Skip to content

පිටකොටුව හදමු

පිටකොටුවේ හරස් වීදි වල ත්‍රිවිල් මෝටසයිකල් ඇතුළු සියලු වාහන ධාවනය සහ පාකිං උදේ 10 සිට සවස 5 දක්වා සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි.

ලෝකයේ මෙහෙම නගර තියෙනවා මෙගා සිටීස් ඇතුළුව. එමෙන්ම බොහෝ නගර සලකා බලාගෙන යනවා වාහන ධාවනය සම්පූර්ණයෙන් තහනම් කරලා පයින් සහ MicroMobility වලට පමණක් බොහෝ නාගරික පාරවල් වෙන් කිරීමට.

පිටකොටුව වාණිජ නගරයක් නිසා බඩු ගේන්න පටවන්න බාන්න අවශ්‍යයි. ඒකට උදේ 10 ට පෙර හවස 5 ට පසු රෑට පමණක් ලොරි හෝ වෙන ඕනෑම වාහනයක් ගෙන එන්න ඉඩ දෙන්න පුළුවන්.

අතරතුර බඩු එහෙ මෙහේ ගෙනියන්න ඕනෙනම් කරත්ත තල්ලු කරගෙන යන නාටාමිලා ඉන්නවා!

පිටකොටුව දියුණු නොවෙන, කැත වෙන අවුල් වෙන ප්‍රධාන හේතුව හරස් වීදි වල වාහන හිර කිරීම. කඩකාරයන්ගේ වාහනවත් පාරේ පාක් කරන්න දෙන්න බෑ! ගිනි නිවන්න එන්න බැරි උනෙත් ඒකයි.

ඕක කරන්න පුලුවන්නම් වෙළෙන්දටත් හොඳයි. නිවී සැනසිල්ලේ shopping කරන්න තව මිනිස්සු ගොඩක් පිටකොටුවට එයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *