Skip to content

ටෙස්ලා,වේගා,හේමාස් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට.

සතියකට පෙර නිව්යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි ගිගාෆැක්ටරිය තාවකාලිකව වහල දාන්න ටෙස්ලාට නියෝග ලැබුනා. ඒ පැතිරීගෙන යන COVID 19 වයිරසය මර්දනය කරන්න. දැන්, එලොන් මස්ක් එයාටම අවේනික විදියට කියල සමාගමේ ගිගාෆැක්ටරි මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය වෙලා තියන වෙන්ටිලේටර් නිෂ්පාදනයට යොමු කරනවා කියල.

කොරොන වයිරස් වසංගතයෙන් 46,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති නිව්යෝර්ක් ප්‍රාන්තය දැන් ඇමරිකාවේ වඩාත්ම පීඩාවට පත්වෙච්ච ප්‍රාන්තය. නිව්යෝර්ක් නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ ටෙස්ලාගේ උදව් ඉල්ලා සිටි විට, එලොන් මස්ක් ට්වීටර් පණිවිඩයකින් ප්‍රකාශ කළේ කර්මාන්ත ශාලාව “ශ්වසන ආධාරක නිෂ්පාදනයට නැවත විවෘත කරන බව.

ටෙස්ලා සමාගම ශ්වසන ආධාරක එනම් වෙන්ටිලේටර් සහ වෛද්‍ය සැපයුම් සැපයීමට කැපවූ පළමු මෝටර් රථ නිෂ්පාදකයා. ලන්ඩන් විශ්ව විද්‍යාලයත් සමග එකතුවෙලා එක්සත් රාජධානියේ Mercedes ෆෝමියුලා 1 කන්ඩායමත් වෙන්ටිලේටර් වෙනුවෙට පාවිච්චි කළහැකි ස්වසන ආධාරකයක් නිෂ්පාදනය කරලා. දැනටමත් ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදන රෝහල්වලට ලබා දීලා. BYD විදුලි රථ සමාගම දැනටමත් ලොවේ මුඛ ආවරණ සැදීමේ ප්‍රමුඛයෙක් බවට පත්වෙලා.

වෙන්ටිලේටර් වලින් වෙන දේ

මේ ඉතාමත් හොඳ දෙයක් බවට විවාදයක් නැහැ. රෝහල්වල සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සම්පත් ඇති බව සහතික කිරීම. නමුත් හැමෝම කතාකරන්නේ සමාජ සම්බන්ධතාවලින් ඈත්වීම නම්, සමීපයේ වැඩ කරන පුද්ගලයින් සිටීම රෝගය පැතිරීම වේගවත් කරන්න ඉඩ තියනවා. නිසැකවම ටෙස්ලා සිය මෝටර් රථ සමඟ හැකි තරම් මිනිස් මැදිහත්වීමකින් තොරව නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දෙයක්ම කරයි.

ඇත්ත වශයෙන්ම, සමාගමේ දැනට නිෂ්පාදනය වෙන කාර් මාදිලි හතරේම රොබෝලා තමයි වැඩි වැඩ කොටසක් කරන්නේ. කොහොම වුනත් මේ දහස් ගණන් වෙන්ටිලේටර් සෑදීමේ ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම යම් ආකාරයක සම්බන්ධතා ඇති වෙයි, නමුත් වඩාත් හොඳ යකා තෝරාගන්න වෙලා.

ලංකාවෙනුත් වේගා!

කෝඩ්ජෙන් ආයතනයේ වේගා කණ්ඩායමත් විෂබීජහරණ කුටියක් නිෂ්පාදනය කරල තියනබව එම සමාගමේ සභාපති ආචාර්ය හර්ෂ සුබසිංහ සඳහන් කරනවා.

රෝගීන්ගේ දිවි ගලවා ගැනීමට වෙහෙස වි ක්‍රියා කරන සෞඛ්‍ය සේවයේ යෙදෙන පිරිස විෂබීජ හරණය සඳහා මේ නිෂ්පාදනය දවස් කිහිපයක් තුළ නිර්මාණය කිරීමට ඔවුන් සමත්වෙලා.

හේමාස් – ඇට්ලස් සමාගමත්

හේමාස් සමූහ ව්‍යාපාරයේ කොටසක් වෙන ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කරල එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරලා, පරීක්ෂණය සඳහා. මෙයත් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක්.

මේ යන්ත්‍රයෙන් වෙන්නේ මෙහෙම දෙයක්. මුලින්ම මුලික පරීක්ෂණ, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වගේ. ඊට පස්සේ රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාම ආදිය. කැමරා පද්ධතියකින් වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙන ගමන් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාවත් තියනවා. මේ රොබෝ නැවත ආරෝපණය කළහැකි, එමෙන්ම රැහැන් රහිත දුරස්ථ පාලන පහසුකමෙනුත් යුක්තයි.

ඒවගේම තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වලට තාක්ෂණය දෙන්න ඇට්ලස් සමාගම පියවර අරන්. විදුලි රථ සමාගමක් නොවුනත් අප මෙය වාර්තාකරන්නේ ලාංකීය සමාගමක නිර්මාණයක් නිසා.

මීට පෙර අප වාර්තා කළා චීනයේ BYD විදුලිරථ සමාගම මුව ආවරණ නිෂ්පාදනයට පරිවර්තනය වුනුහැටි. මේ ප්‍රවණතා අපට සිහිපත්කරන්නේ දෙවන ලෝක යුද්ධය, බොහෝ කම්හල් යුද්ධෝපකරණ සහ විද්‍යා උපකරණ නිෂ්පාදනයට පරිවර්තනය වුනු අන්දම.

විශේෂම දේ, අද ප්‍රමුඛතාවය අරන් තියෙන්නේ විදුලි රථ නිෂ්පාදන සමාගම් වීම.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *