Skip to content

EV රේන්ජ් එක?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා, ළඟ ෂෙඩ් තිබුනා අවශ්‍ය වුනාම ඉන්ධන පුරවන්න. විදුලි රථත් ඒ වගේම තමයි, ටැංකිය පුරවලා තියන්න එපා හැමවිටම. හෙට දුවන්න තියන දුරට විතරක් පුරවන්න.

ඉතින් අපි විදුලි රථයක් තොර ගැනීමේදී අතිශයින් වැදගත් වෙනවා නියම රේන්ජ් එකේ රථයක් තොර ගැනීම. ඔබේ දෛනික හෝ මාසික ධාවනය අඩුයි හෝ වැඩියි නම් මේ ගැන හොඳින් සැලකිලිමත් විය යුතුයි. ඉඳල හිටල , ඒ කියන්නේ වසරකට කීප පාරක් යන ට්‍රිප් එකට හරියන්න විදුලි රථ ගෙදර තියාගන්න එපා. ලෝකෙට ඉස්සෙල්ලම හදුන්වලා දීපු රථවල රේන්ජ් එක අඩුවෙන්න මේකත් හේතුවක් වුනා.

අමතක කරන්න එපා ලෝකේ බොහෝ රටවල 80% රථවල මධ්‍යන්‍ය දයිනික ධාවනය දිකකට කිලෝමීටර් 30 කට අඩු බව. මේක ලංකාවටත් පොදුයි.

මේ රේන්ජ් එක නොයෙක් අය විවිධ අන්දමින් අර්ථකථනය කරනවා. ඊළඟට අපි බලමු කොහොමද වෙළෙන්දන් සහ රියදුරන් කියන රේන්ජ් එකේ ඇත්ත නැත්ත දැනගන්නේ කියල.

Don’t ask for the highest range when you are in the market for a new EV.

Consider meeting with your daily or weekly requirement, unused battery capacities will be a waste which has been experienced by a few gen 1 Leaf. At least, you gotta use the full range of your battery in a week. i.e. if you don’t do 200 kms a week buying a ZE1 Leaf or MG e ZS may not be a wise idea!

මේ දල වශයෙන් ලංකාවේ රේන්ජ් එක සහ මිළ – යාවත්කාලීන කලේ 8/2019
මේ දත්ත ලංකාවට අදාලකරගනීමේදී පරිස්සම් වියයුතුයි.

Not to prioritize meeting with your quarterly road trip? Regularly unused battery capacities will be a waste!

විදුලි රථවල රේන්ජ් එක තීරණය කිරීමේදී ඉන්ධන රථ මෙන්ම එක එක අයගේ ධාවන ක්‍රම, පාරිසරික තත්ත්ව, මාර්ග තත්ත්ව ආදිය බලපානවා. බොහෝ විත් වෙළෙන්දන් නියම තොරතුරු හැංගීම හෝ නොදැනුවත්කම නිසා වැරදි තොරතුරු ප්‍රසිද්ධ කිරීම සිදුවෙනවා. අපේ පව්ද්ගලික අත්දැකීම් ඉහත තත්ව අනුව වෙනස්වෙනවා.

වාහනවල කාර්යක්ෂමතාවය සහ අනෙකුත් දත්ත මැනීමේදී කලින් භාවිත වුනේ NEDC කියන දර්ශකය. නමුත් මේ දර්ශකය නව ලොවට සහ ප්‍රායෝගික තත්ත්ව වලට නොගැලපෙන නිසා දැන් WLTP යන දර්ශකය හදුන්වාදුන්න 2017 වසරේදී. මෙය බොහෝවිට ලංකාවේ ධාවන තත්වයන්ටත් ගැලපෙන බව අපගේ පරීක්ෂණ ධාවන වලින් සනාත වුනා.

මේ WLTP දර්ශකය අනුව දැන් ලංකාවේ ජනප්‍රිය රථ තුනක දත්ත මේ. ඔක්කොම බොහෝදුරට සමාන ප්‍රමාණයේ බැටරි වුනත් ඒ රථවල අඩංගු තාක්ෂනය, වේගය, ත්වරණය, බර ප්‍රමාණය, වායු ප්‍රතිරෝධය, කාර්යක්ෂමතාව සහ තවත් කරුණු එක අරෝපනයකින් යාහැකි ධාවන දුර වෙනස් වීමට බලපානවා. මෙහි මුලාශ්‍රය UK Carfuel data.

  • Hyundai Kona 39 kWh —— 289 kM
  • Nissan Leaf 40 kWh —— 270 kM
  • MG eZS 40 kWh —— 263 kM

ඔබ විදුලි රථයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු WLTP දර්ශකය අනුව දැක්වෙන දත්ත මිස වෙනත් දෑ නොවේ. නිෂ්පාදකයන් පවා ඇතැම්විට වැරදි දත්ත ඉදිරිපත් කරලා විශාල වන්දි ගෙවන්න සිදුවුණු අවස්ථා තියෙනවා බටහිර රටවල. ආසියාතික රටවල නීති අපහදිලිකමින් ඔබේ ආයෝජනය අනතුරේ වැටෙන්න ඉඩ දෙන්න එපා. තවත් වැදගත්ම කරුණක් තමයි රේන්ජ් එක වැඩිවීම ඔබේ මිලදීගැනීම තීරණය කිරීමේ ප්‍රධාන සාධකය කරගන්නත් එපා.

මේ යුරෝපයේ දැනට අලෙවියේ ඇති විදුලි රථ

WLTP දර්ශකය තියෙන්නේ රේන්ජ් එක තීරණය කරන්න විතරක් නොවෙයි. ත්වරණය, ඉන්ධන කාර්යක්ෂමතාව, උපරිම වේගය සහ තවත් බොහෝ දෑ ඒකෙන් නිගමනය වෙනවා.

විදුලි රථයක් ගන්න බලාපොරොත්තුව ඉන්නවනම් Read – why-buy-ev-qa/

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://mobility.lk/contact-ev-rev/

Furthermore , if the range anxiety still baffles you, read : https://mobility.lk/2019/08/13/range-anxiety-debunked/

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *