ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ක් වයසැති නිසාන් ලීෆ් AZEO හි CPK (පිරිවැය කිලෝමීටරයකට) විශ්ලේෂණය, ප්‍රියස්සහ ඇක්වා සමග.
මෙහි දී අපි ලීෆ් ශ්‍රී ලංකාවේ හොඳම නැවත විකිණීමේ වටිනාකම ඇති ලෙස පිළිගැනෙන රථ සමඟ සංසන්දනය කළෙමු. ඒ එක කාණ්ඩයේ ප්‍රියස් XW30 සහ එක් පන්තියක් පසුපසින් සිටියත් Aqua ද සමග එහි ලංකාවේ ජනප්‍රියතාව සලකා. (විදුලි රථයේ අධික ත්වරණය, අයිස් රථවල රේන්ජ් එක සහ පොදු ටයර වියදම් සාධක නොවුනි).
අපි ඉන්ධන, නඩත්තු, මූල්‍ය හා ක්ෂයවීම් (depreciation) පිරිවැය තථ්‍ය වශයෙන් වසර 5 ක් සඳහා ගණනය කළෙමු. එය අනාවරණය කළේ 2014 ලීෆ් පස් වසරක, කිලෝමීටර් 140,000 පිරිවැය ප්‍රියස් සහ ඇක්වා යන දෙකටම වඩා බෙහෙවින් අඩු බවය.

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි. අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.
පසුගිය ඉරිදා පැවති අපගේ සැසියේ පසුබිම් දත්ත සමඟ අපි මෙම කරුණු සහ තවත් බොහෝ දේ ඉදිරිපත් කළෙමු.
කෙසේවුවද මෙහිදී වැදගත් පොදු සාධකයක් වන ටයර වියදම සලකා නැත. මේ වියදමද කිලෝමීටරයකට රුපියල් 2.50 පමණ වේ. ( එක ටයරයක් රුපියල් විසිපන්දහාක් පමණ වන කට්ටලයකින් කිලෝමීටර් 40,000 ධාවනය වන ලෙස සැලකුවහොත්.
මේ අන්දමටම අපි ඉස්සරහටත් ගියා. අද මිලදීගන්න රථයක මිල තව වසර පහකින් කොහොම වෙයිද කියලා. එතැනදී අප සැලකුවේ සමාන පන්තියේ වාහන වන හොන්ඩා සිවික් සහ ටොයෝටා C -HR සමග. මිල වැඩි වුනත් ලීෆ් වලට වඩා.

මෙතනින් කියවන්න ඒ සැසඳීම සහ තවත් දේවල් ගැන: