Skip to content

EV – Sri Lanka

ගෝලීයව බලද්දී 2022 වෙනකොටයි විදුලි වාහන වල මිල ඉන්ධන වාහන වලට වඩා අඩුවෙන්නෙ හෝ සමපාත වෙන්නේ. නමුත් ලංකාවෙ මුල ඉඳලම විදුලි රථවල මිල සමාන පමණක් නොවෙයි ඇතැම්විට වඩාත් ඉහල පන්තිවල ඉන්ධන රථවලටත් වඩා අඩුයි.

විදුලි රථවල නිෂ්පාදන වියදම තවමත් වැඩියි. එනිසා සාමාන්‍යයෙන් 25% පමණ වැඩියි විකිණුම් මිලත් සමාන ඉන්ධන රථ වලට වඩා. බොහෝ රටවල වාහනවලට බදු නැහැ. නමුත් අපේ බදු ගොඩක් වැඩියි. මේනිසා විදුලි රථවල මිල ඉන්ධන රථවලට වඩා අඩුවුනා බදු ක්‍රමය නිසා.

ඉතින් EV වලට ආයෝජනය කරන මුදලට වැඩි වටිනාකමක් ලැබුන. ඒ අපි විදුලි රථ ගනිද්දී ගෙවන්නෙ වාහනයේ වටිනාකමට නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු, නියම වටනාකම නෙමෙයි.

ලංකාවෙ මිලදී ගන්න පුළුවන් විදුලිරථ බොහොමයක් තියනවා, නියෝජිතයන් මගින් සහ බාහිරවත්.

අදාළ පිටු වලින් දැනුවත්වෙන්න මාදිලි, රේන්ජ් , මිල, නඩත්තුව මෙන්ම නැවත විකිණුම් වටිනාකම් ගැනත්.     

EV වලට ලංකාව හොඳ රටක්!

අපේ දවසක දිගම ගමනක් කිලෝමීටර් 100 ට වැඩි වෙන්නේ කලාතුරකින්, රෝඩ්ට්‍රිප් එකක් යද්දී, එහෙම නැත්නම් ව්‍යාපාර වලදී. අපේ පාරවල් වල බොහෝ තැනිතලා පිහිටීම් මෙන්ම කඳු සහ පල්ලම් පුනර්ජනනීය තිරිංග වලට වාසි දායකයි.

නෙට් ගෙවීම් ක්‍රම සහ සූර්ය බල පද්ධති අනුව ඉන්ධන මිල බිංදුවයි. ඕෆ් පීක්‌ අය ක්‍රමය අනුව තවත් වාසියි.

Let us Assist you for the best decision.

Visit specific product & SERVICE pages

From The menu in the left side bar

OR Main Menu of the home page.