Skip to content

ස්ක්‍රැප් වැඩසටහන්

එක්සත් ජනපදය සහ වෙනත් බොහෝ රටවල් දැඩි විමෝචන සම්මතයන් ක්‍රියාත්මක කිරීමත් සමඟ “Cash for Clunkers” ස්ක්‍රැප්  ප්‍රතිපත්ති හඳුන්වාදුන්න. ළඟදී වාහන ස්ක්‍රැප් ප්‍රතිපත්ති ගෙනා රටවල් අතරට එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය ආදී රටවලුත් ඇතුළුවෙනවා. ප්‍රතිපත්තිමය වසයෙන් නැතිවුනත් බොහෝ රටවල වාහන ධාවනයෙන් ඉවත්වෙනවා වටිනාකමට අදාළ ප්‍රයෝජනය නැතිවීමත් සමග.

දැන් ඉන්දියාවත් වසර 15කට වඩා පැරණි. බර සහ සැහැල්ලු වාහන පමණක් නොවෙයි මෝටර් සයිකල් සහ ත්‍රී රෝද රථ පවා අහෝසි කිරීමට පියවර අරන්.

මේකේ බලාපොරොත්තුව කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.

2020 වන විට ඉන්දියාවේ පැරණි හෝ පාවිච්චි කළ වාහන මිලියන 30 කට වඩා තියෙයි කියල කියනවා. එපමණක් නොව, පාර අයිනේ පාවිච්චි නොකරන ලද පැරණි වාහන භාවිතා කිරීමට පටන් නොගන්නේ නම් අයිතිකරුවන්ට දඩුවම් ලැබෙයි කියලයි කියවෙන්නේ. මේ ප්‍රතිපත්තියේ කියවෙන්නේ වාහන අවුරුදු 15 ක සේවා කාලයක් අවසන් කිරීමෙන් පසු නැවත ලියාපදිංචි නොකළ යුතු බවයි. 

ඒ අවස්ථාවේ අයිතිකරුවන්ට ඉන්දියන් රුපියල් 40,000 දක්වා වට්ටමක් ලැබෙනවා. නිදසුනක් ලෙස, ඔබ ස්ක්‍රැප් රිසිට්පත නව මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට ගෙන යන්නේ නම්, එවිට නිෂ්පාදකයා ඔබට වට්ටමක් ලබාදෙනව. මහින්ද්‍රා දැනටමත් එවැනි එක් මධ්‍යස්ථානයක් පිහිටුවල, ටොයොටා සහ සුසුකි ත්  එවැනිම මධ්‍යස්ථාන ළඟදීම විවෘත කිරීමට අදහස් කරල.

මේවෙනකොටත් ඉන්දියාවේ වාහන ස්ක්‍රැප් කිරීමේ ප්‍රතිපත්ති නිවේදනය සඳහා ගණන් කිරීම ආරම්භවෙලා. ගෙවන වටිනාකම්ගැටළු තිබුනත් ක්‍රියාත්මකවීම ස්ථිරබව ඉන්දීය රජය නිවේදනය කරල.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය 2011 දී ඇස්තමේන්තු කර ඇත්තේ මෝටර් රථ වලින් නිකුත් වන වායු දූෂණයෙන් 55-60% ක් වන අතර 20-25% ක් කර්මාන්ත නිසා වන අතර 20% ක් දේශීය ප්‍රභවයන්ගෙන්. 60% කියන්නේ ඇති විශාල ප්‍රතිශතයක්, එමෙන්ම වලක්වාගතහැකි. නමුත් වාහන වයස්ගතවීමත් එක්ක ගැටලුව තවත් වැඩි වෙනවා.

දැනට මෙම වාහන ජීවිත කාලය පුරාම පවතින ඒවා වෙලා. මේකට හේතුවක් වටිනාකම් වැඩිවීම සහ ප්‍රයෝජනයට වඩා ආයෝජනයක් ලෙස සැලකීම. මේක විශාල පාරිසරික වගේම ආර්ථික හානියක්. ජාපික ප්රරවාහන ප්‍රතිපත්තියක් නැතිකමත් හේතුවක්.

පැරණි වාහන ඉවත්කිරීම කෙසේවුනත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා, නීතිය අකුලගන්නකන්ම. දැනට පවතින දුම් පරීක්ශාවත් යල් පැනගිය එකක්. සියල්ලටම පෙර ඉතා හොඳ විමෝචන වායු නිරීක්ෂණ සහ පාලන වැඩසටහනක් ලංකාවට අත්‍යවශ්‍යයි.

Based on India

ස්ක්‍රැප් වැඩසටහනක් ලංකාවට අත්‍යාවශ්‍යයි. අවම වශයෙන් අවුරුදු 30 පැනපු වාහන වත් ධාවනයෙන් ඉවත් කරන්න. ඉන්දීය රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න අන්දම අධ්‍යයනය කළ යුතුයි. නමුත් ඉන්දීය ක්‍රමය අපට අදාළ කරගන්න අපහසුයි, අප වාහන නිෂ්පාදනය නොකරන නිසාත්, නිෂ්පාදනය කළත් අදාළ නිෂ්පාදන සහ ආර්ථික නිර්ණායක අනුව පැවැත්මක් නැති නිසාත්.

නමුත් අපට ඉතා හොඳ ක්‍රමයක් ප්‍රති අපනයනය කරන/ලියාපදිංචිය අවලංගු කරන සෑම වාහනයකටම නව වාහන ආනයන බලපත්‍රයක් නිකුත්කිරීම, ලියාපදිංචිය අවලංගු කරන වාහනයට ගෙවන ලද බදු පන්තියට හෝ ප්‍රතිශතයට අනුපාතිකව.

එමෙන්ම, තවත් ක්‍රමයක් අපේ වායුගෝලයට, ඉන්ධන ආනයන වියදමට බලපෑමක් නැති, රටේ සව්ක්ය වියදම අඩුකරන විදුලි වාහනයක් ගෙන්වීමට පහසුකම් සැපයීම. මෙය කලහැකියි ලියාපදිංචිය අවලංගු කෙරෙන ඕනෑම වාහනයකට විදුලි වාහනයක් ආනයනය කෙරෙනවානම් සම්පුර්ණයෙන්ම බද්දෙන් නිදහස් කිරීම සහ ජාත්‍යන්තර අරමුදල් මගින් ආනයන වටිනාකමේ ප්‍රතිශතයක් දැරීම මගින්.

යම් කෙනෙක් නැවත වාහනයක් මිලදී නොගන්නේ නම් ඒ වෙනුවෙන් මුදල් හෝ රාජ්‍ය අරමුදලක කොටස් ප්‍රදානය, මුදල් වැයකළ නොහැකිනම්. වාහන ප්‍රමාණය අඩුකිරීම සාර්ථකව කළහැකි වෙයි පොදුප්‍රවාහනයේ තත්වය ඉහල නැංවීම සහ භාවිතය වෙනුවෙන් දීමනා ලබාදීමෙනුත්.

මේ අපේ වාහන අවශ්‍යතාව ගැන සලකා බැලීමක්. https://mobility.lk/2020/09/06/do-we-need-cars/

කියවන්න එක් වාහන ව්‍යසනයක් ගැන මෙතනින්: වායු දුෂණය නිසා වසරකට මිලියන හතක් මරණයට . ප්‍රවාහනය වායු දුෂණයේ ප්‍රධාන කොටස්කරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *