Skip to content

බැටරි ආනයන බාධා

ලංකාවේ විදුලි රථවල අනාගතයට පමණක් නෙමෙයි බලශක්ති අර්බුදයට පවා විශාල විසඳුමක් වෙන විදේශයන්හි පාවිච්චි කළ EV බැටරි ආනයනයට තියන සියලු බාධා ඉවත් කොට යුතුයි.

දැන් රටේ බලශක්ති අර්බුදයට පෞද්ගලික මට්ටමේ හොඳ විසඳුමක් වෙලා තියෙන solar pv off grid system වලට පවා ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන්නේ battery හිඟය. Nissan leaf battery ඒ සඳහා හොඳම මාධ්‍යයක්.

Manipulation and Losing Second Life

නමුත් battery හිඟය නිසා 2nd life යැවිය යුතු බැටරි වල ආයු කාලය තාක්ෂණ විරෝධී එමෙන්ම කිසිදු ආරක්ෂාවක් නැති මාරාන්තික ක්‍රමවලින් පවත්වා ගන්න පවා ඇතැමුන් පෙළඹිලා තියෙනවා. ඒ වගේම විදුලි රථ වලට නීති විරෝධී ලෙස එන්ජින් තියෙන්නත් ඇතමුන් පෙලඹිලා.

මේ හැම දේකින්ම වෙන්නේ රටේ විශාල පාරිසරික හානියක් මෙන්ම තව වසර දහයක් පමණ off grid වල පාවිච්චි කළ හැකි EV බැටරි කිසිම දේකට පාවිච්චි කරන්න බැරි බැර ලෝහ ගොඩක් කරල පොළොවට එකතු කිරීම පමණයි.

What are 2nd Life Batteries?

ලොව පුරාම ඇති සාර්ථකව නිසාන් ලීෆ් සහ වෙනත් රථ වලින් වසර අටක දහයක පාවිච්චියෙන් පසු ඉවත්වෙන බැටරි සාර්ථකව නිවෙස් සහ ආයතන බලගැන්වීම සඳහා යොදා ගැනෙනවා. විදුලි රියකින් ඉවත්වෙන බැටරි තවත් වසර පහක් දහයක් ඉතා හොඳ සේවයක් බලශක්ති ගබඩා කිරීම සඳහා දෙනවා.

Off-grid home of the writer, in Sri Lanka!

Leave the qualitative benefit to the Country, Environment, and Society as a whole. Lets have a glance at the quantitative benefits!

With the batteries available in the country, salvaging 2nd Like batteries will build a storage of over 20 MWh, helping the grid for Load Shifting and Peak Shaving @ NO COST to the Government!

A forign currency saving on energy storage – 200$ per kWh x 20,000 kWh = 4M USD (1.6 Billion LKR).

This is in addtion to the saving of imported fossil fuel cost, for cumilative kilometers of over 4,000 cars!

Legal Barriers

වෙනත් රටවල නැති නීති ඉස්සරහට දාගෙන වෙනත් රටක භාවිතා කළ බැටරි ලංකාවට ආනයනය ට ඇති කරල තියෙන බාධා තමයි මෙයට ලොකුම හේතුව. අප එයට හේතුව විදියට බේසල් සම්මුතිය දැක්වුවත් පාවිච්චිකළ ලිතියම් බැටරි දේශ සීමා අතර හුවමාරුවට ඉන් බාධා පමුණුවා නැහැ.

විශාල, දියුණු රටවල වැඩි ධාවන දුර අවශ්‍ය නිසා හෝ අනතුරට ලක්වීම නිසා ඉවත් වෙන වසර හයක් දක්වා පැරැණි battery බාධාවකින් තොරව ආනයනයට රජය ඉඩ සැලසිය යුතුයි. දැනට බැටරි වල ඇතිවී තිබෙන අධික මිලට මේ අනීතික, අලිඛිත බාධාත් එක් විශාල හේතුවක්!

ආනයන බාධාවලට දැන් විනිමය හිගයත් එකතුවෙලා. විදේශගත රැකියා කරන, විදේශ මුදල් මෙහි සිට උපයන අයට බැටරි සඳහා දේශීයව හෝ විදේශීය ගිණුම් මගින් ගෙවීමට ඉඩ සැලසිය යුතුයි.

Government should Act!

ජනතාව පාරට බැස්සෙ බලශක්ති අර්බුදය නිසා. විදුලි රථවලට, off-grid වලට ආදරේ අයත් අවම වසර හයක් දක්වා වෙන, පිළිගත් ගෝලීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කළ බැටරි ලංකාවට ආනයනයට ඇති සියලු බාධා ඉවත් කිරීමට හැම අන්දමින්ම රජයට බල කළ යුතුයි.

Tags:

2 thoughts on “බැටරි ආනයන බාධා”

    1. Hi, there are no firmware updates from 2017 upwards. If you ask about 2017 30 kWh, doing a firmware upgrade prove no advantage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *