Skip to content

ලීෆ් වලට බැටරි

විදුලි රථ වලට, විශේෂයෙන්ම ලීෆ් වලට බැටරි හිඟයි යන්න පොදු මතයක් වුනත් පසුගිය වසර කීපය තුලම 2011 ~ 2017 ලීෆ් (ZEO සහ AZEO ) වලට නොකඩවා රිප්ලේස්මන්ට් බැටරි ලැබිල තියනවා. ඇතැම් කාලවල හිඟය පැවතුනා. (2022 May update – There is a shortage due to forign currency issues, also a price escalation). මිළ සහ තත්වය හොඳ නම් මේවා ලංකාවට එන්න පෙරම විකිනෙනවා. (2022 Dec update: No shortage now)

බැටරිවල මිළ තවත් කතිකාවතක්. ඇයි මිළ වැඩිවෙන්නේ, අඩුවිය යුතුව තිබියදී? මොකක්ද නියම මිළ වියයුතු? අනාගතයේ තව වැඩිවෙයිද, අඩුවෙයිද? ආදිය පොදු ගැටළු.

මේ ලිපියේ අදහස මේ කරුණු පැහැදිලිකිරීම.

මොනවද මේ බැටරි වර්ග?

ලංකාවේ ලීෆ් වලට බැටරි සවිකරන ක්‍රම කීපයක් තියනවා. ඒ මොඩියුල් ගෙන්වා සවිකිරීම, ජපානයේ හෝ යුරෝපයේ භාවිතාකළ බැටරි ගෙන්වා සවිකිරීම හෝ අලුතින්ම නිසාන් ලීෆ් බැටරි ගෙන්වා සවිකිරීම යන්න මුලික ක්‍රම.

මේ ලිපියේදී අපි සලකන්නේ නැහැ ලංකාව තුල භාවිතාවූ මොඩියුල හෝ බැටරි හුවමාරුව, මන්ද ඒවා දේශීයව හුවමාරුවක් පමණයි නිසා.


අලුත් බැටරි සවිකිරීම

ගෝලීයව පවත්නා මිල සහ නිෂ්පාදකයාගේ ක්‍රමවේද නිසා මෙය ඉතාමත් අපහසු මෙන්ම මිල අධික ක්‍රියාදාමයක්. විදේශයකදී 24 kWh බැටරියක අලුත් මිල 8,000 USD+ පමණ වෙනව (2017 දත්ත). පවත්නා (2021 ) නැව් ගාස්තු සහ විනිමය අනුපාත අනුව මේවායේ මිල රුපියල් ලක්ෂ 30 න් ඉහලට යනවා. 40 kWh අලුත් බැටරියක මිළ 12,000+ USD වෙනව. එනිසා ලංකාවේ ලීෆ් හිමියන් මේ බැටරි මිලදී ගන්නේ නැහැ. එමෙන්ම අලුත් බැටරි ගෝලීයව නිකුත්වෙන්නේ සීමිතව. ඒ ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න. (Update:24 සහ 30 kWh බැටරි දැනට අලුතින් නිෂ්පාදනය වෙන්නේ නෑ – Only 40 and 62 kWh batteries are in production)

මොඩියුල ගෙන්වා සවිකිරීම

මේ ක්‍රමවේදය තුල ගෙන්වන්නේ අලුත් මොඩියුල බව පැවසුවත් එය අර්ධ සත්‍යයක්. විශේෂයෙන්ම මේවායේ නිෂ්පාදන වර්ෂ පැරණි නිසා. එමෙන්ම ලංකාවට ලැබෙන්නේ වගකීම් සහිතව හෝ නිෂ්පාදකයාගෙන් (OEM) නොවන නිසා.

(Update 2022 – මෙවන් මුලාශ්‍රය අපැහැදිලි මොඩියුල වුනත් චීනේ තිබුනේ 2020/21 වසරේ පමණයි. ඉන්පසු ලබාගත නොහැකි වුනා)

This is what we know so far. These are modules of OEM of Nissan, AESC made within the years of 2015/2016. Still, we couldn’t get any quality certification, authenticity, or test certificates from the Chinese supplier. Although there are many parameters to be checked prior to assembling the kit we are not in a position to ascertain any prior shipment.
Dissimilar to the original cycle count of 4000 these have been guaranteed only for 800, yet no certificate.

අලුත් මොඩියුල

චීනයෙන්, පෝලන්තයෙන්, යුරෝපයෙන් ආදී වශයෙන් නව මොඩියුල ගෙන්වා බැටරි නැවත නිෂ්පාදනනය ලංකාවේ කරන බව පැවසුනත් ඒ පිලිබඳ විශ්වාසදායී ක්‍රම සහ ප්‍රසිද්ධ තොරතුරු නැහැ. ප්‍රසිද්ධ නොකරන ප්‍රතිකර්ම බොහෝවිට වන්චනිකයන්ගේ ව්‍යාපාර විය හැකියි.

එමෙන්ම තම භාවිතයට බැටරියක් ඇමිණුම සහ වෙළඳ නිෂ්පාදනයක් කිරීම අතර අහසට පොලව වැනි වෙනසක් තියනවා. එමෙන්ම ලොව පිළිගත්, ආරක්‍ෂිත නැවත එකලස්කළ ලීෆ් බැටරි දැනට ලෝකේ කොහෙවත් වාණිජව නිෂ්පාදනය වෙන්නේ නෑ (update 2022).

හොඳ මොඩියුල නෑ!

ලංකාවේ දැනට හොඳ මොඩියුල් නැහැ. සෙල් නං කොහොමත් මාරුකරන්න ලංකාවේ දැනට තාක්ෂනය නැහැ. එමනිසා අප මේ ක්‍රමවේදය දැනට අනුමත/අනුගමනය කරන්නේ නැහැ. මෙතනදී සිහිතබාගතයුතු දෙයක බැටරියක ඇති වටිනාකම නැතිවීම මොඩියුල මාරුවේදී.

නමුත් යම් බැටරියක එකක් හෝ මොඩියුල කිහිපයක් දුර්වල බව හඳුනාගත් විට ඒ මොඩියුල පමණක් මාරුකිරීම සාර්ථකව කලහැකියි. අමතක කරන්න එපා මේ තත්වයට මුහුණ පාන්නේ ලංකාවේ ඇති බැටරි වලින් 1% පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බව. එමනිසා බැටරි අලුත් වැඩියාව බොහෝවිට මුදල් නාස්තියක් වෙනවා.

බැටරියක ලෙඩක් ඇත්නම් විසඳිය හැකියි, නමුත් ක්ෂයවීම ලෙඩක් නෙමේ. එය අලුත්වැඩියා කළ නොහැකියි, කල හැක්කේ වලක්වාගැනීම (Prevention) පමණයි. ඒ ගැන වෙනම පැහැදිලි කිරීම් කරලා තියනවා.

GoEV ~ eMotion workshop

භාවිතා කල බැටරි ආනයනය

මෙය දැනට භාවිත වෙන හොඳම සහ විශ්වාසදයකම ක්‍රමය ලෙස සැලකෙනවා. මෙහිදී ආනයනය කෙරෙන්නේ බොහෝවිටම ජපානයෙන් නැත්නම් යුරෝපයෙන්. ඊට හේතුව එම රටවල පවත්නා මධ්‍යන්‍ය උෂ්ණත්වය මත බැටරි ක්ෂයවීම අවම නිසා.

විදේශයන්ගෙන් kWh 24, 30, 40, 62 (දැන් 60 kWh) යන වර්ග හතරෙන්ම ලැබෙනවා. ලංකාව වගේ කුඩා රටකට 62 kWh වැනි දිගු දුර බැටරි අවශ්‍යද යන්න නම් ප්‍රශ්නයක්. ඔබට, ධාවන අවශ්‍යතා වලට ගැලපෙන බැටරිය තෝරා ගැනීමත් ඉතා වැදගත්. මිළ මත පමණක් පදනම්ව දෙයිනික අවශ්‍යවෙන දුරෙන් අඩකට අඩු ධාරිතා තියන බැටරි තෝරාගැනීමත් අනුමත කල නොහැකියි.

  • 24 kWh 2014/17 – Range 130 to 170 KM
  • 30 kWh 2015/17 – Range 150 to 200 KM
  • 40 kWh 2017/23 – Range 250 to 300 KM
  • 62 kWh 2017/21 – Range up to 450 KM
  • 60 kWh 2022/23 – Range 450 KM +

ජපානයේ නම් පිළිගත් වාහන වෙන්දේසි වලින් අනතුරට පත්වූ සම්පුර්ණ මෝටර්රථය ලබාගෙන බැටරිය වෙන්කර ගෙන ඒමේ පහසුව පවතිනවා.

ආනයනය සිදුවන්නේ කුමන රටකින් වුවත් දායක රථයේ විස්තර, නිෂ්පාදිත වර්ෂය, දළ හෝ අදාළ SoH සහ වෙනත් අවශ්‍ය විස්තර කලින් ලබාගත හැකි වෙනවා. සම්පුර්ණ ආනයන ක්‍රියාදාමයට දින 60 පමණ ගතවිය හැකියි.

වගකීම ~ Warranty

නිෂ්පාදකයින්ගේ පිළිගත් තත්ත්ව අනුව යමින් දේශීයව බැටරියට වගකීමක් ලබාගත හැකි වෙයි, අමතර ගාස්තුවක් මත. කොහොම වුනත් බැටරිය වාර්ෂිකව ක්ෂයවෙනව (දළ වශයෙන් 1% to 5% පමණ), එයද සැලකිය යුතුයි. එමෙන්ම මසකට වරක්වත් බැටරියේ තත්වය පරීක්ෂාවට ලක්කිරීමත් වැදගත්. වගකීම් කාලය අවසන් වනතුරු නොසිට අවශ්‍ය precausions උදෙසා.

මීට අමතරව බැටරි වල හොඳ භාවිත පුරුදු ගැන දැනුවත්වෙන්න, අනුගමනය කරන්න අමතක කරන්න එපා, බැටරිය විදුලි වාහනයක වටිනාම කොටස නිසා.

එමෙන්ම ඔබට ජපානයෙන් හෝ වෙනත් රටකින් බැටරියක් හෝ විදුලි රථයක් සොයාගත හැකිනම් එහි බැටරිය ගලවා ලංකාවට ගෙනවිත් සවිකර දීමේ සේවාවද ලංකාවේදී ලබාගත හැකියි.

හොඳ බැටරියක් හඳුනාගමු

ඔබ විසින්ම බැටරියක් ජපානයෙන් මිලදී ගන්නවා නම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න. ගෙවන මිලට නොවටින ලෙස කිලෝමීටර් ලක්ෂය ඉක්මවා භාවිතා වූ රථවල බැටරි සහ ආබාධ ඇති බැටරි අඩු මිලට ජපානයේ අලෙවි වෙන නිසා ඔබේ විකුණුම්කරු ගෙන් මේවා අනිවාර්යයෙන් ඉල්ල්ලන්න.

  • අදාළ රථයේ VIN, Age සහ Odometer.
  • බැටරිය ගැලවීමට පෙර රථයේ චායාරූප.
  • කිලෝමීටර් ගණන දැක්වෙන මීටරය.
  • වෙන්දේසි ලිස්ටින් එක, ධාවන කිමී ගණන සහිතව.
  • LeafSpy battery scan report.
  • බැටරිය ගැලවූ පසු එහි ලේබලයේ චායාරුපය.
  • ඔබට ලැබුණු පසු ලේබලයේ authenticity එක.
  • සවිකිරීමෙන් පසු SoH, Charge count ආදිය පෙර සැසඳීම.
  • යම් සාධාරණ වගකීමක්.

මීට අමතරව තවත් බැලිය යුතු දේවල් තියනවා, ඉහත දැක්වුවේ ඔබටම පහසුවෙන් කළ හැකි/ස්ථිර කරගත හැකි කරුණු!


ආනයනික බැටරි මිළ

මිල පසුගිය වසර කිහිපය පුරාම ක්‍රමානුකුලව ඉහල ගියා, හේතු කිහිපයක් නිසාම. ප්‍රධාන වශයෙන්ම රුපියල අවප්‍ර්රමාන වීම සහ නැව් ගාස්තු ඉහළයාම. ජපානයේ මිල ඉහල යාමත් හේතුවක්, වෙනත් රටවලින් ලැබෙන ඉල්ලුම් නිසා. ප්‍රධාන වශයෙන්ම යුරෝපයෙන් සහ රුසියාවෙන්.

පාවිච්චි කල නිසාන් ලීෆ් ලිතියම් බැටරි ලොව පුරාම ප්‍රවාහනය වෙනවා. වෙනත් රටවලින් පෙර වසර වල එතරම් ඉල්ලුමක් තිබුනේ නැහැ, අපේ තරම් ඒ රටවල ක්ෂයවීම් නොවුණු නිසා. නමුත් දැන් වෙද්දී ඒ රටවල මුල් මාදිලි වල ලීෆ් වලටත් බැටරි අවශ්‍යයි.

දේශීයව ඇතැම් අය බැටරි හිඟයක් මවාපාන අවස්ථාත්, බැටරි ඇත්තටම අනවශ්‍ය අය විමසීම් කිරීමත් මේ බැටරි මිල අනවශ්‍ය පරිදි ඉහල යාමට හේතු වෙනවා. එමනිසා තම ධාවන අවශ්‍යතා සලකා විමසීම් කිරීම හැමටම වාසියක් වෙයි. ඒ ගැන අප වෙනම ලියල තියනවා.

දැනට (2022 අග) පවත්නා Ex Works Japan මිලගණන් මෙසේයි.

  • 24 kWh 2014/17 – approx from 400,000 JPY
  • 30 kWh 2015/17 – approx from 500,000 JPY
  • 40 kWh 2017/23 – approx from 9,000,000 JPY to 1,200,000 JPY
  • 62 kWh 2017/21 – From 1,200,000 JPY
  • 60 kWh 2022/23 – From 1,300,000 JPY

ජපාන නැව්ගත කරන්නන් ලබාදෙන අදාළ බැටරියේ මිල මත මේ ප්‍රේෂණය ලාංකික හෝ වෙනත් රටක ගැනුම් කරු විසින් කලයුතු වෙනවා. දේශීය ප්රෙෂනයකදී ඔබගේ බැංකුව ඒ සඳහා සහාය වෙයි. දැනට ඇති විශාලම ගැටලුව රුපියල අව ප්‍රමාන වීම නිසා වැය කල යුතු මිළ වැඩිවීම. (According to 2022 May regulations a TT is mandatory via a local bank).

වෙනත් වියදම්, නැව් ගාස්තු, බදු ආදිය එකතුවීමෙන් පසු බැටරිවල දේශීය මිළ රුපියල් මිලියන 1.5 සිට ඉහලට මිලියන 5 දක්වා වෙනස් වෙනවා. ඒ බැටරියේ කැපසිටි එක, වයස, ධාවනයකළ දුර, ඉතිරි ධාරිතාවය වැනි සාධක අනුව.

ඉහත මිලට අමතරව ZEO, AZEO වලට 30 හෝ ඉහල ධාරිතා සහිත බැටරි සවිකිරීමේදී Translator භාවිතා වෙනවා. මේ සඳහා අවශ්‍යවන කට්ටලය රුපියල් 160,000 පමණ වෙනවා. (Late 2022).

Direct Import

හොඳ බැටරියක් මිලදී ගැනීමේදී එන ප්‍රධාන ප්‍රශ්නය මිළ අසාධාරණයි යන්න. බැටරි සැපයීමේ ඒකාධිකාරයක් නැතිවුනත් සෑම බැටරියක්ම එකම තත්වයේ නොවෙන නිසාත් වගකීම සමාන නොවෙන නිසාත් මිළ සැසඳීම අපහසුයි. මෙයට විසඳුමක් විදියට ඔබට ජපානයේ විශ්වාසනීය Auction වන Tau සහ Hanamaru මිළ කෙලින්ම ගෙවලා දැන් බැටරියක් ආනයනය කරන්න පුළුවන්.

මේ Auction දෙකේම බැටරි වල නිවැරදි වයස, ධාවන දුර, සහ අනෙකුත් සියලු තොරතුරු සඳහන්වෙනවා. රුපයේ තියෙන්නේ අප මිලදීගත් එම බැටරියක්. මෙය වැදගත්වන්නේ ජපානයේ ඇතැම් 2017/18/19 40 kWh EV දැන් කිලෝමීටර් 150,000 ඉක්මවා ධාවනය වී ඇති නිසා. එමෙන්ම අනතුරින් බැටරියේ මොඩියුල වලට යම් හානි වී ඇද්ද යන්න ගැනත් අප සැලකිලිමත් වෙනවා

Auction මිලට අමතරව ඔබේ වියදම් වෙන්නේ ජපානයේ අභ්‍යන්තර ප්‍රවාහනය, ගැලවීමේ සහ පැටවීමේ ගාස්තු, නැව් ගාස්තු, සහ නිශ්කාෂණ වියදම් සහ අපගේ සේවා ගාස්තු ආදිය. මුළු වියදම 40 kWh සඳහා රු මිලියන 3 සිට ඉහලට වෙනවා. මෙම සියලු මිළ ගණන් Transparent, වෙනම පෙන්වා දෙනවා. ඔබට වෙනත් යම් කොටසක් අවශ්‍ය නම් අදාළ නැව් ගාස්තු සහ බදු වලට යටත්ව ලබාගත හැකියි.

පිළිගත් Tau හෝ Hanamaru Auction වලින් බාහිරව හෝ ගලවා ඇති බැටරි මිලදී ගැනීම අනුමත කල නොහැකියි, ඒවායේ දත්ත සහ තත්වය ගැන විශ්වාසනීයත්වයක් නැති නිසා.

ඔබගේ පවත්නා බැටරිය හොඳ තත්වයේ පවතීනම් එයටත් දැන් ඉහල වටිනාකමක් ලැබෙනවා. නමුත් දේශීයව විවෘතකළ හෝ වෙනස්කම් කල බැටරිවල වටිනාකම් අඩුවිය හැකියි.

නමුත් ලංකාවේ බොහෝ ලීෆ් හිමියන්ට අලුත් බැටරි වල මිල දරාගත නොහැකි තත්වයේ පවතින බව පෙනෙනවා. මෙයට තවත් විශාල හේතුවක් ආනයනයට පනවා ඇති ලොව දියුණු රටකවත් නැති නීති සහ බාධාවන්. මේ තත්වය මඟහැරවීම උදෙසා ක්‍රමවේද අප රජයට යෝජනා කර තියෙනවා, ඒ සඳහා අප රාජ්‍ය ආයතන සමග දිගටම සාකච්චකරනවා.

කල්පැවැත්ම?

මෙයත් ඔබ මිලදී ගන්න බැටරියේ වයස, තත්වය සහ ඔබේ භාවිතාව මත බෙහෙවින් රඳා පවතිනවා. කල්පැවැත්ම යන්න ඔබගේ ධාවන දුරේ අපේක්ශාවන්ටත් සාපේක්ෂයි. අමතක නොකළ යුතු කරුණක් වන්නේ බැටරියක දිනපතා භාවිත කලයුතු පරාසය වන්නේ 30% සිට 80% දක්වා, එනම් මුළු ධාරිතාවෙන් 50% පමණක් බවයි. ඉඳහිට, සතියකට වරක් මුළු පරිමාව භාවිතය හොඳයි.

වසරකට ක්ෂයවීම 5% ලෙස ගත්තොත් දැනට 90% SoH ඇති 2018, 40 kWh බැටරියක් 2028 දී 50% SoH එනම් රේන්ජ් එක කිමී 125 ක් පමණ වියහැකියි. එවිට ඔබගේ එක් ආරෝපණ වාරයකට ධාවන අවශ්‍යතාව 65 Km නම් ඔබට එය තවදුරටත් බොහෝ ප්‍රායෝගික බැටරියක්.

සුදුසු බැටරිය කුමක්ද?

ඔබේ දෛනික ධාවන දුර කිලෝමීටර් 100 ක් පමණ වෙනවා නම් දැන් (2023) දී 24 kWh බැටරි මිලදී ගැනීම අවදානම් සහිත විය හැකියි. කෙසේ නමුත් අප ගෝලීය මිළ ගණන්වලට මුහුන දිය යුතුයි.

බැටරි සඳහා ආයෝජනයෙදී අතිශයින් වැදගත් වෙනව කාර් එකක ධාවන පිරිවැය (CPK ) සහ වාහන අයිතියේ වියදම (TCO). මෙය use case, එනම් එක් එක් අයගේ භාවිත අවශ්‍යතා අනුව බෙහෙවින් වෙනස් වෙනවා.

බැටරි මිලදී ගැනීමේදී පමණක් නෙවෙයි, මිලදී ගත යුත්තේ EV ද ICE ද යන්න තීරණය කිරීමේදීත් මේ සාධක අතිශයින් වැදගත්. විදුලි රථ පාවිච්චියේ ලාභ හැම කෙනාටම ලබාගැනීමට අපහසුයි. ඔබ ඒ සඳහා සුදුසුද යන්න සොයාගන්න අප ලිපි කිහිපයක්ම පලකරලා තියනවා.


ඉදිරි විසඳුම් ?

රජයට කළ හැකි එක දෙයක් නම් බැටරි අවශ්‍ය අයට ආනයනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම. මේ වෙනුවන් අප රාජ්‍ය ආයතන සමග සාකච්චා කරගෙන යනවා. නමුත් ප්‍රගතිය මන්දගාමීයි. මේ ක්‍රමයෙන් ඇතැම් අනවශ්‍ය ආනයන වියදම් සහ බාධා ඉවත්විය හැකියි.

වෙන්දේසි වලින් මිලදී ගැනීමේ මිල සහ අලුත් බැටරි ලබාගැනීමේ මිල අඩුවීම කල් ගතවිය හැකියි. ආනයන බාධා සහ විනිමය හිඟය ඇතිකළ ගැටළු ගැන මේ යාවත්කාලීන (2022 ජූනි) පොස්ට් එකක්.

තවමත් දශකයක් වයස Li-ion Traction Battery තාක්ෂණය 1 kWh = 100$ වෙන්න 2024 විතර වෙයි, ඒ මිල අපහසු නම් එතකං කෙටි දුර ධාවනය කරන්න පුළුවන්. ලංකාවේ කාර්වලින් 80% ක ධාවනය දවසකට 30 km ට වඩා අඩුයි.

බැටරි ගැන තව දැනගන්න ඕනනම් මෙතනින් කියවන්න;

https://mobility.lk/category/ev-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92-%e0%b6%bb%e0%b6%ae/batteries/

11 thoughts on “ලීෆ් වලට බැටරි”

  1. Good morning thanks for the your information. I learned more details about the EV vehicles. Day by day we have to learn up dates around the world. Then only we know what is the going souround us.i think your information more helpful for us.we are expecting more information from you in future.thank you and God bless you.

    1. How much will it cost to fixed a 3rd generation 40kw battery to my 2014 model G grade leaf, also will it be able to hold the weight or do I have to replace the shocks?

  2. How much will it cost to fixed a 3rd generation 40kw battery to my 2014 model G grade leaf, also will it be able to hold the weight or do I have to replace the shocks?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *