Skip to content

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

2035 ඉදන් විදුලි රථ හැර අනෙකුත් සියලු මෝටර් රථ අලෙවිය තහනම් කළා බ්‍රිතාන්‍යය, ඒ ප්ලග් ඉන් හයිබ්‍රිඩ් රථත් සමග. මේ විශාල ඉදිරි පියවරක්, යුරෝපයේ අනෙකුත් රටවල් පවා විශාල ඉදිරි පියවරවල් අරගෙන විදුලි රථ පමණයි ප්‍රතිපත්තිය මත.

එමෙන්ම ටෙස්ලා සමාගම 2019 වසරේදී මර්සිඩීස්, BMW , අවුඩි, ලෙක්සස්, ඉන්ෆිනිටි යන සුඛෝපබෝගී වාහන වල මුළු අලෙවි එකතුවට වඩා වැඩි වාහන ඇමරිකාවේ විකිණුවා. මෙය වසර සිය ගණන් පැරණි වාහන නිෂ්පාදන සමාගම් වලට විශාල පහරක් වුනා.

4-million-EVs_globally-chart-3

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇමරිකාව, යුරෝපා සහ වෙනත් රටවල 2019 වසරේ ඉන්ධන වාහන අලෙවි ප්‍රතිශත අඩුවුනත් විදුලි වාහන ප්‍රතිශතය වැඩිවුනා. ඒ රටවල විදුලි රථ මිළ සියයට විසිපහක් පමණම වැඩිවුවත් ඉන්දියාවත් ඇතුළුව.

ශ්‍රී ලංකාව

ගෝලීයව බලද්දී 2022 වෙනකොටයි විදුලි වාහන වල මිල ඉන්ධන වාහන වලට වඩා අඩුවෙන්නෙ හෝ සමපාත වෙන්නේ. නමුත් ලංකාවෙ මුල ඉඳලම විදුලි රථවල මිල සමාන පමණක් නොවෙයි වඩාත් ඉහල පන්තිවල ඉන්ධන රථවලටත් වඩා අඩුයි. දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ අදුරදර්ශී තීරණ නිසා අතරමැද යම් බාධක වැටුනත්.

කොහොමද ලංකාවේ මිල පාලනය වුනේ?

විදුලි රථවල නිෂ්පාදන වියදම තවමත් වැඩියි. එනිසා සාමාන්‍යයෙන් 25% පමණ වැඩියි විකිණුම් මිලත් සමාන ඉන්ධන රථ වලට වඩා. බොහෝ රටවල වාහනවලට බදු නැහැ. නමුත් අපේ බදු ගොඩක් වැඩියි. මේනිසා විදුලි රථවල මිල ඉන්ධන රථවලට වඩා අඩුවුනා බදු ක්‍රමය නිසා.

ඉතින් EV වලට ආයෝජනය කරන මුදලට වැඩි වටිනාකමක් ලැබුන. ඒ අපි විදුලි රථ ගනිද්දී ගෙවන්නෙ වාහනයේ වටිනාකමට නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු, නියම වටනාකම නෙමෙයි.

වෙන රටවල්වල මේ වෙනස පාලනය කරන්න සහනාධාරත් දෙන්න වුනා. ඒත් ලංකාවෙදි EV ලෝකේ වෙන රටවලදි වගේ ජනප්‍රිය නොවුනේ ඇයි?         

EV වලට ලංකාව හොඳ රටක්

අපේ දවසක දිගම ගමනක් කිලෝමීටර් 100 ට වැඩි වෙන්නේ කලාතුරකින්, රෝඩ්ට්‍රිප් එකක් යද්දී, එහෙම නැත්නම් ව්‍යාපාර වලදී. අපේ පාරවල් වල බොහෝ තැනිතලා පිහිටීම් මෙන්ම කඳු සහ පල්ලම් පුනර්ජනනීය තිරිංග වලට වාසි දායකයි.නෙට් ගෙවීම් ක්‍රම සහ සූර්ය බල පද්ධති අනුව ඉන්ධන මිල බිංදුවයි. ඕෆ් පීක්‌ අය ක්‍රමය අනුව තවත් වාසියි.

නමුත් පරිසර උෂ්ණත්වය? මේක අපිට නරකට බලපෑව කියල හිතුවත් අපට වඩා උෂ්ණත්වය වැඩි ප්‍රදේශවල (ඇමරිකාවේ ඇරිසෝනා වැනි) හොඳින් පාවිච්චිවෙනවා. ලංකාවේ පවා ඇතැම් විදුලි රථ කිලෝමීටර් ලක්ෂ දෙක ඉක්මවා තවමත් ධාවනය වෙනවා එහි මුල්ම බැටරියෙන්.

අපි බලමු ලංකාවට බලපෑ ප්‍රධාන හේතු, ඒවා ලෝක තත්වයට වඩා වෙනස්. මෙතැනදී කතා නොකෙරෙන දෙයක් තමයි ලොව පුරාම විදුලි වාහනවලට ඇති විරෝධය, පොසිල ඉන්ධන, ගල් අඟුරු ව්‍යාපාරිකයන්ගෙන්. ඒක නම් ලෝකේ කොහෙත් එකවගේ.

බැටරි ක්ෂය වීම?

ඕනෑම බැටරියක් ක්ෂයවෙනවා. දැනට ලෝකේ භාවිත තාක්ෂනය අනුව වසරකට 3% සිට 5% දක්වා ක්ෂයවීමක් අප බලාපොරොත්තු විය යුතු දෙයක්. නමුත් ක්‍රියාකාරී සිසිලන ක්‍රමයක් නැහැයි කියල ලීෆ් බැටරියේ උෂ්ණත්වයට වැරැද්ද පැටෙව්වා මිස විදුලි රථයක් භාවිතයේදී අපට කළහැකිව තිබුණු කිසිම දෙයක් අපි කලේ නැහැ.

මේක හොඳටම පැහැදිලියි දැන් දැනුවත් වෙලා ඉන්නා ලීෆ් හිමිකරුවන් බැටරියේ ඉතුරු ප්‍රමාණයෙන් ගන්න ප්‍රයෝජනය වැඩි නිසා. බැටරි භාවිතය නියම අන්දමින් කෙසේ විය යුතුද යන්න ලිපිය අවසානයේ කියනවා.අපට මග හැරුණු තවත් දෙයක් තියනවා. ඒ මුල් වසර කිහිපය (2010 සිට 2013 දකවා) ලීෆ් මෙන්ම වෙනත් විදුලි රථ බැටරි තාක්ෂණයේ මුලම වසරවල්. තාක්ෂනය දියුණුවුණේ භාවිතයේදී ලැබුණු අත්දැකීමුත් එක්ක, අපි ඇත්තටම ගිනිපිග්ල (පරීක්ෂණාගාර මීයෝ) වුනා.

2014 ඉඳන් ඉහලට එන බැටරි ගැන පැමිණිලි අඩුයි. පසු කාලීන නිෂ්පාදිත ලීෆ් ලංකාවේ කිලෝමීටර් ලක්ෂයකට වඩා ධාවනය වෙලත් 2020 වෙනකොට බැටරි ප්‍රතිශතය 70% දක්වාත් ඉතිරි තියනවා. ඒ වගේම ඒවා තවමත් කිලෝමීටර් ලක්ෂයකට වඩා එක චාජ් එකකින් දිවවෙනවා.

2018 ආපු අලුත් ලීෆ් වල බැටරි ක්ෂයවීම 3% වලටත් වඩා අඩුයි. නව මාදිලියේ ලංකාවේ වැඩියෙන්ම ධාවනය වුනු ZE1 රථය කිලෝමීටර් ලක්ෂයක් දිව්වත් තාම රේන්ජ් එක අඩුවෙලා නැහැ, ලංකාවේ තත්වයන් යටතේ.

ඇතැම් අය ඇක්ටිව් සිසිලනයක් නැතිවීම ගැන ප්‍රශ්න කරනවා, නමුත් එය ලංකාවට, හැම තත්වයක් යටතේම අවශ්‍යද යන්න කලින් සැලකිය යුතු ප්‍රශ්නයක්. කියවන්න අපගේ Big Battery Bang ලිපිය. ලීෆ් පමණක් නෙමෙයි එහෙම අයට තෝරාගන්න වෙනත් විදුලි රථ මාදිලි දැන් තියනවා.

යටිතල පහසුකම්.

මේක කොයි රටෙත් එකයි, පහසුකම් වැඩිවුණේ වාහන ප්‍රමාණය වැඩිවීමත් එක්ක. අපේ පොඩි රටට යන්තම් පිරිමැහෙන ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණයක් තිබුන. ඒ කොහොම වුනත් ලංකාවේ විදුලි රථ චාජ් වුනේ ගෙදරින්, සෝලා තිබුනනං වියදමත් බින්දුව වුන නිසා. ඒ නැතත් කිලෝමීටරයක වියදම රුපියල් 1.50 පමණ වුනු නිසා ඕෆ් පීක් අය ක්‍රමය මත.

ලංකාවේ ආරෝපණ මධ්‍යස්ථාන

අලුත්වැඩියාව අතිනුත් යම් ගැටළු තිබුනත් සෑහෙන විසඳුම් ලැබුනා. ICE වල වුනත් ගැටළු තිබුනා ඒ අතින් බැලුවොත්. ඇත්තටම සතුටුයි, විදුලි රථවල අලුත්වැඩියාවන් පිළිබඳව ලංකාව සෑහෙන දියුණුයි.

රේන්ජ් එක!

ධාවන දුර ප්‍රමාණය වෙන විශාල රටවලට යම් ගැටළු ඇතිකරාට එය ලංකාව වගේ රටකට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ දෙයිනික ධාවන දුර කිලෝමීටර් 25 පමණ. එමෙන්ම 2018 සිට එන ලීෆ් එකකට ලංකාව හරහා යන්න පුළුවන් රේන්ජ් එකක් තියනවා, එක අරෝපනයකින් කිලෝමීටර් 300 ඉක්මවමින්.

හොඳම රේන්ජ් එක කොහොමද තීරණය කරන්නේ කියන එකත් මේ ලිපිය අවසානයේ ලින්ක් එකකින් දැනගන්න පුලුවන්වෙයි.

මොනවද ලංකාවට ආපු EV?

අලුතෙන්ම විදුලි වාහන මුලින්ම නියෝජිතයෙක් හරහා ආවේ ශිෆෙන්ග්. වසර අටකට පෙර. වැඩි මිලක් වුනෙත් නැහැ, ඒ මිලට නොවටිනා කාරෙකකුත් නෙමෙයි. නමුත් අපි මරුටි 800 ගාන ගෙවන්න බෑ කිව්වා, ශිෆෙන්ග් ලාබ වුනත් අලෙවියෙන් උඩට ආවේ නැහැ.

ඊළඟට ලීෆ් අලුත්ම වගේ කාර් ආවා 2014 ඉදන්. ලංකාවේ විකිණුනා ඇයි? සමාන ඉන්ධන වාහනවලට වඩා මිල අඩු නිසා. 2015 නොවැම්බර් වල ඉඳන් මිල වැඩිවුනා විතරයි අපි ඒවා ගත්තෙ නෑ. ඒක අපේ දේශපාලකයෝ කරපු ඓතිහාසික වැරද්දක්.

ඔය එක්කම BMW i3, i8 ආව. i8 වෙනම තියමු, නමුත් i3 වුනත් ඒකක පනහක් පන්නන්න බැරිවුනා නියෝජිතයාට, සමාන ICE කාරෙකකට වඩා මිල අඩුවුනත්.

2018 දී e2o ගෙනාව මහින්ද්‍රා. නමුත් ඒක ලොතරැයි හරහා වැරදි කණ්ඩායමකට දීල වටිනාකම නැතිකර ගත්ත, දුර බැලුවෙ නැහැ!

දැන් MG eZ ඇවිත් තියනවා, 2019 අග සිට. හොඳ අලෙවියක් වාර්තාකරණ බව පේනවා. 2020 ට එලබෙද්දී රථ 25ක් පමණ ලියාපදිංචි වෙලා. මේක ඉතා හොඳ ප්‍රවනතාවක් සමාන ඉන්ධන MG රථයකට වඩා මිලියන 1.5 ගෙවල විදුලි රථය ගැනීමට අපි පෙළඹීම. එයින් පේනවා ලංකාවෙත් විදුලි රථවල ආර්ථික ලාභය දැන් වටහාගනෙමින් පවතින බව.

නියෝජිතයාගෙන් රුපියල් මිලියන 6.88 කට වසර අටක හෝ කිලෝමීටර් 150,000 වගකීමක් සහිතවත්, එක්සත් රාජධානියේ මාදිලිය ආනයන කරනවානම් මිලියන 6 සිට ඉහළටත් ලබාගන්න පුළුවන්. මේ මිලගණන් 2020 පෙබරවාරි මස දත්ත.

ඊළඟට Hyundai KONA දැන් අලෙවියේ තියනවා කිලෝමිටර 289 ක රේන්ජ් එකක් එක්කම මිලියන 6.9 කට. ඇත්තෙන්ම වටිනා මිලක්, සමාන ප්‍රමාණයේ ඉන්ධන රථයක මිලටම. උදාහරණයක් ලෙස ටොයෝටා C-HR වගේ ඒවාත් සමග සංසන්දනයේදී.

ලෝකේ වෙන තැන්වල මෙහෙම වුනාම ගෙවන්නේ පෝලිමේ ඉඳල, වාහනය ගන්න මාස ගානක් පොරොත්තු ලැයිස්තුවල ඉන්න වුනත්. නමුත් ලංකාවේ එහෙම වුනේ නැහැ . 2019 අවසාන වෙද්දී MG විදුලි රථ 50ක් අලෙවි වෙලා තියෙන බව කියවෙනවා. මේ හොඳ ප්‍රවනතාවක්, ඉලක්කම ගැන සතුටුවිය නොහැකි වුනත්.

නිසාන් ලීෆ්දැන් නියෝජිතයින් හරහා ලබාගන්නත් පුළුවන් රුපියල් මිලියන අටකට වගකීමකුත් සහිතව. මිල සහ අංගෝපාංග ගැන සෑහීමකට පත්විය නොහැකි වුනත් අගය කල යුතුයි ප්‍රමාද වීහෝ අලෙවියට ඉදිරිපත්වීම ගැන.

නිසාන් ලීෆ් 2019 වසරේ නිෂ්පාදිත අලුත්ම වගේ රථ සහ අලුත්ම රථත් (zero mileage ) ජපානයෙන් දැන් ලබාගන්න පුළුවන් මිලියන පහේ සිට ඉහලට.

නිසාන් ලීෆ් – නිස්මෝ මාදිලිය 2019/20

සුඛෝපභෝගී අංශයෙන් ටෙස්ලා ඉදිරියෙන්. ඊළගට ජගුවර් iPace සහ පෝෂ Taycan. 2020 ඉවර වෙනකොට ඒවත් අපිට දැකගන්න පුලුවන්වෙයි අපේ පාරවල්වල, ඉන්ධන අනවශ්‍ය මර්සිඩීස් EQC සහ අවුඩි eTron එක්කම.

පරිසර හිතකාමී බව විදුලි රථවල ලොකුම වාසියක්, නමුත් ආර්ථික හෝ ආයෝජන තීරණ ගැනීමේදී තවමත් ඒවට වැඩි වටිනාකමක් දෙන්නේ නැහැ.

අප පැහැදිලිකරන්නේ පරිසර ලාභ පැත්තකින් තිබ්බත් විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථික අතින් වාසිදායක බවයි, වඩාත් වැඩි නැවත විකිණුම් වටිනාකමකුත් එක්කම.

ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ග්‍රේ වාහන, පොදු වචනෙන් කිව්වොත් රීකන්ඩිෂන්. ඒවා අතරින් 2019 ලීෆ් එකක් දැන් සමාන ICE වාහනයකට වඩා 10% සිට 20% අඩුවෙන් ගන්න පුළුවන්. උදාහරණ ටොයෝට CH-R සහ හොන්ඩා Civic 1.0 සමග බැලුවොත්. ධාවන වියදමත් අඩුයි, නඩත්තුව සහ වටිනාකම් ක්ෂයවීම බැලුවත්.

What will happen to the cars we buy today?

ඒත් ගන්නේ ඉතා සුළු පිරිසක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ….නැවත විකිණුම් මිළද? ඔව් කිව්වොත් බොහෝ දුරට හරි.

නමුත් ප්‍රශ්නය අපි නැවත විකිණුම් මිළ හරියට ගණනය නොකිරීමයි. හැම අතින්ම වාසි ලබාගැනීමේ අවස්තාවක් අපි මගහරිනවා.

අපේ ගණනය කිරීම = ගැනුම් මිළ සහ විකිණුම් මිළ අතර වෙනස

නිවැරදි ගණනය කිරීම = ගැනුම් මිළ + රථයට කල සියලු වියදම්, ඉන්ධන සහ නඩත්තු වියදමේ එකතුව සහ විකිණුම් මිල අතර වෙනස.

තව හේතු කීපයක්මත් තියනවා. බලන්න විදුලි වාහනයක් ගමුද ලිපිය, පහල ලින්ක් එකෙන්. ඒ වගේම නැවත විකිණුම් මිල ගැනත් කියවන්න.

ලංකාවේ EV යුගලක් ඇති නිවසක්

නැවත විකිණුම් මිල එහෙම නැත්නම් Resale Value කියන එකට අමතරව තවත් වැදගත් දර්ශක දෙකක් තියෙනවා වාහනයක ආර්ථික ප්‍රතිලාභය සැසඳීමට. ඒ කිලෝමීටරයකට ධාවන වියදම ( CPK – Cost per Km) සහ වාහන හිමිකමේ පූර්ණ වියදම (TCO – Total Cost of Ownership) වශයෙන්.

අප පැහැදිලි කල කරුණු අනුව නිවැරදි තීරණයක් ගන්න උදව්වෙන තවත් පෝස්ට් සහ නැවත විකිණුම් වටිනාකම ගැන දීර්ඝ පැහැදිලි කිරීම් සහිත දිගුවකුත් පහත තියෙනවා. බලන්න Why Buy EV – Q&A.

රේන්ජ් එක සහ බැටරිය කොහොමද භාවිත විය යුතු යන්න ගැන දැනගන්නත් පහලට යන්න.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න සහයවන්න. සම්බන්ධවෙන්න https://mobility.lk/contact පිටුව හරහා.

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

8 thoughts on “EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?”

  1. WHAT ABOUT BATTERY REPLACEMENT IN NISSAN LEAF.
    APART FROM EVERYTHING TRY TO FIND A SOLUTION TO THAT IF YOU ALL ARE REALLY INTERESTED.

  2. I am considering buying a small electric car for city driving. Mitsubishi i-MieV seems the best. But I find no information on this. Also, there are only few i-MieVs for sale and they are over 6 yrs old. Please update me on latest models.

  3. Batteries are coming to the country in limited numbers, actually the need itself is limited, less than 100 units. When you say a problem what is it? Non availability or the price? And there are different solutions, instead replacement. Read our article BIG BATTERY BANG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *