Skip to content

කොරෝනා සහ EV

COVID-19 අපේ ජීවිත වෙනස් කරගන යනවා. එපමණක් නෙමෙයි අනාගතයට හිතන්න ගොඩක් දේවල් දෙනවා. ඒ ආර්ථික, සමාජයීය, පාරිසරික සහ අනෙත් හැම පැත්තකින්ම.

විදුලි රථ වලට සහ ඒ ප්‍රවර්ධනයට, ප්‍රගතියට මේ තත්ත්වය කොහොම බලපායිද?

විදුලි රථවලට පමණක් නෙමෙයි මුළු මෝටර් රථ නිෂ්පාදන අලෙවි ක්ෂේත්‍රයටම මේ ප්‍රශ්නය අතිශයින් බලපානවා. නමුත් විදුලි රථවලට වෙන බලපෑම ගෝලීයව අධික වෙන බවයි ග්‍රිස්ට් ( https://grist.org/ ) කියන්නේ.

මේකට ප්‍රදාන හේතු කීපයක් බලපානවා. ප්‍රධාන වශයෙන්ම විදුලි රථවල මිළ තවමත් සමාන ඉන්ධන රථවලට වඩා අඩුවීම. ගෝලීය ආර්ථික අවපාතය නිසාවෙන් කෙටිමාලීන වියදම් අවම කිරීමේ පරමාර්ථය විදුලි රථවලට නරක වෙයි. ධීර්ගකාලීනව ලැබෙන ලාභ වලට වඩා කෙටිකාලීන ආයෝජන වලට ප්‍රමුඛතාවය ලැබෙනවා, ආර්ථික අවපාතයකදී.

ඊළඟට විදුලි රථ නිෂ්පාදනයේ සප්ලයි චේන් ඉන්ධන රථවලට වඩා වෙනස්. අමුද්‍රව්‍ය සිට කොටස් දක්වා සියල්ල පවතින්නේ Just in Time ක්‍රමවේද මත. මෙය අතිශයින් දරුණු විදියට බලපාන්න ඉඩ තියෙනවා.

මීටත් අමතරව පහල වැටෙන තෙල් මිල, පාවිච්චි වෙන කාලසීමා ඉහළයාම ආදියත් එකතුවෙනවා. මේ බාධා මේ වසරේ මිලියන දහයේ ඉලක්කයට යාමට නියමිත වූ විදුලි වාහන ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙයි.

ලංකාවට බලපෑම.

අපේ විදුලි වාහන ආගමනය කොහොමටත් තිබුනේ මන්දගාමීව. ඒ අපේ වෙනස්වීමට ඇති අකමැත්ත, වැරදි ගණනයකිරීම්, ඉන්ධන රථ මාෆියාවේ වැරදි ප්‍රචාර. ලීෆ් බැටරිවල ඇති හිඟය වැරදි අන්දමකින් නිරූපණය වීම සහ අපේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ආයෝජනය නොකිරීම ආදිය නිසාවෙන්.

ඉතින් මේ තත්වයට ගෝලීය බාධාත් එක්වුවිට දේශීයවත් මේ පසුබෑම වැඩිවිය හැකියි. එමෙන්ම රජයට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් කිරීමට කොරෝනා බලපෑම් කෙරෙනවා.

මීටත් අමතරව අපේ රටේ සුනීත්ය බලශක්තියට ගල් අඟුරු සහ ඉන්ධන ව්‍යාපාරවලින් කෙරෙන බලපෑම අධිකයි. මේ කාටෙල් හැම උත්සාහයක්ම දැනටමත් ගන්නවා විදුලි රථ ආගමනය හැකිතරම් ප්‍රමාද කරන්න, විවිධ අංශවලින් ඔවුන් පරිසරය සහ විදුලි රථ වෙනුවෙන් පෙනීසිටින බව පෙන්නුවත්. ව්‍යංගයෙන් කෙරෙන බලපෑම් වලට තවත් පහසුවක් තර්ජනයට ලක්වූ ආර්ථිකයක් බිහිවීම.

තියෙන විදුලි රථ වලට?

ප්‍රධානම දේ බැටරියේ ආරක්ෂාව. නිෂ්ක්‍රිය හෝ නිවසේ ඉඳන් වැඩකරන කාලය තුල අවම වශයෙන් බැටරි ආරෝපණ තත්ත්වය මධ්‍යම ප්‍රමාණයට වඩා අඩුවෙන් තබන්න පුලුවන්නම් හොඳයි. දැනටත් ආරෝපිත තත්වයේ නම් වායු සමීකරණය ක්‍රියාත්මක කරලා ශක්තිය දහනය කරන්න. මෙහිදී අප වඩාත් සැලකිල්ලට ගත්තේ ලංකාවේ වැඩිපුර තියෙන Nissan Leaf.

ඒවගේම EVSE එක ප්ලග් කරලා තියන්න එපා. ගරාජයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30ට වඩා අඩුනම් හොඳයි දවල්ටත්. 12ව බැටරිය හොඳ සව්ක්ය තත්වයක තියනවනම් ටර්මිනල් ගලවලා තියන්න.

නමුත් මෙහිදී ඔබ සිහි කලයුතු ප්‍රධාන කරුණක් තියෙනවා. එක් එක් නිෂ්පාදකයන්ගේ උපදෙස් වෙනස් බැටරිය කල්පැවැත්ම සහ දීර්ඝ storage තත්ත්ව උදෙසා. එයට හේතුව සියල්ලම බොහෝවිට lithium-ion මුත් එහි රසායනය සහ කළමනාකරණ පද්ධතියේ යම් වෙනස් වීම තිබිය හැකි වීමයි. එබැවින් වඩාත් ප්‍රමුඛතාව දියයුතු වාහන නිෂ්පාදකයා ගේ අත්පොත පිළිපැදීමයි.

ඊළඟට 12V බැටරියේ ආරෝපණ තත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ බැටරිය හොඳ සහ ආරෝපිත තත්වයේ ඇත්නම් හොඳයි. ප්‍රධාන බැටරියේ ආරෝපිත තත්වය සියයට පනහකට අඩුවෙනවානම් අර්ධ තත්වය දක්වා නැවත ආරෝපණය කරන්න. එම චාජ් කිරීමේදී 12V බටරියත් ආරෝපණය වෙයි, ප්‍රධාන බැටරියෙන්.

ගෙදර වායුව පුරවන්න පුලුවන්නම් ටයර වල වායු පීඩනය 50 ට පමණ ඉහල නංවන්න. මීයන්ගෙන් පරිස්සම් කරගැනීමත් අවශ්‍යයි. වෙනත් විශේෂ යමක් කිරීම අවශ්‍ය නැහැ.

අනාගතය?

අපේ රටේ නීති සම්පාදකයන්ට, රජයට දැනටමත් ඉතා අපහසුයි සුනීත්ය බලශක්ති සහ ඉන් බලගැන්වුණු විදුලි රථ වලින් ආර්ථිකයට වෙන දීර්ඝකාලීන වාසි එත්තුගන්වන්න. කෙටිකාලීන වාසි වලට ප්‍රමුඛත්වය ලැබෙන තත්වයකදී එය තවත් අපහසුවෙයි, අපේ රටේ බොහෝ තීරණ ගැනෙන්නේ දේශපාලන සහ පව්ද්ගලික වාසි මත නිසාවෙන්. ඉදිරියට එන්නේ ආර්ථිකය සහ පරිසරය හරිපාරට ගැනීමේ කාර්යය තවදුරටත් අපහසුවෙන තත්වයක් බවයි අපේ අදහස.

යාවත්කාලීන වීම සඳහා වෙබ්පිටුව සහ FB පිටුව Subscribe කරන්න. අප හා සම්බන්ධවීමට.

https://mobility.lk

පින්තුරයේ අනුග්‍රහය Grits

Leave a Reply

Your email address will not be published. Required fields are marked *