පාවිච්චිකළ වාහනයක් ගැනීම අලුතින් ගන්නවට වඩා වඩා විශාල වාසියක් තියනවා, ආර්ථික වශයෙන්.
නමුත්, පාවිච්චිකළ වාහන වෙළඳපොල ඉතාමත් සැකකටයුතුයි, මෙය විදුලි සහ ඉන්ධන වාහන දෙවර්ගයටම පොදුයි. මේ වෙළඳපොල මුදල් මත මිසක් අවංකකම මත යැපෙන සාධාරණ වෙළඳාමක් නොවන නිසා, බොහෝවිට.
මේ සාමාන්‍යයෙන් වාහනයක් ගැනීමේදී සැලකියයුතු කරුණු. Buying-a-used-car/
විදුලි රථයක් ගැනීමේදී ඇත්තටම ගැටළු අඩුයි. නමුත් පොදු කරුනූ, එනම් නීතිමය තත්වය ගැන සැලකිලිමත් විය යුතුයි,උඩ ලින්ක් එකේ දක්වා ඇති විදියට.
විදුලි රථයක් ඊළඟට සලකා බැලිය යුතුයි ඔබට සුදුසුද කියලා. ඒක මෙතනින් දැනගන්න විදුලි රථ ~ ප්‍රශ්න සහ උත්තර
මෙන්න විදුලි රථයක් ගැනීමේ මූලික වාසි.
- සමාන ඉන්ධන රථයකට වඩා අඩු ප්‍රාග්ධන වියදම
- අවම නඩත්තු සහ අලුත්වැඩියා වියදම
- නිවසේදී ආරෝපණය කලහැකිවීමේ පහසුව සහ අවම වියදම
- අවම ධාවන වියදම සහ නැවත විකිණීමේදී ආර්ථික වාසිය
- පරිසරය පිළිබඳව ඔබගේ සමාජ වගකීම ඉටුවීම
දැන් බලමු කොහොමද හොඳ පාවිච්චිකළ විදුලි රථයක් තෝරාගන්නේ කියල. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකන්නේ නිසාන් ලීෆ්, ලංකාවේ 90% තියෙන්නේ ලීෆ් නිසා.
මුලින්ම කිවයුතුයි විදුලි රථවලට මුලිකව ඇති විරෝධය, වැරදි මත නිසා ඇතිවුණු අඩු ජනප්‍රියතාව (මේවට හේතු වෙනම කියල ඇති), වෙළෙන්දන් සහ අයිතිකරුවන් තමන් විකුණන රථ පිළිබඳව නොදැනුවත්කම, කෘතිමව මිල හැසිරවීමේ වෙළඳ උපක්‍රම සහ මිල අඩු රථ අවශ්‍යතාවය නොසලකා ගැනීමට පෙළඹීම මේ තීරණය ගැනීමේදී ගැටළු ඇති කරනවා.
නැවත විකිණුම් වටිනාකම ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොහෙත් බැලෙනවා. ලංකාවේ මේ පිළිබඳව තියෙන්නේ වැරදි වැටහීම් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම අපේ ගනනයකිරීම් මත. මේකත් කියවලා ඉන්න, අපේ ආයෝජනයේ ක්ෂයවීම් ගැන නිවැරදි වැටහීමක් තිබියයුතුයි. : Running Cost Vs Resale value
බැටරි බාර් ගණන හෝ අලුත් බැටරි ස්කෑන් එක ගැන පමණක්ම විශ්වාසය තියන්න එපා. ඒ ඔක්කොම කිලෝමීටර් ගණන වෙනස්කරනවා වගේම ඉතා පහසුවෙන් වෙනස්කරන්න පුළුවන්.
මේ ලීෆ් ෆෝරම් එකක ගිය සාකච්චාවක්. වංචාකාරයෝ පිරුණු තැනක් තමයි පාවිච්චිකළ වාහන වෙළඳපොල. නමුත් හොඳ විදුලි රථයක් හොයාගන්න එක කළහැකි දෙයක්, එමෙන්ම හොඳ විදුලි රථ වෙළඳපොලේ තියනවා.

මෙන්න ඔබ සලකිය යුතු ප්‍රධාන කරුණු ලංකාවේ පාවිච්චිකළ විදුලි රථයක් මිලදී ගැනීමේදී, ඉහත පොදු කරුණු සියල්ල සැලකීමෙන් පසු. නමුත් මෙපමණක් නොවේ ඔබ අවධානය යොමු කලයුතු.
- මිල ප්රධානසාධකය නෙමෙයි, දැනට ලැබෙන රේන්ජ් එකෙන් 75% ක් ඔබේ අවශ්‍යතාවට ඊළඟ වසර දෙකට ප්‍රමාණවත් විය යුතුයි. (මිලදීගන්නේ කාලීන අවශ්‍යතාවකට නොවෙයි නම්)
- පැරණි ස්කෑන් වාර්තා අවම වශයෙන් මාස හයකට වරක්වත් අරගෙන තියනවානම් හොඳයි.
- පළපුරුදු කාර්මිකයෙක් ලවා පූර්ණ පරීක්ෂාවක් කරගන්න GoEV https://goev.lk/ චෙක්ලිස්ට් එක ඉදිරි ප්‍රයෝජනයට තියාගන්න.
- බැටරි ආරෝපණ තත්වය (SOC ) අඩුවූ පසු නැවත වේග අරෝපකයකින් පූර්ණ අරෝපනයක් දෙන්න. ඉන්පසු පෙර සහ පසු බැටරි ප්‍රතිශතය, රථයෙන් පෙන්වන කිලෝවොට් පය ගණන සහ අරෝපකයෙන් ලබාදුන් කිලෝවොට් පැය ගණන සසදන්න.
- Full range එක ප්‍රායෝගිකද කියලා දවසක්වත් දුවල හොයාගන්න පුලුවන්නම් ඉතා හොඳයි. නමුත් මේ ක්රමයේ සහ ඉහත ක්‍රමයේත් සැඟවිය හැකි කරුණක් තියනබව (use of reserve capacity) අමතක කරන්න එපා.
ඒ බැටරිය ගැන, මේ අනෙකුත් තාක්ෂණික කරුණු.
Pre-purchase checks
The Leaf has a simple trim line up, is mechanically simple (few parts), and usually owned by meticulous EV enthusiasts. This means you are unlikely to encounter a lemon. The few specific checks for a Leaf before purchasing are:
12 bars of battery life available (see Battery health).
Navigation unit does not say “SD card missing” – this are notoriously difficult to replace and the stereo and Bluetooth are unusable without it. Apparently this only applies to ex-Japan models.
Assess degree of rust on top of the front suspension struts. These are located under covers at the rear corners of the engine bay. Most Leafs have some superficial rust, which is acceptable, but look out for corrosion of the surrounding body work or loss of the screw threads indicating excessive rust.

ඉහත සියලු දත්ත සහ වාර්තා හොදින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ ගන්න, වරදින්නේ නැහැ. මේ ලංකාවේ වැඩිපුරම තිබෙන මාදිලිවල අංගෝපාංග වල වෙනස්කම්.
Trim comparison – 2012 – 2015 Gen 2
S / Visia | X / Acenta | G / Tekna | |
---|---|---|---|
Charge timer | Y | Y | Y |
Climate timer | Y | Y | Y |
Heated seats/steering wheel | Y | Y | Y |
Electric folding mirrors | Y | Y | Y |
Bluetooth audio & phone handsfree | Phone only | Y | Y |
Reverse camera | Option | Option | Y |
CHAdeMO fast charger | Option* | Option* | Y |
Fog lights | Option | Option | done |
B mode | Y | Y | |
Heat pump | Y | Y | |
Cruise control | Option | Y | |
LED low beam headlights | Option | Y | |
Alloys | 16″ option | 17″ | |
Auto headlight on/off | Option | Y | |
Parcel tray | Y | ||
Spoiler solar panel | Y | ||
Bose 7 speaker audio | Option | ||
360 surround camera system | Option | ||
Leather | Option | Option |
මිලදීගන්න ඉස්සෙල්ල ටික දිනක් පාවිච්චිකරන්න තියනවනං කොපමණ හොඳද! මෙන්න ඒකටත් දැන් අවස්තාවක්. Hire-Trial-Own
ඔබට ජය !