Skip to content

දූෂිත වායුවෙන් වැඩි කොවිඩ් මරණ

හාවඩ් පර්යේෂක නිගමනය PM2.5 සඳහා දිගු කාලීනව නිරාවරණය වීමෙන් COVID-19 මරණ අවදානම වැඩිවීම ස්ථිර බව.

ලංකාවට අදාලකරලා බැලුවොත් වැඩිම අන්තරාය දීර්ඝව සහ අධිකව දුෂිත PM 2.5 පදාර්ථ වලට කෙලින්ම නිරාවරණය වන රථවාහන පාලනය කරන පොලිස් නිලධාරීන්ට.

COVID-19 ඇමරිකානුවන් 100,000 ත් 240,000 ත් අතර සංඛ්‍යාවක් මරණය කරා ගෙනයන බව දැන් ගණන් බලල තියනවා. ඒ එක්කම දැන් හොයාගෙන තියනවා COVID-19 මත මරණ අවදානම වැඩි කරන පූර්ව පවතින කොන්දේසි වලින් බහුතරයක් දිගු කාලීනව වායු දූෂණයට නිරාවරණය වීමෙන් ඇතිවෙන ඒවා කියල. සිහින් අංශු පදාර්ථ එනම් PM2.5 සඳහා දිගු කාලීනව නිරාවරණය වීමෙන් COVID-19 මරණ අවදානම වැඩිවෙයිද යන බව ස්ථිර කරලා තියනවා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක්.

නිගමනය

“PM2.5 සඳහා දිගු කාලීනව නිරාවරණය වීමේ සුළු වැඩිවීමක් COVID-19 මරණ අනුපාතයෙහි විශාල වැඩිවීමකට තුඩු දෙනවා. PM2.5 සඳහා නිරීක්ෂණය කළ ප්‍රමාණය මෙන් 20 ගුණයකින් සියලු හේතු සහිත මරණ අනුපාතය වැඩි වීම පැහැදිලියි. COVID-19 අර්බුදය තුළ සහ පසුව මානව සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පවත්නා වායු දූෂණ රෙගුලාසි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අධ්‍යයන ප්‍රති පර්යේෂණ මගින් මගින් අවධාරණය කරල. දත්ත සහ කේතය ඔවුන් ප්‍රසිද්ධ කරලා තියනවා, දිගුව ලිපිය අවසානයේ.” මේ පහත ප්‍රතිපලයේ සහ නිගමනයේ පරිවර්තනය.

Results: We found that an increase of only 1 μg/m3 in PM2.5 is associated with a 15% increase in the COVID-19 death rate, 95% confidence interval (CI) (5%, 25%). Results are statistically significant and robust to secondary and sensitivity analyses.

Conclusions: A small increase in long-term exposure to PM2.5 leads to a large increase in COVID-19 death rate, with the magnitude of increase 20 times that observed for PM2.5 and all-cause mortality. The study results underscore the importance of continuing to enforce existing air pollution regulations to protect human health both during and after the COVID-19 crisis.

ඔවුන් අවධාරණය කරනවා COVID-19 අර්බුදය තුළ සහ පසුව මානව සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පවත්නා වායු දූෂණ රෙගුලාසි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම.

තවත් අනුමත කිරීම්

හාවඩ් අධ්‍යයනයට සම්බන්ධ නොවූ ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යා මහාචාර්ය සූෆෙන්ග් ෂැං පැවසුවේ “COVID-19 හි මරණය සමඟ වායු දූෂණය සම්බන්ධ බවට මෙය ඉතා ප්‍රබල සාක්ෂියක් බව.

පැහැදිලි කිරීමේ කොටසක් ලෙස, දූෂිත වාතය COVID-19 වඩාත් මාරාන්තික බවට පත් කරන යටින් පවතින තත්ත්ව සමඟ සම්බන්ධ වී ඇති බව ෂැං පැවසුවේ. COVID-19 හි දැඩි සත්කාර ඒකකවල උදව් ලැබූ එක්සත් ජනපද රෝගීන්ගෙන් සියයට හැත්තෑ අටක් දියවැඩියාව, හෘද රෝග හෝ නිදන්ගත පෙනහළු රෝග වැනි සෞඛ්‍ය තත්වයන් සහිත අය.

ලංකාවේ තත්වය ?

මේ රෝග ඇතිකිරීමට PM 2.5 අතිශයින් හේතුවෙනවා. මින් පෙර අප ප්‍රකාශ කරලා තියනවා කොළඹ නගරයේ PM 2.5 ගැන සහ ඒවා අතිකාරක හේතු සහ සව්ක්ය ගැටළු. දිගුව පහත දතිවලා තියනවා.

මෙය ලංකාවේ විශේෂයෙන්ම කොළබ සහ නුවර නගරවලට බලපාන භයානක තත්වයක්. විශේෂයෙන්ම දීර්ඝව සහ අධිකව දුෂිත PM 2.5 පදාර්ථ වලට කෙලින්ම නිරාවරණය වන රථවාහන පාලනය කරන පොලිසියේ නිලධාරීන් සහ මෝටර් සයිකල් ධාවකයන්.

භයානකම තත්වය ලංකාවේ PM 2.5 අධිකවම ඇතිවෙන්නේ වාහන වලින් පිටවෙන දුම නිසා වුවත් අප මේ සඳහා වාහන වාර්ෂිකව පරීක්ෂා නොකිරීම. කරන්නේ අතිශයින් යල් පැනගිය විමෝචන පරීක්ෂාවක්.

මොකද්ද මේ PM 2.5 ?

දැනගන්න කියවලා. එමෙන්ම ලංකාවේ, විශේෂයෙන්ම කොළඹ සහ නුවර වායුව වෙනස්වෙන අන්දම සහ අපව ලෙඩ කරන විදිය මෙතනින්. https://mobility.lk/2020/04/05/colombo-air-making-us-sick/

හාවඩ් පර්යේෂණයේ සම්පුර්ණ වාර්තාව මෙතනින් ගන්න. https://projects.iq.harvard.edu/files/covid-pm/files/pm_and_covid_mortality.pdf

කලයුතු දේ

COVID-19 අර්බුදය තුළ සහ පසුව මානව සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පවත්නා වායු දූෂණ රෙගුලාසි තදින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අධ්‍යයන ප්‍රතිඵල මගින් අවධාරණය කරනවා.

The study results underscore the importance of continuing to enforce existing air pollution regulations to protect human health both during and after the COVID-19 crisis. 

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *