Skip to content

අනතුරු ඉහළට, නීති ඉවතට!

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දරුණුතම මාර්ග මරණ අනුපාතයක් වාර්තා කරන බව ලෝක බැංකු වාර්තාවක් කියනවා. ඒ ඉන්දියාව, බංග්ලාදේශය, බූතානය වැනි රටවල් සමග. දියුණු රටවල් සමග අපව සැසඳීමේ කොහොමවත් තේරුමක් නැතිවෙයි.

වසරකට තුන්දහසකට වැඩි පිරිසක් පාරේ මියයනවා. එනම් දිනකට අටකට වැඩියෙන්. එයින් තුනෙන් එකක්ම පදිකයින්. මොටර් සයිකල් සහ ත්‍රී රෝද අනතුරු ඉන් අඩකටත් වැඩිය වගකියනවා.

දකුණු ආසියාවේ මාර්ග ආරක්ෂණ ආයෝජන පිළිබඳ මෑතදී ලෝක බැංකු සමූහය (WBG) කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වඩාත් අවදානමට ලක්විය හැකි අඩු ආදායම් ලාභීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිකම, වාහන ප්‍රමාණය සීග්‍රයෙන් වර්ධනය වීම සහ විවිධ ප්‍රමාණයේ සහ වේගයේ මෝටර් රථ මාර්ගයට එක්වීම සහ ගමනාගමනයේ විවිධත්වය මේ අර්බුදය උග්‍රකල බව.. 

ආරක්‍ෂිත වාහන ප්‍රවර්ධනය සහ රියදුරු බලපත්‍ර නිකුත්කිරීම් නීත්‍යානුකුල සහ ක්‍රමානුකුල කරන අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නියාමන බලධාරීන්ට වාහන සහ රියදුරු දත්ත පහසුවෙන් පරිශීලනය කලහැකිවිය යුතු බව ඔවුන් පවසනවා. 

මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට යටිතල පහසුකම්, ආරක්ෂණ සැලසුම් සහ ක්‍රමවේද ශක්තිමත් කිරීම අවශ්‍යයි. ඒ ආරක්ෂණ ක්‍රමවේද තුලට සියලු අන්දමේ රියදුරන්, මගීන්, මාර්ගස්ථ ප්‍රජා සහ ස්ථාන ඇතුළත් විය යුතුයි.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ කොමිෂන් සභා පනත මගින් ජාතික ප්‍රවාහන ආරක්ෂණ කොමිෂන් සභාවක් සහ ඒ සම්බන්ධ අරමුදලක් පිහිටුවීම සඳහා විධිවිධාන සහ ක්‍රියාමාර්ග ඉදිරිපත්කරලා.

හදිසි හා ශක්තිමත් අන්දමින් ඉදිරිපත් කරන්නේ නම්, මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ තිරසාර මාර්ග සුරක්‍ෂිතතාවයට මග පාදන බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙන්නේ.

නමුත් අපි කරන දේ

මාර්ග ආරක්ෂාව ඉහල නැංවීම වෙනුවෙන් කලයුතු දෑ ලංකාවේ ප්‍රවීණයෝ පමණක් නෙමෙයි ලෝකයම අපට පෙන්නලා දෙද්දී අපි කරන්නේ මාරාන්තික අනතුරු වලට මුලිකම හේතුවක් වෙන ත්‍රී රෝද රථ වලට පනවලා තිබුණු මුල් තත්වයෙන් වෙනස් කිරීම පිලිබඳ නීති ඉවත්කිරීම.

වඩාත්ම හාස්‍යජනක දේ මේ දේවල් සාධාරණීකරණය කරන ගමන් ඒවා මාර්ග ආරක්ෂාවට සහ ආර්ථිකයට කරන සේවා ලෙස හුවාදැක්වීමට නීති වෘත්තිකයින්, දේශපාලකයන් සහ පොලීසිය පෙනීසිටීම.

මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන, විශේෂයෙන්ම අඩු අදායම් ලාභීන්ගේ ප්‍රවාහන ක්‍රමවේදයක් වන ත්‍රී රෝද රථ කළමනාකරණයට ගතයුතු පියවර බොහොමයක්. නමුත් ගන්නා ක්‍රියාමාර්ග කනගාටුදායකයි, මේ පිළිබඳව ජාතික ප්‍රවාහන ආරක්ෂණ කොමිෂන් සභාව අදහස් දැක්විය යුතුයි.

ලෝක බැංකු වාර්තාව : http://documents.worldbank.org/curated/en/976361582088610795/Delivering-Road-Safety-in-Sri-Lanka-Leadership-Priorities-and-Initiatives-to-2030

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *