හුඟදෙනෙකුට විදුලිරථයකට ආයෝජනය කිරීමේදී හිතෙන දෙයක් බැටරිමිල. මේක අනවශ්‍ය බයක්විදියටයි අපි දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතුවක් නැතුවම නෙමෙයි.
2012/2013 වසරවල ආපු ලීෆ් වල බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරියට නෑ. දැනට ඇති විසඳුම පාවිච්චිකළ බැටරි සවිකිරීම. මෙය ඉතා සාර්ථකයි, නමුත් පවතින නීති රීති රාමුව තුල නීත්‍යානුකුලව කිරීමේ අපහසුවක් තියනවා, එමනිසා මිල පවා වැඩිවෙලා.
බැටරි අලුත්වැඩියාව සාර්ථක ක්‍රමයක් නෙමෙයි, බොහෝ අය වංචාකාරයන්ට මුලාවෙලත් තියනවා. නමුත් ආරක්ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක් ඒ ගැන ක්‍රියාත්මක නිසා. එතකං තියන බැටරි ආරක්ෂාකරගමු.

අනෙත් රටවල් වලට වඩා වේගෙන් අපේ ලීෆ් බැටරි ක්‍ෂය වුණා කියන එක තමයි ඇතැම් අයගේ මතය. නමුත් දත්ත පරීක්ෂාවේදී මෙහි සත්‍යතාවය ප්‍රශ්නකාරියි. බැටරි ක්ෂයවීමම නෙමෙයි, එයට හේතුවුනේ මොකක්ද කියන එක.
විශාලම හේතුවක් වුනේ නොවැලැක්වියහැකි පාරිසරික හේතුවලට වලට වඩා අපේ නොදන්නාකම සහ වැරදි පුරුදු නිසා! අමතක කරන්න එපා බැටරි බාර් අටක් ඉතුරුව කිලෝමීටර් සීය පන්නපු ලීෆුත් ඒවගේම 200,000 කිට්ටුකරපු කිහිපයකුත් තියනබව.
අපට මග හැරුණු තවත් දෙයක් තියනවා. ඒ මුල් වසර කිහිපය (2010 සිට 2013 දකවා) ලීෆ් මෙන්ම වෙනත් විදුලි රථ බැටරි තාක්ෂණයේ මුලම වසරවල්. තාක්ෂනය දියුණුවුණේ භාවිතයේදී ලැබුණු අත්දැකීමුත් එක්ක, අපි ඇත්තටම ගිනිපිග්ල (පරීක්ෂණාගාර මීයෝ) වුනා.
බාර් පහක්, කිලෝමීටර් 60ක හරි රේන්ජ් එකක් තියන කාරෙකකින් වුනත් ගතහැකි ප්‍රයෝජනය ඉතා ඉහළයි අපේ වගේ රටක සාමාන්‍ය අවශ්‍යතා මත. මේ ඔබට බැටරියේ හොඳ සව්ක්‍යය වෙනුවෙන් ගතහැකි පියවර.
- SOC එක පුළුවන්තරම් බාගෙට අඩුවෙන් තියාගන්න.
- 80% වලින් ආරෝපණය නවතින්න සෙට් කරන්න, දුරගමනක් තියෙද්දි විතරක් 100% යන්න.
- කොයිමවෙලාවකවත් චාජ් කරල තියල තියන්න එපා, ගමන පිටත්වෙන්න පෙර චාජ් කරන්න.
- දවසේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගෙදරින් චාජ් කරගන්න, දවස ඉවරවෙද්දි 30% වෙන විදියට.
- ඩීප් ඩිස්චාජ් එපා, පුළුවන්තරම් 30% වෙනකොට ෆාස්ට් චාජ් එකක්වත් ගහගන්න, ඉතුරු දුර ටිකට..
- ෆාස්ට් චාජ් දවසට එකක් කරාට ගැටළුවක් නැහැ, ඒක නොකර කොහොම හරි ගෙදර යන්න හිතාගෙන ගියොත් වෙනහානිය වඩාත් වැඩිවෙයි.
- SOC 30% ~ 50% අතර තියල තියන එක තමයි හොඳම.
- කෙටි චාජ් වාර හොඳ වගේම සතියකට වරක් විතර ගෙදර සම්පුර්ණ චාජ් එකක් දෙන්න, සෙල් බැලන්ස් වෙන්න. මෙය අවම වශයෙන් මසකට වරක්වත් කලයුතුයි.
- අව්වෙ නවත්තන්න එපා.
- උෂ්ණත්වය බාර් හයකට අඩුවෙන් තියාගන්න ධාවනයේදීත්, අඩුවුණ තරමට හොඳයි. පුළුවන් තරම් රෑටම චාජ් කරන්න. වැඩි වෙනවනම් හේතුව පරීක්ෂාකරගන්න.
- ධාවනය කාර්යක්ෂම වුන තරමට බැටරිය පරිස්සම්වෙයි. kW එකකින් හැකි උපරිම දුර යන්න උත්සහකරන්න. ක්‍රමානුකූල ත්වරණය අත්‍යවශ්‍යයි.
- ඔබේ කාර්යක්ෂමතා මීටරයේ පෙන්වන දත්ත ගැන සැලකිලිමත් වෙන්න.
- මාස හයකට සැරයක් කරන සර්විස් එකේදී බැටරි ස්කෑන් එකත් කරන්න. සෙල් බැලන්ස් තත්වය සහ ක්ෂයවීම් පරිමාණය දැනගැනීම අතිශයින් වැදගත්.
- බැටරියේ සව්ක්‍යය අඩුවනවානම් ව්‍යායාම කරවන්න. සම්පූර්ණ දුර දුවලා ෆාස්ට් චාජ් එකක් දෙන්න. ඉන්පසු යේ නිවසේ සම්පුර්ණ චාජ් කරලා දුවන්න. මේ වගේ ළඟ ළඟ කිහිප වරක් කරන්න.
- සෙල් මාරුකිරීම් මොඩියුල් මාරු කිරීම්, BMS/LBC රිසෙටින් බොහෝවිට ඔබේ මුදල් නාස්තිකරන වැඩ වෙයි. මේ පිළිබඳව කිවහැක්කේ පැරණි සහ යාවත්කාලීන ස්කෑන් වාර්තා මත පමණයි. ඔබ වැටී ඇති තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන අය ඉන්නවා.
- බැටරියේ රිසර්ව් කැපසිටි එක භාවිතයට විවෘතකිරීම කොහෙත්ම නොකලයුතුයි.

මේකත් කියවන්න : https://mobility.lk/2019/10/03/mandatory-battery-tip/
මේ මුකුත් හරියන්නේ නැත්නම්…..https://mobility.lk/2019/08/17/big-battery-bang/
වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.
Pingback: EV Battery Exercise – EV Rev
Pingback: රේන්ජ් එක? – EV Rev
Pingback: අනිවාර්ය බැටරි ටිප් එකක් – EV Rev
To write of the battery refurbishment program
Pingback: EV ලංකාවෙ ප්රචලිතවීම හෙමින් ඇයි? – EV Rev
Pingback: විදුලි රථ ලංකාවට හොඳද? – EV Rev
Pingback: Second Hand මාකට් එක! – EV Revolution