Skip to content

ඩුබායි ලඟට?

ඩුබායි ජලයෙන් යටවෙන්න හේතුවුනේ කෘත්‍රිම වැසි ගන්න කල උත්සාහ එනම් cloud seeding නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන් කියනව. කෘතිම වැසි යනු වලාකුළු වලට chemical implant කරල වැසි ඇති කිරීම.

කාලගුණ විශේෂඥයන් කියන්නේ ධාරානිපාත වර්ෂාව ඇතිවුණේ සාමාන්‍ය කාලගුණ තත්ත්ව මත climate change ඇතිකළ වෙනස්වීම බවයි.

ඉහළ වායුගෝලයේ සහ පොළොවේ අධි උෂ්ණත්ව අතර වෙනස ඇති කළ වේගවත් අවපීඩන තත්ත්වය මේ ධාරානිපාත වර්ෂාව ඇතිවුනා කියල UAE National Center of Meteorology කියනව.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ ඇතිවන උණුසුම මත අලුත් දෙයක් වුණු ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අනවශ්‍ය පීඩනයක් ඇතිකළා කියලයි ඔවුන් අර්ථ දක්වන්නේ.

ලොව පුරාම කාලගුණ විද්‍යාඥයින් කියනවා ඉහල යන ගෝලීය උණුසුම විශේෂයෙන්ම මිනිසුන් විසින් ඇති කරන වෙනස්කම් නිසා අනාගතේ වඩාත් භයානක කාලගුණ විපර්යාස අපට අත්විඳින්න වෙන බව, විශේෂයෙන්ම මේ වගේ පොළොවට දරා ගත නොහැකි අධික වර්ෂාපතන.

මෙවර වින්දිතයා ඩුබායි වෙන්න විශේෂ හේතුව අවට මුහුදු ජලයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම කියලා කියනවා Australia Nnational University එකේ මාක් හෝඩන්. එයා තවදුරටත් කියන්නේ වැසි ජලය වාෂ්පීකරණයෙන් ඉහළ වායු ගෝලයට ඇතිවන පීඩනය මේ විපර්යාස අනාගතයේ වැඩිවෙන බව.

එනම් climate crisis දැං vicious cycle එකක් වෙලා. UAE climate change ගැන කලින් සිට කතා කළා. මේ කොරෝනා සමයට පෙර Dubai ගත්තු චායාරුපයක්.

නමුත් එක්කෝ වුන සාධනීය දෙයක් නෑ ඔවුන් දන සිටියත්. ඒ කොහොම වෙතත් මේවා තනි රටක පාලනයෙන් තොරයි මෙන්ම ප්‍රතිපල ඉක්මන් නැහැ.

අනාගතය වඩාත් බියකරුයි

ඩුබායි ගංවතුර පෙන්නන්නේ විශාල දේශගුණික විපර්යාස ජලාපවහන පරීක්ෂණයකින් ලෝකය අසමත් වන බව.

Tiago Marques, co-founder and CEO of Greenmetrics says “You get a saturation of the drainage system that doesn’t have any way of draining the amounts water that have been falling recently. This ends up coming to the surface and causing urban flooding, whether you’re talking about tunnels, highways or the lowest parts of the city.”

“ගෝලීය නාගරීකරණ ප්‍රවණතා සමඟ බැඳී ඇති ජනගහන සීඝ්‍රයෙන් ඉහළ යාම අපද්‍රව්‍ය එකතු කරනව. ඩුබායිහි වීදිවල කුණු නොපෙනෙන අතර, එය කොතැනක හෝ යාමට සිදුවේ, බොහෝ විට එය වඩාත් සුදුසු ස්ථානවලට වඩා අඩුවෙන් අවසන් වේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලය අවශෝෂණය නොකරන අතර, ඒවා ලොව පුරා ඉඩම්ගො ඩකිරීම්වලට වන විට, මේ තත්වය අනාගතයේ වඩාත් දරුණු වෙනවා”

ලංකාව වගේ tropical රට වලට කාලගුණ වෙනස නිසා ඇතිවන පාඩු මීට වඩා අතිශයින් වැඩි වෙයි. කාලගුණ විපර්යාස නිසා මින් පෙර වසර සීයකට වරක් වැටුණු වැසි දැන් වසර දහයකට වරක් වැටෙනවා. අනාගතයේ මෙය තවත් දරුණු වෙනවා. එමෙන්ම උෂ්ණත්ව වෙනස්වීම් වඩාත් තීව්ර වෙනවා. අප ඉන්නේ අති භයානක විෂම චක්‍රයක. කාලගුණ වෙනසට තැනක් නොතැනක් නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *