Skip to content

හයිඩ්‍රජන් කාර්?

හයිඩ්‍රජන් කාර් ගැන ඇත්ත ටිකක් ගාවල අසත්‍ය වපුරනවා දේශීය විතරක් නෙමෙයි විදෙස් මාධ්‍යත්. ලාංකිකයෝ නං නොදන්නාකමට හෝ ලාබ ජනප්‍රියතා වෙනුවෙන්. ඒත් පිටරට කොම්පැනි සහ මාධ්‍යවලට කුප්‍රකට හේතු තියනව fossil fuel cartel, delay tactics, hoodwinking ආදිය නිසා.

පිටරටවල නැතිවුනත් ලංකාවේ ප්‍රධාන මාධ්‍යත් මේ වැරැද්ද දිගටම කරනව. වරක් කිව්වා Toyota hydrogen Hilux හදනව කියල. ඒ Mirai drive train Hilux එකට සවිකරලා pilot project එකක් විදියට. මේක පරීක්ෂණයක් විතරයි. තාම Toyota තීරණය කරලවත් නෑ අනාගතය battery electric ද, හයිඩ්‍රජන් ද කියල වත්. අනෙක් නිෂ්පාදකයෝ battery electric වලට දැනටම ගියාට.

හයිඩ්‍රජන් Locomotive ලෝකයේ දියුණු රටවල පරීක්ෂණ ධාවනය වුණා. නමුත් දැන් ජර්මනිය පවා තීරණය කරලා තියෙනවා ඒගොල්ලන්ගෙ අනාගත Railway, hydrogen වීම අත්හරින්න වියදම බැටරි electric railway වලට වඩා 80% වැඩි නිසා.

හයිඩ්‍රජන් තාක්ෂනය

Hydrogen වුණත් බැටරියක් තියනව, නමුත් කුඩායි. එමෙන්ම හයිඩ්‍රජන් කියන්නෙ energy source එකක් එනම් ශක්ති උත්පාදකයක් නෙමෙයි, බැටරියක් වගේම ශක්තිය ගබඩාකරණ ක්‍රමයක් පමණයි. Hydrogen car, Mirai පවා commercial success නෑ.

හයිඩ්‍රජන් ක්‍රම දෙකකින් මෝටර් රථවලට පාවිච්චි කරන්න පුළුවන්. FCHV එනම් ෆුවල් සෙල් සහ hydrogen combustion එනම් අපේ සහ ලෝකයේ අය ලොකුවට කියන හයිඩ්‍රජන් එන්ජින් විදියට.

ඔය ක්‍රම දෙකම යම් හේතු උඩ pilot project වෙනවා. ලොකුවට කියන Toyota Mirai ත් අවුරුදු 10 තිස්සේ දඟලනව තාම කාර් 25,000 විකුණල නෑ 🤣 තව BMW, Hyundai හෙම. ඒවාත් හුඟක් ආයතන වලට දීපුවා පරීක්ෂණ ධාවනයට. ඉතින් ඔය කොං කෑලි අල්ලගෙන මාධ්‍ය සහ තවත් අය ජනතාව මුලාකරනවා.

කාර්යක්ෂමතාව වැඩිද?

විදුලි රථ එනම් මේ EV වල කාර්යක්ෂමතාව දැනටම 77% වෙද්දි 2050 වෙනකම් උත්සාහ කලත් හයිඩ්‍රජන් වලට ළඟාවෙන්න පුළුවන් 42% ක කාර්යක්ෂමතාවක් පමණයි 🤣 නමුත් හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීමේ වෙන විශාල ප්‍රයෝජන තියෙනව, කාර් වලට කිසිදු ශක්‍යතාවක් මෙතෙක් නොපෙන්වුවාට.

තාක්ෂණය දියුණු වෙනව, නමුත් අද හිතාගන්න වත් බැරි දේ හෙට එකපාර වෙන්නෑ. අවාසනාව මේ ප්‍රවෘත්ති, පෝස්ට්, talk show වල කියවෙන මුළාවට තියෙන positive කමෙන්ට් අනුව රට සංවර්ධනය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. අපි අලුත් බොරුවක් විකාරයක් මත සතිය ගෙවනවා.

ලංකාවේ දේශපාලකයෝ, මාධ්‍ය සිට පේජ් ඇඩ්මින්ලා වෙනකම්ම මොකක් හරි කොනක් අහු උනාම ඇත්ත නැත්ත නොබලා ඒක ඇදගෙන දුවන්න දක්ෂයි. වොක්ස්වාගෙන් ෆැක්ටරියේ ඉඳලා දේශීය කාර් හැදිල්ල, වතුරෙන් කාර් දිවීම, රසදිය energy ආදිය. ජාතියේ බලශක්ති නිර්මාපකයා විදියට හොරෙක්ව හඳුන්වලා දීපු රටක් ශ්‍රී ලංකාව 🤣

මේ බොරු ප්‍රචාර යටින් හැංගුන ව්‍යාපාරික හේතු සහ බලශක්ති මාෆියාව ගැන අනාගතේ Mobility Alliance YouTube වීඩියෝවක් පලවෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *