Skip to content

පාරිසරික වෙනසට ප්‍රවාහනයේ බලපෑම

දේශගුණ විපර්යාස හේතුවෙන් ලංකාවේ ප්‍රවාහනයේ Technical Need Assessment සහ Technology Action Plan නිගමනය වෙනව. ඒ පරිසර අමාත්‍යාංශ Climate change secretariat හරහා Green Climate Fund සහ UN FAO මගින්.

Transport අමතරව විශ්ලේෂණය කෙරෙන අනෙකුත් අංග Energy, Industry, Waste, Forestry and agriculture.

Taj Samudra හෝටලයේදි 2nd Transport sector stakeholder consultation එකට සහභාගි වුණා. මෙයට ප්‍රවාහනය, පරිසරය සහ ප්‍රතිපත්ති සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන සහභාගි වුණා. Ministry of Transport, Environment, CEA, Public Administration, RDA, Dept of Railway, SLTB, RMV, Universities, Emission test companies etc.

මම පෙන්වා දුන්නා ප්‍රවර්ධනය වෙන EV යනු පෞද්ගලික වාහන නොවිය යුතු බවත්, Public transport ( Bus and Train ) ප්‍රමුඛ විය යුතු බවත්.

එමෙන්ම රටේ ආර්ථික ගැටලුවටත් මූලික හේතුවක් බව ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැතිකම. Climate mitigation සඳහාත් National Transport Policy මූලික අවශ්‍යතාවයක් බව. මොනම ව්‍යාපෘතියක් වුණත් කළ යුත්තේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය ස්ථාපිත කළ පසු බව.

රටේ තියෙන පෞද්ගලික වාහන ප්‍රමාණය දැනටත් දරා ගන්න බෑ. අප කොච්චර පුංචි කාර් සිහිනයේ සිටියත් scrap policy නැති රටක ඒ මත තවත් විදුලි හෝ වේවා පෞද්ගලික වාහන පැටවීමෙන් වෙන්නේ පාරිසරික පමණක් නෙමෙයි ආර්ථික ප්‍රශ්න පවා උග්‍ර වීම.

ලංකාවට බලපාන කාලගුණ විපර්යාස පමණක් නෙමේ ආර්ථික පවා අවම කිරීමට නම් පුද්ගලික වාහනවලින් පොදු ප්‍රවාහනයට මාරුවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. එමෙන්ම Micromobility එනම් පාපැදි සහ පා ගමන් වලට පොදු ප්‍රවාහනය සමඟ synergise වීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බව. ඒ multimodel transport hub සහ තවත් යටිතල පහසුකම් මත.

මේක රටේ ප්‍රවාහන ප්‍රමුඛතා අධ්‍යනය කෙරෙන, සාධනීය ඉලක්ක තීරණය කෙරෙන, ඒ ඉලක්ක ම සපුරා ගැනීමට රටක් වශයෙන් අපේ ආධාර කණ්ඩායම්වලට ගෝලීයව වගවීම් වෙන වැඩසටහනක්.
මේ ගැන වඩාත් ජනතා අවධානය යොමු විය යුතුයි. වඩාත් විස්තර ඉදිරියේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *