Skip to content

කි.මී. මිලියන3.6 බැටරි

විදුලි රථ වල බැටරි කිලෝමීටර මිලියන ගණන් ධාවනය ගැන ලෝකයේ කතා වෙනවා. ලංකාවේ අපිත් මේ ගැන සතුටු වුණාට ඇත්තටම මේක අපේ රටට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. මුල් කාලේ ලංකාවට ආපු ඇතැම් විදුලි රථ වල බැටරි ක්ෂය වීමට අඩු ධාවනය පවා හේතු වුණා.

දැන් ලංකාවේ ලබාගත හැකි රථවල ධාවනය කිලෝමීටර 300 සීමාවේ තිබුනත් අපෙන් ප්‍රශ්න කෙරෙනවා ඇයි ඊට වැඩිය දුවන්න බැරි ඒව නැද්ද කියලා.
ඇත්තටම ලංකාවෙ පුද්ගලික රථ වලින් 80% පමණම දවසක සාමාන්‍යයෙන් ධාවනය වෙන කිලෝමීටර ගනන 50 ට අඩුයි. අපි කරන්නේ වැඩි ගණන් වියදම් කරලා එක් අරෝපනයක ධාවන දුර එනම් range එක වැඩි මෝටර් රථ ගැනීම නාස්තියක් මෙන්ම අපතේ යැවීමක්. ඇයි එහෙම වෙන්නේ යන්න කලින් ලිපිවල පැහැදිලි කෙරුනා.

කිලෝමීටර් මිලියන 3.6 ධාවනය කරන්න පුළුවන් බැටරියක් හදන එක ප්‍රායෝගික බව පමණක් නෙමෙයි එය අනාගත ලෝකයේ අවශ්‍යතාවයකුත් බව Prof. Jeff Dhan කියනවා. Jeff සැලකෙන්නේ lithium-ion තාක්ෂණයේ පුරෝගාමීයා විදියට මෙන්ම අද ටෙස්ලා සමාගමේ පර්යේෂණ ප්‍රධානියා.

මුලින්ම ලෝකය හිතුවේ මේවා ටෙස්ලා කියපු විදියට Robot taxi වලට පාවිච්චි වෙයි කියලා නමුත් දැන් ප්‍රකාශවෙන්නෙ එතනින් එහාට ගිහින් බලශක්ති ජාලවල ගබඩා කිරීමේ පහසුකම ලබාගැනීම සඳහා බව.

මේක විශේෂයෙන්ම වෙන්නේ පිහිටි එනම් වාහනයක් ශක්ති පද්ධතියට සම්බන්ධ කිරීම මත. දැනට මේ පහසුකම නිසාන් ලීෆ් රථවල ලබාගත හැකියි. නමුත් අනාගතයේ දී සියලුම වාහන මේ ක්‍රමවේදයට අනුගත වෙයි. උදාහරණයක් පෙන්නුවොත්, ධාවනය නොවන කාල සීමාව තුළ හැම වාහනයකම බැටරිය දිවා කල ලබාගත හැකි සූර්ය සහ වෙනත් පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය සහ ගබඩා කිරීම උදෙසා භාවිතා කිරීමෙන්.

එමෙන්ම මේ ගබඩා කෙරෙන බලශක්තිය වාහනය ධාවනය නොවෙන අවස්ථාවන්වලදී පද්ධතියට අවශ්‍ය පරිදි එක් කිරීමේ පහසුකම තිබිය යුතුයි. මේ ක්‍රමවේදය දැනට සුළු වශයෙන් ලංකාවෙදි පාවිච්චි උනත් යම් ආර්ථික බාධාවන් පැන නගිනවා ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය සහ Cycle count එනම් ආරෝපණය කළ හැකි වාර ගණන සීමා වීම මත.

දැනට නිර්මාණය වෙන බව ප්‍රකාශිත බැටරියක ආරෝපණය කළ හැකි වාර ගාන දහදාහක් පමණ දක්වාම ඉහළ යනවා. එනම් බැටරියක ආයු කාලය අවුරුදු 25 ක් පමණ වෙයි, දවසකට එක වතාවක් ආරෝපණය වුණත්. මේ බැටරිවල විශේෂිතම ප්‍රයෝජනයක් විදියට මහාචාර්ය ජෙෆ් අර්තදක්වනවා ගුවන්යානා සහ මගී බෝට්ටු විදුලි කරණය කිරීමේ හැකියාව.

අථත්‍ය බලාගාර සහ සුහුරු ජාල

හිතන්න විදුලි වාහන ලක්ෂයක් අපේ රටට ආවොත් ලැබෙන බලශක්ති ගබඩාවේ ප්‍රමාණය. නමුත් මේ තත්වය වාහන වලින්ම පමණක් සපිරෙන්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් විශේෂයෙන්ම සුහුරු ජාලයක් අවශ්‍යයි බලශක්ති ඉල්ලුම සහ සැපයුම ස්වයංක්‍රීයව පාලනය වෙන අන්දමේ. මේ අථත්‍ය බලාගාර සහ සුහුරු පද්ධති ගැන https://mobility.lk/virtual-power-plant-vpp/

අපි මේ කිලෝමීටර මිලියන 3.6 ධාවනය කළ හැකි වාහන ගැන සිතිය යුතු මේ තත්ත්වයන් මතයි. එසේ නොමැතිව අපි යායුතු දුර මත පදනම්ව නොවේ.
දැනටත් ලංකාවේ පෞද්ගලික වාහන අයිතිකරුවන්ගෙන් සියයට අසූවකට පමණ තමන්ගේ දෛනික අවශ්‍යතා උදෙසා මිලියන දෙක තුනකට ගත හැකි වසර කිහිපයක් පැරණි විදුලි රථයක් බොහෝවිට ප්‍රරමාණවත්.

අපේ අවශ්‍යතා අපි සැපිරිය යුත්තේ හැම විටම එහි ආර්ථික ප්‍රතිලාභ මත පදනම්ව. විදුලි රථ සමාන ඉන්ධන රථ වලට වඩා වඩාත් ලාභදායී වෙන බව පැහැදිලිව පෙනෙනවා කිලෝමීටරයක ධාවන වියදම සහ අදාල රථයේ සම්පූර්ණ අයිතිවාසිකම් වියදම ගණනය කිරීමෙන්.

කියවන්න ඒ ගැන මෙතනින් https://mobility.lk/cost-of-km-ev-hybrid/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *