Skip to content

සුඛෝපභෝගී තිරසාර නිවෙස්

තිරසාර දිවිය හැමෝගෙම බලාපොරොත්තුව, එහෙම නැත්නම් Sustainable Living. තිරසාර දිවියක පදනම ප්‍රධාන කරුණු කීපයක්. ඒ සුනීත්‍ය බලශක්ති භාවිතය, සුනීත්‍ය ප්‍රවාහනය, කාබනික ආහාර සහ ව්‍යායාම.

එපමණක් නෙමෙයි. අළුත් ආහාර, කසල කළමනාකරණය, භාවිතාව අවම කිරීම, ජලකළමනාකරණය, සේවා කළමනාකරණය ආදී හැමදෙයක්ම තිරසාර දිවියක අවශ්‍යතා සම්පුර්ණකරනවා.

අපට මේ සියල්ල ලබාගන්න පුලුවන්නම්, ප්‍රතිඵලය ප්‍රීතිමත් සහ සෞක්‍ය සම්පන්න දිවියක්.

මේ සියල්ලම ප්‍රතිපත්තිමය වශයෙන් අප හැමදෙනාම පිළිගන්න කරුණු. නමුත් අද සමාජය අත්දකින නවීන සහ කාර්යබහුල තත්වයන් මත ප්‍රායෝගිකද? පව්ලක් ලෙස අදාළ ආරක්ෂාව සහ සැප පහසුකම්ද සමග මේ සියල්ල ලබාගැනීම, ආයෝජනයේ ප්‍රතිලාභත් සමග තරමක් අපහසුයි.

නමුත් Excel Green Residencies සමාගම ශ්‍රී ජයවර්ධනපුර ගොඩනංවන නිවාස 99 සමන්විත අපාර්ට්මන්ට් සංකීර්ණය සියලුම සුඛෝපභෝගී නාගරික පහසුකම් සමග තිරසාර දිවියක සියලු අවශ්‍යතා සපුරනවා.

පදනමේ සිටම භාවිතාවන්නේ හැකිතරම් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය. එපමණක් නොවෙයි, ඔබගේ බලශක්තිය කිලෝවොට් පැය දෙසීයක් (ඒකක) දක්වා නොමිලේ. ඒ ලැබෙන්නෙත් සුර්ය බලශක්තියෙන්. එනම් අපේ හැම මූලික අවශ්‍යතාවකදිම පුනර්ජනනීය බලශක්තිය පමණක් භාවිත වීම.

ඊළඟට ඔබ ඇත්තෙන්ම ඉන්ධන මත යැපෙන වාහනයකට පවා ආයෝජනය අනවශ්‍යයි. මේ ව්‍යාපෘතියේ තියෙනවා විදුලි රථ රියදුරන්ද සමග ඔබගේ භාවිතය උදෙසා සුදානම්ව. එපමණක් නොවෙයි ඒ විදුලි රථ ඔබේ නිවසට අවශ්‍ය බලශක්ති ගබඩාවක් ලෙසද ක්‍රියාකරනවා.

ගොඩනැගිල්ලේ සහ නිවාසවල වායු සංසරණය පවා සැලසුම් කර ඇත්තේ ස්වාභාවිකවම හැකිතරම් උෂ්ණත්වය පාලනය වන පරිදි, බලශක්ති භාවිතය අවමකරමින්.

ප්‍රීතිමත් දිවියක ප්‍රධාන අංගයක් කාබනික සහ අලුත් ආහාර. මේ සංකීර්ණයේ Vertical Farming ක්‍රමය භාවිතවෙනවා ඔබට අවශ්‍ය කොළ එළවලු වර්ග ගොවිපලේ මිළට, අලුතෙන්ම ලබාගැනීමට. එපමණක් නොවෙයි ඔබට අවශ්‍ය එළවලු වර්ග පවා වැවීම ඔබේ කැමැත්ත මත සිදුවෙනවා.

උදාහරණයක් විදියට ඔබට බ්‍රොකොලි හෝ ස්ට්‍රෝබෙරි වැවීමට අවශ්‍යනම් ඊළඟ මාසයේ එවැන්නක් මෙහි ප්‍රායෝගිකයි. එමෙන්ම අහාර පිළියෙළ කිරීම අවශ්‍යනං ඔබට ගෙදර එන අතරතුර ඇනවුම් කල හැකියි.

මේවා වැවෙන්නේ සම්පුර්ණ පාලිත තත්වයන් යටතේ තියෙන සිරස් ගොවිපලක. කුඩා ගොවිපලක් නොවෙයි හතරැස් ආදී 6,000 ප්‍රමාණයේ ලේයර් 10. එනම් අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක කාබනික ගොවිපලක් තමයි ඔබේ පියස වෙන්නේ. මේ ගොවිපල වසරකට හත් අට වරකට වඩා පලදාවත් ලබාදෙනවා පාලිත තත්වයන් තුල.

මේ සංකීර්ණයේ කාර්යාල පහසුකම්, තිරසාර අහාර සහ වෙනත් දෑ සහිත සුපිරි සලක් ආදී පහසුකම් පවා. ගොඩනැගිල්ල සැලසුම් වෙන්නේම ඔබේ කාලය ඉතිරිවෙන සහ කාර්යක්ෂමතාවය ඉහලනැංවෙන පරිදි.

එමෙන්ම ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ඔබට කිහිප අතකින්ම ලැබෙයි. ඒ ආර්ථික ලාභ අතින් පමණක් නොවෙයි, කාලය, සෞක්‍ය, ප්‍රවාහන ආදී හැම පැත්තකින්ම.

සංකීර්ණයේ ජලය භාවිතය පවා පූර්ණ තිරසාරයි. ස්වාභාවික භූගත ජල භාවිතය, වැසි ජල කළමනාකරණය, භාවිත ජලය ප්‍රතිචක්‍රීකරණය ආදී හැම අංගයකින්ම වේ ව්‍යාපෘතිය අංග සම්පූර්ණයි.

මේ ව්‍යාපෘතිය ඔබ විසින් ඔබ වෙනුවෙන් කළමනාකරණය කෙරෙන්නක්. ප්‍රදානම දෙයක් වන්නේ තිරසාර දිවියක සියලු අංග ආයාසයකින් තොරවම ලබාගත හැකිවීම.

උදාහරණයක් විදියට ටෙස්ලා වැනි සුඛෝපභෝගී විදුලි රථයක භාවිතය, එහි ආයෝජනය හෝ ක්ෂයවීම ගැන කරදර නොවී. එකක් නොවෙයි විවිධ මාදිලිවල විදුලි රථ පෙළක්ම ඔබේ භාවිතය වෙනුවෙන්.

අද ලොව මුහුණපාන ගෝලීය උණුසුම වැඩිවීම, වායු සහ පරිසර දුෂණය, ගෝලීය සව්ක්‍ය ගැටළු ආදී සියල්ලටම විසඳුම තිරසාර දිවියක් බව අප පිලිගන්නවා. ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල ගොඩනැංවෙන මේ ව්‍යාපෘතිය මේ සියල්ලටම විසඳුමක් ලෙසිනුයි නිර්මාණය වෙන්නේ. ඔබට ප්‍රදේශය අවට ගොඩනැගෙන විදුලි දුම්රිය සේවා සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය වෙත ෂටල් සේවා පවා ලැබෙනවා.

ආයෝජනය රුපියල් මිලියන විසිහයේ ඉඳන් ඉහලට, නිදන කාමර දෙකේ සහ තුනේ නිවෙස්.

2022 සිට පදිංචි වෙන්න පුළුවන්. ජිම්නේසියම්, ඉන්ෆිනිටි පිහිනුම් තටාක, රියදුරු සහ අමුත්තන්ගේ කාමර, කාර්යාක පහසුකම් යනාදී සියල්ලක්ම ඇතුළුව.

මේ හැම කරුණක් ගැනම අපි වෙන්වෙන්ව කතාකරනවා. එමෙන්ම ගණනය කිරීම් වැදගත්, ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද යන්න තහවුරුකරගන්න.

ලංකාවේ ඉදිවන වඩාත්ම තිරසාර ගොඩනැගිල්ල මේ, එමෙන්ම ලොවටම ආදර්ශ සපයමින්. සුනීත්ය බලශක්තිය සහ තිරසාර දිවිය වෙනුවෙන් ක්‍රියාත්මක අප මේ ව්‍යාපෘතිය අගය කරනවා.

වඩාත් විස්තර සහ ආයෝජන අවස්ථා මෙතැනින් https://mobility.lk/contact/

දුරකථන +94 77 394 5265

Telephone : +94 77 394 5265

Leave a Reply

Your email address will not be published. Required fields are marked *