Skip to content

Virtual Power Plant

Virtual Power Plant, එනම් අථත්‍ය බලාගාර (VPP) හුඟ දෙනෙකුට අලුත් වචනයක්. අතථ්‍ය විදුලි බලාගාරයක් කියන්නේ පියසි සූර්ය පද්ධති, සුළං බලාගාර, සූර්ය බලාගාර, බයෝමාස්, ජලවිදුලි හෝ වෙනත් ඕනෑම කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ විමධ්‍යගත, විදුලි ජනන මාධ්‍ය, පාරිභෝගිකයින් සහ ගබඩා පද්ධති (Energy Storage ) ආදියෙන් සමන්විත මෘදුකාංග මගින් ස්වයංපාලිත ජාලයක්, එනම් විදුලි පද්ධතියක්.

අථත්‍ය බලාගරයක ප්‍රධාන ඉලක්ක

  • බලශක්ති මිල අඩු කිරීම
  • ජාල ස්ථායිතාව වැඩි කිරීම
  • ජාල ඇනහිටීමක් අතරතුර ආරක්ෂාව සැපයීම
  • පාරිභෝගිකයින්ගේ බලශක්ති භාවිතය පිළිබඳ දැනුම සහ පාරදෘශ්‍යතාව වැඩි කිරීම.
  • පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගත් ආර්ථිකයකට මාරුවීම.

දකුණු ඕස්ට්‍රේලියාව අතථ්‍ය විදුලි බලාගාරවල (VPP) පුරෝගාමියෙක්. කුඩා පියසි සූර්ය පද්ධති අවශ්‍ය පරිමාණයට ගෙන ඒමට සහ විදුලි පද්ධතියට අවශ්‍ය ශක්තිය සැපයීමට කාර්යක්ෂමව දැන් සහාය වෙනවා. ඒ ටෙස්ලා සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන වහලවල් 50,000 ක සවිවුණු 5kWp සූර්ය පීවී පද්ධතියක් සහ 12kWh බැටරියක් සහය කරගෙන 250 mW VPP එකක් 600 mW බලශක්ති ගබඩාවක් නිර්මාණය කිරීමෙන්.

VPP වලින් වන විශේෂිතම දෙයක් දිවා කාලයේ සූර්ය උත්පාදනය අතරතුර අධික වෝල්ටීයතා ගැටළුවක් වළක්වා ගැනීම, බැටරි පද්ධතිය ශක්තිය ගබඩා කිරීමට භාවිතාවෙනවා, එමෙන්ම සවස් කාලයේ පාරිභෝගික භාවිතය සඳහා මෙන්ම විදුලිබල පද්ධතියට මුදාහැරෙනවා . මේ ගැන අප සිතිය යුත්තේ සම්මත සූර්ය බලශක්ති උත්පාදක වක්‍රයට වඩා වෙනස්ව.

අවශ්යපරිදි සැපයුම හසුරවාගතහැකි (Customized supply management ) ලබා දිය හැකි බලාගාරයක් VPP කියන්නෙ.
ඒවගේම මෙය උපරිම ඉල්ලුම් (Peak demand ) ඉතාමත් හොඳින් කළමනාකරණය කරන්න ජාලයට උදව් වෙනවා.

ක්‍රියාත්මක වෙන අන්දම

සවස 5 සිට 6 දක්වා 3kW අපනයනය කිරීමට පද්ධතිය සකසලා තියෙන්නේ. ඔබට පෙනෙන පරිදි, බැටරිය සූර්ය අපනයනයට අතිරේකව බලය සපයනවා. අව්ව සහිත දිනවල බොහෝ සාර්ථකව සහ වළාකුළු පිරි දිනවල පවා සාධාරණ සාර්ථකත්වයක් ලබාදෙමින්.

අත්හදා බැලීම සතියක් පුරාවට ක්‍රියාත්මක වූ ආකාරය Figure 1 පෙන්වනවා. Figure 2 සහ 3 පෙන්නුම් කරන්නේ බලශක්ති අපනයනය, සාමාන්‍ය දිනක සහ වලාකුළු සහිත දිනයක හුදෙක් බැටරි අපනයනය පමනයි, පිලිවෙලින්.

අවසාන රූපය විවිධ මාසවල පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම පෙන්වනවා – නිල් පැහැයෙන් සූර්ය භාවිතය (ග්‍රිඩ් / පාරිභෝගික), තැඹිලි බැටරි භාවිතය (ග්‍රිඩ් / පාරිභෝගික) සහ කොළ යනු ග්‍රිඩ් විදුලියයි. සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පාඩු අවම කිරීමට මේ ක්‍රමවේද පුදුම එළවනසුලු සහයක් දෙනවා.

දැන් තත්වය

ව්‍යාපෘතිය මේ වන විට ස්ථාපනය කර ඇත්තේ නිවාස 900 ක් පමණ වුවද, එය දැනටමත් වෙනසක් සිදුකරලා. 2019 ඔක්තෝබර් 9 වන දින අසල්වැසි ක්වීන්ස්ලන්තයේ කොගන් ක්‍රීක් ගල් අඟුරු බලාගාරයෙන් ඇනහිටීමක් වූ විට නව පද්ධතිය ක්‍රියාත්මක වුනා. මේ අවස්තාව්දී පුරවන්න වෙච්ච ගැප් එක මෙගාවොට් 784, ඒ ඕස්ට්‍රේලියාවේ විශාලතම තනි ඒකකය ක්‍රියා විරහිත වුවිට. ඒ වෙලාවේදී මේ පද්ධතිය ජාතික විදුලි ජාලය හරහා අවශ්‍ය ශක්තිය සැපයුවා, අනෙකුත් ආධාරක බලශක්ති ජනක සමග එක්ව.

පාරිභෝගික ප්‍රතිලාභ

  • සුර්යබල පද්ධතිය සහ බැටරි ඇසුරුම සඳහා රජයෙන් සහනාධාර
  • ස්ථාවර ගාස්තුවක් නැහැ. පාරිභෝගිකයාට භාවිතා කළ හැකි අවම ගාස්තුක්‍රමය තොට්රාගත හැකියි. සූර්යබලශක්ති අපනයනය සඳහා ස්ථාවර මිළක්.
  • ජාල ස්ථායීකරණ / සංඛ්‍යාත කළමනාකරණය සඳහා ඕනෑම බැටරියක් භාවිතා කිරීමේ හැකියාව, නිවාස හිමිකරුට ගෙවීමක් ලැබෙනවා මේ අවස්ථාවේදී.
  • ඒ වගේම විදුලි විසන්ධි වීමකදී බැටරිය පාවිච්චිවෙනවා (backup ) . බැටරියෙන් 20% ධාරිතාව ඒ වෙනුවෙන් වෙන්කරලා තියෙන්නේ. අභ්‍යන්තර භාවිතය සඳහා ගබඩා කිරීම මගින් අපනයනය අඩු කිරීමටද බැටරි උපකාරී වෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ අපනයන මිල තරමක් අඩු නිසාවෙන්.

විදුලි ජාලයට ලැබෙන ප්‍රතිලාභ?

  • පාරිභෝගික මට්ටමින් උපරිම ඉල්ලුම (Peak demand ) අවම කිරීම.
  • අඩු වියදම් VPP මැදිහත්වීමෙන් සංඛ්‍යාත ස්ථායීකරණය.
  • සම්ප්‍රේෂණය හා බෙදා හැරීමේ ක්ෂයවීම්, පාඩු අවමකිරීම් .
  • අතිරේක උත්පාදන ධාරිතා ආයෝජනයෙන් වැළකිය හැකිවීම , සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල වැඩිදියුණු කිරීම් අවම කළහැකිවීම.

එතකොට බෙදාහරින්නාට?

තොග වෙළෙඳපොළ ආරක්ෂා කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා. එනම් පීක් කාලයේ ප්‍රයෝජනයට ඉහළ මිල ගණන් වලට අඩු බලශක්ති ප්‍රමාණයක් මිලදීගැනීමේ හැකියාව, ඔවුන්ට පිරිවැයෙන් වැඩි ඉතිරියක්. මෙය වෙන්නේ හෙජින් ක්‍රමයට සමානව.

සම්ප්‍රදායෙන් බැහැරව ගිය දකුණු ඕස්ට්‍රේලියා VPP පද්ධතිය දැන් සියලු තාක්ෂණික අවශ්‍යතා පරිපුර්ණකර ප්‍රතිලාභ ලබාහන්න අවස්ථාවේ.

ලංකාවට ඉදිරියට යන්න අවශ්‍ය ආකල්පමය වෙනසක් පමණයි, දැනුම සහ තාක්ෂනය අප ඉදිරියේ.

මුලාශ්‍රය ආචාර්ය විදුර රළපනාවගේ ලිපියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *