට වඩා අඩුයි, වෙනත් රටවල මේකේ විරුද්ධ පැත්ත. ඒත් තවමත් අප ඉන්ධන සහ හයිබ්‍රිඩ් රථ මිලදී ගන්නවා වැඩි මුදල් ගෙවල විදුලි රථවලට වඩා.

ඇත්තෙන්ම විශාල රථවලට බලපාන ප්‍රශ්න අපට නැහැ විදුලි රථවලට අනුගතවීමෙදී. අපට තියෙන්නේ අනවබෝධය, ප්‍රතිපත්තිමය ගැටළු සහ ඉන්ධන මාෆියාවේ බලවත්කම.

Subscribe to us now to get updated on the best sustainable mobility solutions in both local and global contexts. Benefit better to own finances and to the society.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *