Skip to content

EV ගිනි වැඩිද?

ඉන්ධන හෝ විදුලි ඕනෑම වාහනයක් ගිනි ගත හැකියි. බලශක්ති මාධ්‍යය ද්‍රව හෝ electrons වුණත් නිශ්පාදනයේදී හඳුනා නොගත් හෝ පාලනය නොවූ උෂ්ණත්වයක් නිර්මාණය වූ විට ගිනි ගැනීමක් ඇතිවිය හැකියි.

හන්ඩේ කෝනා ගිනිගැනීම් කිහිපයක් නිසා ඇති වුනු තත්ත්වය මත රිකෝල් එකක් හන්ඬේ සමාගම නිවේදනය කරල. කොරියාව සහ ඇමරිකාව තුළ. මේ කැඳවීමට අයත් වෙනව. කෝනා 25,000කට වැඩි ප්‍රමාණයක් 2017 සැප්තැම්බර් සහ 2020 මාර්තු අතර නිෂ්පාදනය වූ. එහිදී මේ රථවල මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හෝ අවශ්‍ය වුවොත් බැටරිය අලුත් කිරීමක් සිදුවිය හැකියි.

What is a Recall?

Automotive voluntary recall කියන්නේ ඒ නිෂ්පාදකයාගේ විනිවිද පෙනෙන සුළු බව වගේම product quality එක ගැන ලැබෙන සහතිකයක්. චීන ඉන්දියන් වාහන වල recall කියලා දෙයක් අහන්න නොලැබීම ඒකට සාධකයක්. මතක් කරගන්න 2017 දී BMW සමාගම කාර් මිලියනයක් recall කරපු බව ගිනි ගැනීම අනතුරක් මඟහරින්න, ඒ විදුලි රථ නෙමෙයි ඉන්ධන රථ.

ඕනෑම අලුත් වාහනයක යම් යම් teething problems තියෙන්න පුළුවන්. Kona අලුත්, ඉතින් මුල් අවුරුදු දෙක තුනේ ඒ තත්ත්වය තියෙයි.
මුල් අවදියේ Nissan leaf වලටත් යම් ගැටළුවක් තිබුනා, රිකෝල් එකක් නොවුනත්. 2011 ඉඳන් 2013 වෙනකන් හදපු බැටරි වල කල්පැවත්ම පිළිබඳ ප්‍රශ්න තියනවා කියලා අපි දන්නවා. 2014 ඉඳන් ඒ තත්ත්වය සහමුලින් වෙනස් වුණා, ඉන් පසු නිෂ්පාදිත රථ අදත් ලංකාවේ ඉතා හොඳ මෙන්ම විශ්වාසදායී ධාවනයක් ලබා දෙනවා.

කෝනා එකේ ඇතිවී ඇති තත්වය නිෂ්පාදකයින් සහ නියෝජිතවරුන් හැම පාරිභෝගිකයෙක් ම සම්බන්ධ කරගෙන විසඳීම තමයි වඩාත් වැදගත් වෙන්නේ.

වඩාත් ගිනි ගන්නේ ඉන්ධනද විදුලිද?

විදුලි වාහන ලෝකෙට අලුත් එම නිසාම මේ පිළිබඳව නිශ්චිත දත්ත තවම නැහැ. ජනප්‍රිය මතය විදුලි වාහන ගිනි ගන්නා බව වුනත් විශේෂඥයන්ට අනුව විදුලි වාහන ගිනි ගැනීමේ ප්‍රවනතාවය ඉන්ධන වාහන වලට වඩා අඩු බව පිළිගැනෙනවා. ප්‍රතිශතයක් විදියට ලෝකෙ ඉන්ධන වාහන ගිනි ගැනීම් වැඩියි විදුලි වාහන වලට වඩා, නමුත් සාම්පලයේ ප්‍රමාණය මදි මේ නිගමනය ස්ථිර කරන්න.

මේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් ස්ටීවන් රිසර් ගේ විශ්ලේෂණයක තියෙනවා. “A battery-powered vehicle having a fire incident is newsworthy. A gasoline-powered vehicle having a fire is newsworthy only if it stops traffic,” said Steven Risser, senior research leader at Battelle, a nonprofit research and development firm, and one of the leading experts on the risk of fires in electric vehicles.

So, which vehicle is more likely to catch fire, and are their fires equal? Maybe the closest we have to an answer is data provided by Steven Risser.

The propensity and severity of fires and explosions from … lithium-ion battery systems are anticipated to be somewhat comparable to or perhaps slightly less than those for gasoline or diesel vehicular fuels, according to the results of an in-depth investigation into the relative fire risks of the two types of vehicles conducted by Battelle for the National Highway Traffic Safety Administration in 2017. https://www.nhtsa.gov/sites/nhtsa.dot.gov/files/documents/12848-lithiumionsafetyhybrids_101217-v3-tag.pdf

ඉන්ධන වාහන ගිනි ගැනීම් පිළිබඳ දත්ත අනුව 2015 වසර දත්ත ලබා ගත හැකි අලූත් ම වසර තුල සිදුවුණු වාහන එක් ලක්ෂ හැත්තෑ හතර දාහක ගිනි ගැනීම් ජාතික ගිනි නිවාරණ ඒජන්සිය වාර්තා කරනවා. (මේ දත්ත ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැන් ඉවත් කරලා https://www.nfpa.org/News-and-Research/Fire-statistics-and-reports/Fire-statistics/Vehicle-fires/Highway-vehicle-fires) මේ සියල්ලම පාහේ ඉන්ධන වාහන. සාමාන්‍යයෙන් හැම විනාඩි තුනකට වරක් ම වාහන ගිනි ගැනීමක් ඇමරිකාවේ වාර්තා වෙනවා.

නමුත් වඩාත් ප්‍රචලිත වෙන්නේ විදුලි වාහන වල කලාතුරකින් ඇති වෙන ගිනිගැනීම්. බොහෝවිට විදුලි වාහන ගිනි ගැනීම් ඉන්ධන සමාගම්වල මුදල් ගෙවා ප්‍රචාරය කළ ප්‍රවෘත්ති විදිහටත් ඉස්මතු වෙන බවට සැක මතු වෙලා තියනවා.

ටෙස්ලා කියන දේ

Tesla කියන විදිහට ඉන්ධන වාහන එකොළොස් වතාවක් කටත් වඩා ප්‍රමාණයක් ගිනි ගැනීමේ හැකියාවක් තියෙනවා විදුලි වාහනයකට වඩා. (ගිනි අනුපාතය – ඉන්ධන 11 : විදුලි 1) ඔවුන් කියන පරිදි හොඳම සැසඳීම කළ හැක්කේ ධාවන දුර අනුව එනම් සැතපුම් බිලියනයකට ඇතිවිය හැකි ගිනි ගැනීම් වාරගණන අනුව.

ටෙස්ලා දැනට ලොව පුරා සැතපුම් බිලියන දහයකට වඩා ධාවනය වෙලා තියෙනවා. එලෝන් මස්ක්ට අනුව සැතපුම් බිලියනයක වාර්තා වී ඇති ගිනිගැනීම් ගණන පහක්. එමෙන්ම ඒවා අතරිනුත් අතිබහුතරයක් ඇතිවෙලා තියෙන්නේ අධිවේගී ගැටුම්වලින්. නමුත් මේ තත්ත්වය ලඟදි තවත් අතිශයින් සමනය වෙලා තියෙනවා බැටරිය ආරක්ෂා කිරීමට තහඩු ප්ලේට් යොදවන්න ඔවුන් පටන් ගත්තට පස්සේ.

විදුලි රථ ගිනිවල මුල

ප්‍රධාන සාධකයක් විදියට බැටරිය සහ බැටරි කළමණාකරන පද්ධතිය සැලකෙනවා. මොකද හැම විටම ඉතා සුළු හෝ උෂ්ණත්ව ඉහලයාම් වලට battery නිරාවරණය විය හැකි නිසා. මේ තත්ත්වය මැනීමට දැන් ඉතා හොඳ දර්ශක නවීන විදුලි වාහන වල පාවිච්චි වෙනවා.

ලංකාවෙ තත්වය

හන්ඩේ නියෝජිතයින් දෙපළ ගෝලීය තත්වයන්ට සමානව ලංකාවෙත් අදාල Recall Protocol නිසි අන්දමින් ක්‍රියාත්මක කළ යුතුයි.

නමුත් මීට වැඩිය අතිශයින් භයානක අනතුරක් ඉදිරියේ ලංකාවේ Hybrid සහ ඇතැම් විදුලි වාහන, මුදලට කෑදර ඇතැම් කාර්මිකයන් හෝ නුසුදුස්සන් නිසා.
විශේෂයෙන්ම Hybrid වාහන වල බැටරි ලමනාකාරනය නොමඟ යැවීම අනිසි ඉලෙක්ට්‍රොණික පරිපථයක් පාවිච්චිය මගින්. මෙය අතිවිශාල ගිනිගැනීම් අනතුරක් මෙන්ම පරිසර දූෂණයකට පවා මඟ පාදනවා. මෙවන් අනිසි සහ නීති විරෝධී වෙනස්කිරීම් රටේ නීතියටත් විරුද්ධයි එමෙන්ම හයිබ්‍රිඩ් වාහන වලට දී ඇති වායු විමෝචන සහතික නිදහස පවා අවභාවිතා කිරීමක්.

නමුත් අතිශයින් අවාසනාවන්ත තත්වයක් ලංකාවේ ඇතැම් මාධ්‍ය පවා මෙවන් වෙනස් කිරීම් ලාංකීය නව සොයාගැනීම්, ජපනුන්ටත් කරන්න බැරි දේවල් කරපු ලෙස හුවා දැක්වීම. මේවා මාරාන්තික වෙනස්කම් විදියට සැලකිය යුතුයි, එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. එමෙන්ම වාහන අයිතිකරුවන් පවා වගකිව යුතුයි, බොහෝවිට මේවා සිදුවන්නේ නොදැනුවත්ව නොවන නිසා.

File photo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *