Skip to content

Covid19, PM2.5, Vitamin D

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් වැළැක්වෙන සහ ආසාදනය වුවහොත් සංකූලතා සහ මරණ අවදානම වැඩි කිරීමට දූෂිත වායුගෝලය හේතුවෙනබව දැන් පැහැදිලියි. එමෙන්ම ආසියානු සහ බටහිර පර්යේෂණ දත්ත අනුව විටමින්-ඩී, කොවිඩ්19 වෛරසය ශරීරයට ඇතුල්වීම වැළැක්වීමට, එනම් ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමට විශාලව හේතු වෙනවා.

ඉහත සඳහන් කළ දෙවන කරුණ, එනම් ආසාදනය වුවහොත් ඉන් සංකූලතා හෝ මරණය ඇති වීමේ සම්භාවිතාව දූෂණය වූ වායුන් සහිත පරිසරවල ජීවත්වන ජනතාවට වැඩි බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් නිගමනය කරලා තියෙනවා. ඒ ගැන වැඩි විස්තර පහළ ලින්ක් එකේ.

විෂ, දූෂිත වායු ලංකාවට අදාලකරලා බැලුවොත් වැඩිම අන්තරාය දීර්ඝව සහ අධිකව දුෂිත PM 2.5 පදාර්ථ වලට කෙලින්ම නිරාවරණය වන රථවාහන පාලනය කරන පොලිස් නිලධාරීන්ට සහ මෝටර් සයිකල් පදවන්නන්ට.

භයානකම තත්වය ලංකාවේ PM 2.5 අධිකවම ඇතිවෙන්නේ වාහන වලින් පිටවෙන දුම නිසා වුවත් අප මේ සඳහා වාහන වාර්ෂිකව පරීක්ෂා නොකිරීම. දැනට කරන්නේ අතිශයින් යල් පැනගිය විමෝචන පරීක්ෂාවක්.

මේ අවශ්‍යතා දෙකම එනම් හොඳ විටමින් ඩී ප්‍රමාණයක් ශරීරය තුළ පවත්වා ගැනීම සහ පිරිසිදු වායුව සහිත පරිසරයක ජීවත්වීම අපේ රටේ හුඟක් ප්‍රදේශවල අයට අපහසු නැහැ, මහා මාර්ග සහ ගල් අඟුරු බලාගාර ආශ්‍රිතව ජීවත් වෙන අයට හැර.

මේ දිනවල අපි අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් හිරු එළියට නිරාවරණය වීම. ඒක නීතියට බාධාවක් නොවී තමුන්ගේ නිවසෙන් එළියට ගිහිල්ලා පහසුවෙන් කරන්න පුළුවන්. එමෙන්ම නිවාස තුල හැකි අන්දමින් ව්‍යායාම ලබාගැනීමත් ප්‍රතිශක්තිකරණය ඉහලනැංවීමට ඉවහල්වෙනවා.

සාමාන්‍ය පුද්ගලයකුට නිර්දේශිත දෛනික විටමින් ඩී මයික්‍රෝග්‍රෑම් 20 පමණ. නමුත් මේ තත්වය මයික්‍රොග්‍රෑම් සියයක් (100 mcg ) පමණ ලබා ගන්න පුලුවන්නම් රුධිර පෝෂණ තත්ත්වය වඩාත් හොඳින් පවත්වා ගත හැකි බවයි පවසන්නේ.

අවම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට දිවා කල විනාඩි 30 සිට පැයක් දක්වා හිරු එළියට නිරාවරණය වීම ප්‍රමාණවත් වෙයි. මේ තත්ත්වය වෙනස් වෙනවා හමේ පැහැයත් සමග. සමේ පැහැය අඳුරු වීමත් සමඟ නිරාවරණය විය යුතු කාලසීමාවත් වැඩියි. සමකාසන්න රටක අඳුරු සමක් ඇත්තෙක් නම් අවම පැයක්වත් මද්දහනේ හිරුඑළියට නිරාවරණය වියයුතුයි අවශ්‍ය දවසේ විටමින් D ප්‍රමාණයට.

එමෙන්ම මේ උපදෙස් දෑත් සේදීම, පිරිසිදුකම සහ මුව ආවරණය වැනි රජයේ උපදෙස්වලට අමතරවයි.

මේ සමගම කිව යුතුයි තේ පානය, දුම් ඇල්ලීම, පිරිත් පැන් ආදීන් කිසිවක් නිවාරණයට හෝ ප්‍රතිකාරයට ඉවහල්වන බව දැනට ලෝකයේ කොහෙවත් සාධක නැති බව.

හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ නිගමන, වායුදුෂණය සහ PM 2.5 ගැන. දුෂිත වායුව සංකුලතා දරුණු කිරීම සහ මරණ ප්‍රතිශතය වැඩිකිරීම ගැන Air-pollution-causes-covid-deaths.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *