Skip to content

කොවිඩ් වාසිය ගමු

නිශ්චිත ක්‍රියාමාර්ගයකින් තොරවයි මෑතදී වායු දූෂණය පහත වැටුනේ, ඉතින් ඇතැමුන්ට ඒකෙ වැඩි අගයකුත් නැහැ. ලොක් ඩවුන් වලින් පිරිසිදු වුන නගර ඒ අන්දමින් පවත්වාගැනීම ඉබේම වෙන්නේ නැහැ.

වසංගතයට ප්‍රතිචාරය වුන ලොක්ඩවුන් පියවරෙන් පියවර ඉවත් වෙද්දී ලෝකයම නාගරික ගමනාගමනය සඳහා අලුත් ක්‍රම වලට හුරුවිය යුතු මොහොතකට මුහුණ දීල. ඉදිරි දින කිහිපයේ ගන්න තීරණ අනාගතයේ දී අපගේ නගර කෙතරම් සෞඛ්‍ය සම්පන්න, සුනීත්‍ය සහ ජීවත්වියහැකිද (Livable) යන්න තීරණය වෙයි.

චීනය තුළ දැනටමත් නිරීක්ෂණය වෙලා තියෙන විදියට විෂ සහිත දුම් ඉතා ඉක්මනින් නැවත පැමිණෙනවා, ඒ ඇතැමුන් පුද්ගලික මෝටර් රථ වෙත මාරු වී පොදු ප්‍රවාහනයෙන් වැළකී සිටීම නිසාත්. එමෙන්ම කර්මාන්තශාලා, ඩීසල්, ගල් අඟුරු බලාගාර ආදියත් එකතුවෙයි.

ලංකාවෙත් මේ තත්වයේ වැඩි වෙනසක් නැහැ, හැමෝම පහුගිය දිනවල අත්විඳපු පිරිසිදු වායුව ගැන කතාකලාට ඒ තත්වය පවත්වාගන්න ගතයුතු ක්‍රියාමාර්ග ගැන කිසිදු කතාවක් හෝ උද්යෝගයක් නැහැ.

වායු දූෂණය නිසා කොරෝනා වයිරසයේ බලපෑමට අප වඩාත් ගොදුරු විය හැකි බවට වර්ධනය වන සාක්ෂි අනුව මෙම අවදානම අතිශයින් නරක තත්වයක්, විශේෂයෙන් අධික තදබදයක් ඇති කොළඹ සහ නුවර වැනි නගර වලට.

අර්බුදය අවස්ථාවක් කරගමු

නමුත් සෑම අර්බුදයක්ම අවස්ථාවක්, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ මිනිසුන් තම ජීවිතයේ වෙනස්වන ප්‍රධාන අවස්ථාවන්හිදී නව සංචරණ පුරුදු ඇති කර ගැනීමට වැඩි ඉඩක් ඇති බවයි. මෙතනදී අප ප්‍රවාහනය යන වචනය වෙනුවට සංචරණ, එනම් Mobility යන්න ආදේශ කරනවා. විශේෂයෙන්ම අප අපගේ ගමනාගමන සහ ප්‍රවාහන අවශ්‍යතා නැවත සලකා බැලියයුතු කාලයක් නිසා මෙය.

පිරිසිදු සංචරණ (Mobility ) කරා ගමන් කළ යුතු කාලය මෙය බව ලොව පුරා නගර තේරුම් ගෙන ඇති අතර ඔවුන්ගේ නාගරික අවකාශය නැවත සකස් කිරීමට දැනටමත් පටන් ගෙන තිබේ. විමෝචනය අඩු කර ගැනීම සඳහා කිසිදු නගරයක් රෝදය ප්‍රතිනිර්මාණය කිරීම අවශ්‍ය නොවේ. 1970 ගණන්වල ලන්දේසි නගර සම්පුර්ණ නවනිරූපණයක් ආරම්භ කළ විට එය ලොව පුරා වඩාත්ම ජීවත්විය හැකි නගර බවට පත් කර ඇති උදාහරණ රාශියක් තියනවා.

විෂ සහිත වායු දූෂණය මැඩපැවැත්වීම, දේශගුණික හානිකර (Climate Changing ) විමෝචනයන් මැඩපැවැත්වීම සහ ශුන්‍ය විමෝචන අනාගතයක් (Zero Emission Future ) සකස් කිරීම සඳහා අවම වශයෙන් ක්‍රියාත්මක කලයුතු ක්‍රියාමාර්ග (Strategies ) කිහිපයක් තියනවා.

එය යුරෝපීය හරිත සංවර්ධන ක්‍රියාදාමය විදියට දැනටමත් ප්‍රකාශයට පත් කරල. ඇත්තෙන්ම එය වුනේ 2019 අග, වසංගතය බලපාන්නත් ඉස්සෙල්ල. දැනටමත් මේ ක්‍රියාදාම ප්‍රමුඛ නගර සමූහයක් විසින් යථාර්ථයක් බවට පත්කරලා, වසංගතය නිසා ඇතිවුණු මහජන දැනුවත්වීමේ, පිබිදීමේ සහ උනන්දුවෙ වාසියෙන්.

මෙතනින් බාගතකරගන්න පුළුවන්, ලොව දැනටමත් තීරණය කරලා තියන, අප විසින් වහා අනුගමනය කලයුතු ඒ ක්‍රියාමාර්ග. බොහොමයක් පහසුවෙන් සහ ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් ලංකාවෙත්. ඇත්තටම වැඩි වගකීම පැවරෙන්නේ රජයට සහ නගර සභාවලට, පුරවැසියන් පවා කොටස්කරුවන් ප්‍රවර්ධකයින් වියයුතුයි.

COMMUNICATION FROM THE COMMISSION TO THE EUROPEAN PARLIAMENT, THE EUROPEAN COUNCIL, THE COUNCIL, THE EUROPEAN ECONOMIC, AND SOCIAL COMMITTEE, AND THE COMMITTEE OF THE REGIONS

The European Green Deal

https://ec.europa.eu/info/sites/info/files/european-green-deal-communication_en.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *