Skip to content

සේවා නව්‍යකරණය

නව්‍යකරණය නැත්නම් Innovation කිව්වම හුඟ දෙනෙක්ට ඔළුවට වැටෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන විතරයි. මේක සම්පූර්ණ වැරදියි. එමෙන්ම අප වගේ රටකට නිෂ්පාදන නව්‍යකරණයෙන් ( Product Innovation) ඉදිරියට යනවා නම් නිෂ්පාදන / ගෝලීය ආර්ථිකයක් තුළ ඇති ඉඩ අවමයි. නමුත් සේවා නව්‍යකරණයට ( Service Innovation ) අවස්ථා සහ තරඟකාරීත්වය උපරිමයි.

දැන් බලමු 2020 ගෝලීය නව්‍යකරණ ආයතන Top 50 තත්වය. මේ ව්‍යාපාර ප්‍රධාන ක්ෂේත්‍ර හතරකට බෙදෙනවා. ඒ තාක්ෂණය, පාරිභෝගික සේවා, බලශක්ති/ප්‍රවාහනය සහ සෞඛ්‍ය ලෙසට.
මේ ගණනය කිරීම් වලදී ඔවුන්ගේ නිර්ණායක තීරණය වෙලා තියෙන්නෙ අලුත් තාක්ෂණය හෝ නිෂ්පාදන මත නෙමෙයි.
ඒ ගෝලීය සමාජ මත බලපෑම, ආයෝජන මත ඇති කළ අගය, අදාල ක්ෂේත්‍රය මත ඇති කරන බලපෑම සහ තරඟකාරීන්ගේ මතය යන සිව්වැදෑරුම් නිර්ණායක මත.

ලැයිස්තුවේ පලමු ස්ථාන දහයෙන් හතක්ම IoT මත ඇති වෙළඳ ආයතන. ඉතිරි තුනත් බොහෝදුරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධයි විශේෂයෙන්ම Amazon, ඔවුන්ගේ ව්‍යාප්තිය අන්තර්ජාලය හා සබැඳි දේ මත.

Missing Service Innovation

අවාසනාවකට මෙන් අපි තවමත් මූලිකත්වය දෙන්නේ නිෂ්පාදන අංශයට, niche production එහෙමත් නැත්නම් විශේෂිත නිෂ්පාදන අංශ වල හැරෙන්න කිසිම ගෝලීය නිෂ්පාදන සාර්ථකත්ව අවකාශයක් දේශීයව නැති උනත්.

සේවා නව්‍යකරණයට උදාහරණයක් අවුරුදු පහකට පසු කොකා කෝලා ආයතනය මේ top 50 ලැයිස්තුවට ඒමත්. ඒ අලුත් කොකාකෝලා වර්ගයක් නිෂ්පාදනය කරලා නෙමෙයි, ඔවුන්ගේ සේවා නව්‍යකරණය නිසා. ගෝලීයව ඔවුන්ට එරෙහිව ඇතිවන ප්ලාස්ටික් දූෂණය සහ සෞඛ්‍ය චෝදනා කළමනාකරණය කර ගැනිමි කියලා හිතනව. ඔවුන් යම් අලුත් නිෂ්පාදන වලටත් ගිහිල්ලා තියනවා ජලය ආශ්‍රිත.
තවත් විශේෂිත දෙයක් මේ ලැයිස්තුවේ තියෙනවා. ඒ මේ ආයතන වලින් අඩකටත් වඩා ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල පිහිටුවා තියන්නේ ඇමරිකාවේ වීම.

මෝටර් රථ ආයතන හතරක් 2020 ලැයිස්තුවේ. ඔබේ ලේඛකයා සතුටුවෙනවා ඉන් ආයතන තුනකම නිල වෘත්තිමය කටයුතුවලට සහ ඉතිරි ආයතනයේත් එනම් ටෙස්ලා පිළිබඳ දේශීයව ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන.

ලංකාවේ භාණ්ඩ නිෂ්පාදනයෙන් ගෝලීය තැනක් ලබා ගන්න බැරි හේතු, මේ මෝටර් රථ කර්මාන්ත ආශ්‍රිතව https://mobility.lk/making-cars-in-sri-lanka

2020 සන්නාම වටිනාකම්

මේක අවස්ථාවක් කරගමු 2020 සන්නාම වටිනාකම් ගැන අවබෝධයක් ගන්නත්. එකක් හැර සියලුම මෝටර් රථ වෙළඳ නාම වල වටිනාකම පහළ බැහැලා. වැඩිම හානිය Honda සහ Toyota ට. හන්ඩේ යන්තම් බේරිල 1% වටිනාකම ඉහළ දාගෙන.
විශේෂම කරුණ 2020 ටෙස්ලා Interbrand ලැයිස්තුවට ඇතුළු වීම අවුරුදු 100 පැරණි Audi, Ford, VW වැනි සන්නාම වලටත් වඩා වටිනාකමක් එක්ක ??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *