Skip to content

භාවිතාකළ EV ගමුද?

පාවිච්චිකළ වාහනයක් ගැනීම අලුතින් ගන්නවට වඩා වාසියක් ආර්ථික වශයෙන්.  නමුත්, පාවිච්චිකළ වාහන වෙළඳපොල ඉතාමත් සැකකටයුතුයි, මෙය විදුලි සහ ඉන්ධන වාහන දෙවර්ගයටම පොදුයි. බොහෝවිට මේ වෙළඳපොල මුදල් මත මිසක් අවංකකම මත යැපෙන වෙළඳාමක් නොවන නිසා.

විදුලි රථයක ඇත්තටම ඉන්ධන රථයකට වඩා තාක්ෂණික ගැටළු, ධාවන වියදම් සහ නඩත්තු අතිශයින් අඩුයි. නමුත් පළමුවෙන්ම විදුලි සහ ඉන්ධන යන වාහන දෙවර්ගයටම පොදු කරුණු, එනම් නීතිමය තත්වයද ඇතුළුව සැලකිලිමත් විය යුතුයි, පහල ලින්ක් එකක දක්වා ඇති විදියට.

අවශ්‍යතාවන්ට ගැලපීම.

මේ සියල්ලටම පෙර සලකා බැලිය යුතුයි විදුලි රථ ඔබටත් සුදුසුද කියලා, තවමත් හැම කෙනෙකුගේම ධාවන අවශ්‍යතාවලට විදුලි රථ නොගැලපෙන නිසා. නමුත් ලංකාව වගේ රටක බහුතරයකගේ ධාවන අවශ්‍යතාවලට අතිශයින්ම සුදුසුයි. පහල ලින්ක් එකක් ඇති ඒ කොහොමද කියල දැනගන්න.

නමුත් අමාරුවේ වැටෙන්න එපා, බොරදියේ මාළු බාන වංචාකාරයෝ හැමතැනම. බැටරි සහ සියලු දත්ත වෙනස්කරන්න යන්නේ පැය කාලයි. බාර් ගණන යනු වහා වෙනස් කළහැකි දෙයක්. ඔබට පෙන්වන දුර ඇස්බැන්දුමක් විය හැකියි. එමෙන්ම ලංකාවේ තියන ඇතැම් කාර් ආරක්ෂාවටත් තර්ජනයක් වෙන විදියට බැටරිය වෙනස්කම් වලට භාජනය කරලා තියනවා. අතිශයින් පරිස්සම් වෙන්න.

විදුලි රථයක් ගැනීමේ මූලික වාසි.

  • සමාන ඉන්ධන රථයකට වඩා අඩු ප්‍රාග්ධන වියදම 
  • අවම නඩත්තු සහ අලුත්වැඩියා වියදම 
  • නිවසේදී ආරෝපණය කලහැකිවීමේ පහසුව සහ අවම වියදම 
  • අවම ධාවන වියදම සහ නැවත විකිණීමේදී ආර්ථික වාසිය 
  • පරිසරය පිළිබඳව ඔබගේ සමාජ වගකීම ඉටුවීම 

දැන් බලමු කොහොමද හොඳ පාවිච්චිකළ විදුලි රථයක් තෝරාගන්නේ කියල. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකන්නේ නිසාන් ලීෆ්, ලංකාවේ 90% තියෙන්නේ ලීෆ් නිසා.

තෝරාගන්නේ කොහොමද?

මුලින්ම කිවයුතුයි විදුලි රථවලට මුලිකව ඇති විරෝධය, වැරදි මත නිසා ඇතිවුණු අඩු ජනප්‍රියතාව (මේවට හේතු වෙනම කියල ඇති), වෙළෙන්දන් සහ අයිතිකරුවන් තමන් විකුණන රථ පිළිබඳව නොදැනුවත්කම, කෘතිමව මිල හැසිරවීමේ වෙළඳ උපක්‍රම සහ මිල අඩු රථ  අවශ්‍යතාවය නොසලකා ගැනීමට පෙළඹීම මේ තීරණය ගැනීමේදී ගැටළු ඇති කරනවා.

සැලකියයුතු කරුණක් තියනවා, ලංකාවේ බොහෝ විදුලි රත අයිතිකරුවන් ඉතා දැනුවත් එමෙන්ම නියම අන්දමින් ඒ රථ පාවිච්චිකරපු අය බව. නමුත් ඒ වාසිය ලැබෙන්නේ ඔබ මුල් හෝ වෙනත් සුදුසු අයිතිකරුවෙකු ගෙන් මිලදී ගන්නවානම් පමණයි.

මේ ලීෆ් ෆෝරම් එකක ගිය සාකච්චාවක්. වංචාකාරයෝ පිරුණු තැනක් තමයි පාවිච්චිකළ වාහන වෙළඳපොල. නමුත් හොඳ විදුලි රථයක් හොයාගන්න එක කළහැකි දෙයක්, එමෙන්ම හොඳ විදුලි රථ වෙළඳපොලේ තියනවා.

බැටරි බාර් ගණන, SOH මාපාංක හෝ අලුත් බැටරි ස්කෑන් එක ගැන පමණක්ම විශ්වාසය තියන්න එපා. ඒ ඔක්කොම කිලෝමීටර් ගණන වෙනස්කරනවා වගේම ඉතා පහසුවෙන් වෙනස්කරන්න පුළුවන්.

එමෙන්ම Degradation එනම් ක්ෂයවීම නැවත නිවැරදි කළ හෝ අලුත්වැඩියා කල නොහැකියි.

බැටරිය ගැන!

මෙන්න ඔබ බැටරිය ගැන සලකිය යුතු ප්‍රධාන කරුණු ලංකාවේ පාවිච්චිකළ විදුලි රථයක් මිලදී ගැනීමේදී, ඉහත පොදු කරුණු සියල්ල සැලකීමෙන් පසු. නමුත් මෙපමණක් නොවේ ඔබ අවධානය යොමු කලයුතු.

  • දැනට ලැබෙන රේන්ජ් එකෙන් 50% ක් වුවත් ඔබේ දෙයිනික අවශ්‍යතාවට ඊළඟ වසර දෙකට ප්‍රමාණවත් විය  යුතුයි. (මිලදීගන්නේ කෙටි කාලීන අවශ්‍යතාවකට නොවෙයි නම්).
  • ඔබ මිලදී ගන්නේ බැටරියක් සවිකිරීමේ බලාපොරොත්තුවෙන් නම්, බැටරි මිල සමග සසඳා බලන්න.
  • පැරණි ස්කෑන් වාර්තා අවම වශයෙන් මාස හයකට වරක්වත් අරගෙන තියනවානම් හොඳයි.
  • පළපුරුදු කාර්මිකයෙක් ලවා  පූර්ණ පරීක්ෂාවක් කරගන්න. GoEV චෙක්ලිස්ට් එක / වාර්තාව ඉදිරි ප්‍රයෝජනයට තියාගන්න.
  • බැටරිය සහ අනෙකුත් කොටස් මුල් තත්වයේ තියෙන බව සැක හැර දැනගන්න අමතක කරන්න එපා, මේ පරීක්ෂාවේදී.
  • බැටරි ආරෝපණ තත්වය (SOC ) අඩුවූ පසු නැවත වේග අරෝපකයකින් පූර්ණ අරෝපනයක් දෙන්න. ඉන්පසු පෙර සහ පසු බැටරි ප්‍රතිශතය, රථයෙන් පෙන්වන කිලෝවොට් පය ගණන සහ අරෝපකයෙන් ලබාදුන් කිලෝවොට් පැය ගණන සසදන්න.
  • එමෙන්ම වේග ආරෝපණ වේගය (Amperage) බලන්න.
  • Full range එක ප්‍රායෝගිකද එමෙන්ම Stable ද කියල දින දෙක තුනක් ධාවනය කරලා හොයාගන්න පුලුවන්නම් හොඳයි. නමුත් මේ ක්‍රමයේ සහ ඉහත ක්‍රමයේත් සැඟවිය හැකි කරුණක් තියනබව (use of reserve capacity) අමතක කරන්න එපා. මේක කරුණු කිහිපයක් නිසා ඇති භයානකයි.
  • තාවකාලික බැටරි රීසෙට් කිරීමකදී ප්‍රායෝගික දුරේත් තාවකාලික වැඩිවීමක් වෙනවා, සති දෙක තුනකට. නමුත් එය පැරණි තත්වයට එනවා. මිලදීගනීමෙදී විමසා බලන්න.
  • යමෙක් අලුත්වැඩියා කලබව පවසනවා නම් අදාළ රිසිට් පත් මෙන්ම අලුත්වැඩියාවට පෙර සහ පසු ස්කෑන් වාර්තා ලබාගන්න.

ඒ බැටරි ගැන, මේ තවත් කරුණු.

The Leaf has a simple trim lineup, is mechanically simple (few parts), and is usually owned by meticulous EV enthusiasts. This means you are unlikely to encounter a lemon. The few specific checks for a Leaf before purchasing are to be done by a qualified professional. A mechanical/electronic concern checklist is given below.

However, there are a few things even a layman can observe. Here are a couple of things. The navigation unit does not say “SD card missing” – this is costly to replace and the stereo and Bluetooth are unusable without it. Apparently, this only applies to ex-Japan models. Even if the SD card is there the touch may be unresponsive, especially on the left side of it.

Assess the degree of rust on top of the front suspension struts. These are located under covers at the rear corners of the engine bay. Most Leaf has some superficial rust, which is acceptable, but look out for corrosion of the surrounding bodywork or loss of the screw threads indicating excessive rust.

සියලු දත්ත සහ වාර්තා හොදින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ ගන්න, වරදින්නේ නැහැ.

ඔබ සුදුසු විදුලි රියක් හඳුනගන නම්;

ඒ පිළිබඳව වාර්තාවක් GoEV ආයතනයෙන් ලබාගන්න පුළුවන්. මෙහිදී පහත කරුණු පිළිබඳව සලකා බැලෙනවා.

  • ඔබේ ධාවන අවශ්‍යතා සහ පාවිච්චිය අනුව සුදුසු විදුලි රථය.
  • ආයෝජන මුදල අනුව ප්‍රතිලාභ.
  • තෝරාගත් රථයේ තාක්ෂණික තත්වය .
  • බැටරි වාර්තා විශ්ලේෂණය
  • පෙර භාවිතාව පිලිබඳ ඉඟි .
  • ඉදිරි භාවිතාව සහ මතුවියහැකි ගැටළු .
  • වටිනාකම් – වෙළඳ සහ භාවිත යන දෙ අංශවලින්ම .
මේ A සිට H දක්වා වන කොටස් 10 කින් සමන්විත වාර්තාවේ එක් කොටසක් / Part of the EV inspection/status report.

Earmarked a particular EV?

You can obtain a comprehensive report on the following lines and more from GoEV.

  • What EV suits you according to your usage and travel needs.
  • Returns on investment.
  • Technical evaluation of the chosen EV.
  • Battery scan report interpretation
  • Tips on prior usage
  • Future expenditure and anticipated problems
  • Opinion on value – on both market and actual compared to ICE

පාවිච්චිකළ වාහනයක් ගැනීමේ චෙක් ලිස්ට් එක පහළ.

A Professional Evaluation of an EV

විදුලි වාහනයක තත්ත්ව පරීක්ෂණ වාර්තාව සඳහා GoEV අයකිරීම (2020 දෙසැම්බර් 30 දක්වා). අමතන්න 0777 007 139 හෝ contact-GoEV

  • Battery Scan – provide softcopies – LKR 2,500
  • Electronic diagnostic scan – provide a softcopy – LKR 2,000
  • 28 Point inspection on the hoist. – LKR 3,000
  • All above + Comprehensive analysis (3 pages) on overall status in consideration with electronic reports, body, test drive and authenticity, historical data analysis (as available), authenticity assessment, and lifecycle forecasting – LKR 8,000. (Less 25% on repeat tests)

Current EV owners may get their EVs evaluated on all the above parameters and have a Certificate of Status for potential buyers.


විදුලි රථයක් ඔබට සුදුසුද කියල මෙතනින් දැනගන්න

ධාවන වියදම් සහ නැවත විකිණුම් මිළ ගැන :

CPK and TCO comparison with ICE / Hybrid : https://mobility.lk/2019/08/22/cost-of-km-ev-hybrid/

මේ සාමාන්‍යයෙන් වාහනයක් ගැනීමේදී සැලකියයුතු කරුණු. Buying-a-used-car

අපව සම්බන්ධකරගන්න අවශ්‍යනම්, Contact ev rev

ලංකාවේ වැඩිපුර තිබෙන මාදිලිවල අංගෝපාංග වෙනස්කම්.

Trim comparison – 2012 – 2015 Gen 2

Feature
S / VisiaX / AcentaG / Tekna
TimersYYY
Electric fold mirror N Option Y
Bluetooth audioPhone only Y Y
Reverse cameraOptionOption Y
Fog lightsOptionOptionY
B mode Y Y
Cruise controlOption Y
LED low beam Option Y
Alloys16″ option17″
Auto headlight Option Y
Parcel tray Y
Spoiler solar Y
Bose 7sp audioOption
360 camera Option
Leather/partialOptionTekna
May vary subject to specific production lots
Tags:

4 thoughts on “භාවිතාකළ EV ගමුද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *