Skip to content

කොරෝනා නිවාරණය

ලෝකයේ අනෙක් රටවල් වල කොරෝනා රෝගය ව්‍යාප්තිය සහ වර්ධනය දිහා බලන කොට ඉදිරි සති 3න කොරෝන රෝගය සමබන්ධයෙන් ලංකාවට තීරණාත්මකම සති කීපය වෙනවා. ඇදිරි නිතිය විටින් විට ලිහිල් කිරීම අවදානම ඉහල දමනවා. සමාජ දුරස්තතාවය පවත්වාගැනීම සහ නිතර අත් සේදීම අත්‍යාවශ්‍යයි.

අප වඩා අවධානයක් යොමුකළ යුත්තේ නිවාරනයටයි, ප්‍රතිකාරයට නොවේ. ඒ සඳහා දාමය බිඳහෙලීම අතිශයින් වැදගත්වෙනවා. මේ ඒ වෙනුවෙන් අපට වැඩි අපහසුවකින් තොරව, බාහිර සහයෝග අවමව කළහැකි දේවල්. රජයට සහ සුව සේවාවලට ප්‍රතිකාරය සහ කළමනාකරණය බාරදීල.

මින් පෙර මාස්ක් ගැන විවිධ මත තිබුනත් දැන් ලෝක සව්ක්‍ය සංවිධානයෙන් අනුමත කෙරෙනවා සාමාන්‍ය ජනතාවටත්. මාස්ක් හිඟය නිසා ගෙදර මහන මාස්ක් එකක් හරි පැළඳීම ප්‍රයෝජනවත්. නමුත් රෙදි මාස්ක් නිසා ආරක්ෂිත බව ගැන විශ්වාසයක් ඇති වීමෙන් රෙදි මාස්ක් අඳින අය ලොකු අවදානමකට ලක් වෙනවා. මොනම මාස්ක් එකක් වුනත් නියම අන්දමින් පැළඳීම, පාවිච්චිය සහ බැහැර කිරීම අවශ්‍යයි.

කොහොමවුනත් මාස්ක් එකේ ආරක්ෂාව පළදින්නාට වඩා සමාජයටයි. හොඳම දෙය ඇඳිරි නීතියට අනුගතව නිවසේ රැදීමයි.

හැකි තාක් ගෙදර ඉන්න. පුළුවන් විදිහිට අරපරිස්සමෙන් ආහාර ලබා ගන්න. අනාරක්ෂිත ලෙස බෙදාහරින පාන්, එළවලු ඇතළු ආහාර ලබා ගැනීමට යාම තමා සිටින අවදානම් වැඩි කරනවා. ආහාර බෙදන වාහන අසල තොග වශයෙන් රැස් වෙන්න එපා. ඉවසීමෙන් එක්කෙන් නික්ම ගිය පසු තව කෙනෙක් යන්න.

පාන් රාත්තලක් ගන්න ගෙදරින් එළිය බැස්සත් නැවත ආපුවාම බඩු ටික සේදිය හැකි දේ සෝදා පසෙක තබා තමාද සබන් යොදා අත් සේදීම හෝ නගරයට ගොස් එන්නේ නම් ගෙදර තුලට ගොඩ වීමට පෙර නා ගන්න.

මේ තත්වය මාස ගණනක් දුරට ඇදෙන බව තේරුම් ගන්න. සතියෙන් දෙකෙන් ඉවර වෙන ප්‍රශ්නයක් කියා බොරු බලාපොරොත්තු ඇති කර ගන්න එපා. කලබල නොවී ප්‍රශ්නයට මුහුණ දෙන අකාරය සැලසුම් කර ගන්න. මේ තමයි යථාර්තය. ගෙදර හදන සුරතල් සත්තු වතෙන් පිටට යන්න දෙන්න එපා. පිටින් වත්තට එන සත්තු සුරතල් කරන්න යන්න එපා. ගෙදර ඉන්න වැඩි හිටියන් හැකි තරම් ප්‍රවේසම් කර ගන්න.

දරුවන් වෙනදාට වඩා පරිස්සම් කර ගන්න. සමාන්‍ය සෙම්ප්‍රතිශයක් උණක් හැදෙන්න පුළුවන් දෙයක් වත් ඔහුන්ට කරන්න දෙන්න එපා. ලෙඩක් රෝගයක් වැලදුන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා එළියට ගමන් කිරීම ඔබව අවදානමට ලක් කරනවා.

අහාර හොදින් රත් කර කන්න. වතුර උණුකර උණු වෙනම බිමට ගන්න. එක බත් ඇටයක් වත් අපතේ යවන්න එපා. දරුවන් සහ ව්‍යවෘධ වැඩි හිටියන් ආහාර අනුබ කරාට පසු තරුණ අය ආහාර ගන්න. හැමෝටම වෙන වතුර බිමට විදුර පිගාන වෙන් කර තබා ගන්න. හැකි තාක් පරිස්සම් වෙන්න. වැඩි පරිස්සමෙන් අවැඩක් නොවේ. හොද සෞඛ්‍ය පුරුදු ජිවිතේට කොහොමත් හොදයි.

මේ ප්‍රශ්නේ විසදෙන්න කලින් තව උග්‍ර වන බවත් සමාන්‍ය තත්වයට පැමිණීමට අඩුම තරමින් වසරක කාලයක් ගත වන බවත් තේරුම් ගන්න. කොරෝනා ප්‍රශ්නය අවසානේ ආර්ථික ප්‍රශ්න දරුණුවට එන බවත් සිහියේ තබා ගන්න.

ඇතැම් කොටස් ඔශල හේරත් මහතාගෙන් උපුටාගත්ත.

සබ්ස්ක්රයිබ් කරන්න වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව, අප නිතරම යාවත්කාලීන වෙනවා. https://evrev.lk/contact-ev-rev/

මීළඟට ප්‍රතිශක්තිකරණය හොඳ තත්වයේ තියාගන්නෙ කොහොමද කියන එක, වයිරස අසාදනය වුනත් ගැලවෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *