Skip to content

දේශීය රැල්ලේ කාර්

දේශීය නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ.

අතිශයින් කනගාටුවට කරුණක් මේ පිළිබඳව ලාංකිකයන්ගේ නොදැනුවත්කම සහ හැදෑරීමක් කිරීමට ඇති අකමැත්ත.

මොනම නිෂ්පාදනයකටත් පෙර දැන් හැමදෙනාම කැස කවන්නේ දැනටත් රටේ අතිරික්තයක් තියන වාහන නිෂ්පාදනයට. රටේ ඇති අධික බදු වල වාසිය ගන්න. ( ප. ලි. 2020 සිට ඇති ආනයන තහනමත් මීට දැන් එක්වෙලා).

ඇතැම් එකලස් කරන්නන්ගෙන් විමසුවා ඉන්දියාවේ ඒවෙනකොටත් වැඩිපුරම විකිණුන සහ වැඩිපුරම ලාභ උපයන මරුටි 800 නිෂ්පාදනය නවත්වන්නවුනේ ඇයි කියලා. නමුත් ඒකවත් දැනගන්න අවශ්‍ය වුණේ නෑ රටේ අති බහුතරයකට සහ අවම වශයෙන් නිර්මාණකරුවන්ටවත්.

ආර්ථිකව සාර්ථක කරන්න බැරිනම් කිසිම නිෂ්පාදනයක් සාර්ථක වෙන්නේ නෑ. නිෂ්පාදනය හෝ එකලස්කිරීම මුවාවෙන්, අඩු මිලට දෙන්න හදන කාර් අන්තිමේ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි එන World class මෝටර් රථයකට වැඩිය මිල වැඩිවෙයි. මේ ඒ කොහොමද යන්න ගැන ඉතා කෙටියෙන්. 

නිෂ්පාදකයෙක් වීමට අවශ්‍ය මුලික දේ

සාර්ථක ආර්ථික සහ සමාජයීය ඉලක්ක කරා යාමේදී අප සැලකියයුතු කරුණු බොහොමයක්. මෝටර් රථයක් නිෂ්පාදනයට එක් පෑන් ඉරක්වත් ඇදීමට පෙරම අප එහි ආර්ථික වටිනාකම, සාර්ථකත්වය පිලිබඳ අවධානය යොමුකළ යුතුයි.

මේ ආර්ථික සාර්ථකත්වයට අදාළ කරුණු අතර පහත දේවල් ප්‍රධාන වෙනවා. නමුත් තව බොහෝ අංශ තියනවා සලකා බැලිය යුතු.

  • නිෂ්පාදන යටිතල පහසුකම්, අමුද්‍රව්‍ය, බලශක්තිය, බලශක්තියේ මිළ, තාක්ෂණික හැකියා, තරඟකාරී ශ්‍රමය සහ එහි මිල ආදී අංශවලින් කලාපීයව තරඟකාරී වීමට ඇති හැකියාව.
  • ප්‍රමාණවත් දේශීය වෙළඳපොළක් තිබීම.
  • කලාපීය සහ ජාත්‍යන්තර වෙළඳපොල ආකර්ෂණය කිරීමේ හැකියාව.
  • අවශ්‍ය අමතර කොටස් දේශීයව නිෂ්පාදනය වීම.
  • හොඳ supply chain තිබීම.
  • දැනට ඇති ගෝලීය, කලාපීය සහ දේශීය නීතිවලට අනුගත වූ පසු නිෂ්පාදන වියදමේ තරඟකාරීත්වය.
  • අනාගත ආරක්‍ෂිත සහ පාලිත ක්‍රමවේදයන්ට අනුගත වීමේ හැකියාව.

නමුත් අධික ආනයන බදු වල පිහිටෙන් අලෙවි කරනවා හැරෙන්න මේ කිසිවකින් අපට ගෝලීයව තබා කලාපීයවවත් තරඟකාරී විය නොහැකියි.

ඊළඟට බලමු මෝටර් රථ නිෂ්පාදනයට බලපාන නියාමනය (Statuary and regulatory) පැත්ත.

මෝටර්රථ නිෂ්පාදනයට බලපාන නීති

මෝටර් රථ කර්මාන්තයේ නියාමනය දැන් දේශීය තත්වයෙන් එහාට ගිහින්. අපි අකමැති වුනත් යම් ගෝලීය නිර්ණායක වලට එකඟ වෙන්න වෙනවා. අපි ජීවත් වෙන්නේ හෙන්රි ෆෝර්ඩ්ගේ මොඩල් ටී එක හදපු කාලේ නෙමෙයි බව තේරුම් ගත යුතුයි.

මෝටර් රථවල පෙනුම, ඒවායේ අංගෝපාංග නිර්මාණය කර ඇති ආකාරය සහ ඇතුළත් කර ඇති ආරක්‍ෂිත අංග ඕනෑම වාහනයක සමස්ත ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපානවා. මේ මූලික තත්ත්වයන්ට අනුගත වීමට යාමේදී එහි නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීම අනිවාර්යෙන් වෙනවා. 

මෝටර් රථ නීතිරීති සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයාට වාසි සැලසීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට. ඒවා අනුගමනය නොකළහොත් වාහන නිෂ්පාදකයින්ට දැඩි දඩ සහ වෙනත් දඩුවම් වලට පවා මුහුණ දෙන්න වෙනවා. ඔය මිලියනයට කාර් ගන්න කතා කරන අය එක්කෙනෙක්වත් ඔය වගේ වගේ නිෂ්පාදන වලට මුදල් යොදවන්නේ නැහැ. අනෙක ඒක මිලදී ගත්තත් ගත්තු දවසේ ඉඳන් පැමිණිලි කරන එකම තමයි කරන්නේ.

රජයේ නියාමනය සහ පෙනුම

1950 දශකයේ දී පාරිභෝගිකයෙකුට එක් මෝටර් රථයක් තවත් මෝටර් රථයකින් එහි නිෂ්පාදිතය හා ආකෘතිය අනුව පහසුවෙන් හදුනාගන්න පුළුවන් වුනා. මෝටර් රථ මෝස්තර වසරින් වසර වෙනස් වන අතර මෙම මෝස්තරවල නිර්මාණශීලිත්වය තාක්ෂණයත් එක්කයි වෙනස්වුනේ. එනම් මෙම සැලසුම් දැන් බොහෝවිට එක සමාන වෙලා, ආරක්ෂාව සහ වෙනත් ප්‍රමිතීන්ට අනුගත වියයුතු නිසා.

නිදසුනක් වශයෙන්, ආසන පටි, එයාර් බෑග් සහ හැකිලෙන කලාප වැනි නවීන ආරක්ෂක අවශ්‍යතා එකතු කිරීමට රජය පියවර ගත් විට, මෝටර් රථ සැලසුම් බොහොමයක් එක හා සමානව පෙනෙන්න ගන්න ගමන්ම මෝටර් රථ සමාගම් මෙම අවශ්‍යතාවන්ට වඩා පහසුවෙන් අනුකූල වුනා. සෑම ආරක්‍ෂිත අංගයකටම සැලසුම් සීමාවන් තියනවා, යම් ඉඩ ප්‍රමාණයක් ගන්නවා වගේම මෝටර් රථයේ නිශ්චිත ප්‍රදේශයකටයි ගැලපෙන්නේ. මේ තත්ත්වය නව වාහන සංකල්ප නිර්මාණය කිරීමේදී මෝටර් රථ නිර්මාණකරුවෙකුගේ විකල්ප සීමා කරනවා.

ඉන්ධන කාර්යක්ෂමතා අවශ්යතා

නීති සම්පාදකයින් මෑත වසරවලදී ඉන්ධන කාර්යක්ෂමතාවයට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීල. 2025 වන විට ඉන්ධන කාර්යක්ෂමතා ඉලක්ක ගැලුමට සැතපුම් 54.5 දක්වා ඉහළ නැංවීම සඳහා 2012 දීම ප්‍රමිතීන් වැඩි දියුණු කරලා තියෙන්නේ. ඉන්දියාව වුණත් දැනටමත් යුරෝ ප්‍රමිතීන් හා සමගාමීව යන ඔවුන්ගේ භාරත් නම් ඔවුන්ගේම ප්‍රමිතියක් නිර්මාණය කරලා. මෙම අරමුණු කරා ළඟා වීමට නව තාක්ෂණයන් සංවර්ධනය කරන්න හා ක්‍රියාත්මක කරන්න නව මෝටර් රථ වලට සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වෙනව.

විමෝචන නීති පිරිවැය වැඩි කරනවා

පරිසර දූෂණය ගැන අපි හැමෝම කතා කරනවා කොළඹ නුවර වැනි ලංකාවේ ප්‍රධාන නගරවල පරිසර දූෂණය වෙලා තියෙන්නෙ රථවාහන නිසා. එය අපගේ සෞඛ්‍ය තත්ත්වයට මෙන්ම corona වැනි වසංගත රෝග තත්වයන්ට පවා කෙලින්ම බලපාලා. ඒ ගැන ලින්ක් එකකුත් අවසානයට.

මෝටර් රථ විමෝචනය අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති උත්ප්‍රේරක, පරිවර්තක සහ වෙනත් උපාංග සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම සහ නිෂ්පාදන තත්වයට ගෙන ඒමේ දී අපට හිතන්න බැරි තරම් මුදලක් වැය වෙනවා එක මෝටර් රථයක් හෝ නිෂ්පාදනයට පෙර. මෙම වියදම අවසානයේ පාරිභෝගිකයා වෙත පැවරෙන අතර පාරිසරික නීති ඉතා විශාල වශයෙන් මෝටර් රථ කර්මාන්තයේ අනාගතයට බලපානවා.

EOS සහ Homologation

නිෂ්පාදනයේ පරිමාණය (Economy of Scale), එනම් ගෝලීය ආර්ථිකයක් තුළ අපේ වැනි කුඩා දේශීය වෙළෙඳ පොළක් දිහා බලාගෙන වාහන නිර්මාණය කොහෙත්ම ප්‍රයෝගික නෑ. විදේශීය වෙළඳපොළකට යැවීමට පෙර වෙනස් කිරීමක් අවශ්‍ය නොවන ප්‍රමිතිගත වාහන තිබීම අත්‍යාවශ්‍ය තත්ත්වයක්. මෙය තව දුරටත් වියදම් එකතු කරන අතර සැලසුම් ක්‍රියාවලියට බාධාකරනවා.

මේ කිව්වේ වෙළෙඳපොළ ආර්ථිකය කින් තොරව වුවත් නිෂ්පාදන තත්ත්වයට එළැඹීමට පෙර සලකා බැලිය යුතු තාක්ෂණික තත්ත්ව, මෝටර් රථ නිෂ්පාදනයේදී. නමුත් අනෙක් පාරිභෝගික හෝ ආයතනික නිෂ්පාදන වලත් අඩු වැඩි වශයෙන් මේ තත්ත්ව එහෙමමයි

ඒවා අපේ වගේ පොඩි රට වලට කරන්න බැරි දේවලුත් නෙමෙයි මේ තත්ත්වයන් සපුරාගෙන ගෝලීය ආර්ථිකයේ තරග කරන ආයතන ලංකාවේ තියෙනවා නමුත් ඒවා එක රැයින් වෙච්ච දේවල් නෙමේ.

Tax Evasion

Assembling Cars in Sri Lanka is simply an evasion of taxes! None of these people can move beyond the so-called assembly which will only eat into the country’s duty revenue, with no benefit to the consumer cost or quality of product!

Many local companies are running into automobile production although Australia England Sweden etc either closed or sold their factories! The country got no competencies to be an automobile-producing nation on a level playing field!

Simply speaking this country cannot make automobiles sustainably…. in fact, we don’t need to make any here! Moreover this scrap policyless country has more private modes of mobility than it really required!

Instead, ශ්‍රී Lanka may make buses and trains to improve public transportation!

අපට තවත් වාහන අවශ්‍යද යන්න මෙතැනින් >

එමෙන්ම ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ඉදිරියේ යන තැන ගැන දැනගත යුතුමයි. බොහෝ රටවල් දැනටමත් ඉන්ධන රථ නිෂ්පාදනය සහ අලෙවිය නවත්වලා 2030 තරම් ළඟ කාලෙක ඉඳන්ම. මේ ඒ ගැන. UK-ban-fuel-hybrid-by-2030

මෝටර් රථ විමෝචන වායු සහ වැඩි කොවිඩ් මරණ Air-pollution-causes-covid-deaths

මහා පරිමාණ නිෂ්පාදන ආර්ථිකයක් ගැන හිතනවා නම් මෙන්න ලංකාව කළ යුතු දේ. Global-production-to-sri-lanka

ලංකාවේ හැදෙන කාර් දෙකක් සහ ඒවායේ ගමන් මග ගැන :  Local-car-production හැමදේම රටතුළ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *