Skip to content

පාවිච්චිකළ වාහනයක්?

‎මේ බාවිතාකල වාහනයක් මිලදී ගැනීමට යන ඔබට උපදෙස්.

1. වාහනයට අදාල ලියකියවිලි

  • පෙර අයිතිකරුවන් පිලිබඳ විස්තර
  • පොත original ද duplicate ද යන්න. (Duplicate නම් නැවත විකිනීමෙදී ගැටලු පැනනගිනවා ලන්කාවේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා)
  • වාහනයේ පොතේ තිබෙන එන්ජින් අන්කය හා චැසි අන්කයම වාහනයෙත් තිබෙද යන්න..
  • ලීසින් හො වෙනත් යම් ගැටලු තිබෙද කියා (දන්න අදුරන කෙනෙක් හරහා RMV එකෙනම පරික්ශා කරන්න පුලුවන් නම් වැඩේ ලේසි)
  • නිශ්පාදිත වර්ශය හා ලියාපදින්චි වර්ශය අතර කාලය (Late registration නම් ඒ ගැන හොයලා බලලා ගන්න එක ඇගට ගුනයි)
  • නිශ්පාදිත රට පිලිබදව ( සමහර මාදිලි අපි හිතන් ඉන්න රටේ නෙමෙයි නිශ්පාදනය හො එකලස් කිරිම කරලා තියෙන්නේ)
  • Brandnew ද recondition ද පිලිබද (නැවත විකිනීමෙදී brandnew නම් එය වාසියක් විය හැක)
  • පොතේ සදහන් වර්නයම රතයේ තිබේද පිලිබද ( එසේ නොමැතිනම් එයට හේතු අසා දැන ගැනීම වැදගත්)
  • ලයිසන්, රක්ශන සහතික, දුම් වාර්තා, අනෙකුත් ලියකියවිලි (ඔබ වාහනය මිලදී ගැනීමෙදී පෙර වර්ශ වලට අදාල ලියාපදින්චි ගාස්තු ගෙවිමට තිබෙද යන්නත් තිබේනම් එය කුමනපලාතට අදාලද යන්නත/මිලදීගන්නා රතය පුර්න රක්ශනයක් සහිතනම් විකිනීමෙදී එය ඔබගේ නමට මාරුකල හැකිද පිලිබදව/දක්ශ කාර්මිකයෙකුට දුම් වාර්තාව බලා එන්ජිමේ තත්වය යම්තාකදුරට කිවහැක/ මෑතකදි ආනයන කල රතයක් නම් එය මිලදිගත් අවස්තවේ නිකුත්කල බිල්පත් හා අනෙකුත් සහතික, සේවාවාරික වල ලියකියවිලි අලුත්වැඩියාවක් කර ඇත්නම් එහි ලියකියවිලි)

2. වාහනයේ බද හා චැසිය පිළිබඳව

  • වාහනයේ ඉදිරිපස පරික්ශා කරනවා නම් බොනට්ටුව විවුර්ත හා පසුපස පරික්ශා කරනවා නම් ඩිකිය විවුර්ත කර පරික්ශා කල යුතුය (Accident වෙලා හදලා තියනවා නම් පැහැදිලිව හදුනාගන්න පුලුවන්)
  • බදේ තිබෙන දාර වල හැඩය අනුව
  • පලපුරුද්ද මත බදට තට්ටුකර බලා යම් පිරවීමක් කර සාදා තිබේ දැයි පරික්ශා කල හැක. cataloy paste දමා පුරවා ඇත්නම් තහඩුවට තට්ටු කර එන සුලු රැවු දෙන හඩ වෙනුවට යම් තද පුශ්ටයකට තට්ටු කලවිට එන හඩට සමාන හඩක් ලැබේ. සැ.යු. මෙය පලපුරුද්ද මත සිදුකල යුතු අතර රතයේ හිමිකරුට නොදැනෙන ලෙස කිරිම වඩාත් යොග්‍ය වේ 😉 )
  • දොරවල් වැසිමේදී අපහසුවකින් තොරව වැසිය හැකිද පිලිබද ( දොර pin, door lock, යතුරු කටවල්, දොර බීඩින් )
  • වෑන් රතයක් වගේ නම් වැහී පීලි වල තත්වය හා බදේ කෙලින් තිබේද යන්න. පීලි දිගේ අතගා බැලීමෙන් හා බදේ රැලි හො වෙනයම් ඇදයක් බැලීමෙදී රතයේ පිටුපස සිට බැලීමෙන් පරික්ශා කල හැක)
  • ඉදිරි හා පිටුපස විදුලි ලාම්පු, වීදුරු, බැජ් හා ලාංඡන හා පැති කන්නාඩි වල තත්වය හා බාහිරින් බදට සම්බන්ද වන අනෙකුත් කොටස්
  • වාහනයේ paint එක පිලිබදව ( සීරිම, මතුපිට ඉරිතැලීම, බුබුලු දමා ඇත්දැයි, අවරන වීම, රතයේ සෑම පැත්තක්ම එකම වර්නයෙන්ද යන්න,රතය මීට පෙර paint කරලා තිබෙනවද පිලිබද හා එහි නිමාව පිලිබද රබර් බීඩින් බලා පරික්ශා කල හැක)

3. එන්ජිමේ, ගියරපෙට්ටියේ, අනෙකුත් දාවනයට අදාල කොටස් වල, ටයර හා රීම් ආදිය

  • දක්ශ කර්මික ශිල්පියෙකු ලවා එන්ජිම හා ගියර්පෙට්ටිය පරික්ශාකල යුතු අතර සරලව කිවහොත් oil leak/ start කර තැබිමේදි ඇතිවන ශබ්ද/ වාහනය race කරනවිට පිටවන දුම් වල පාට, ප්‍රමානය, දක්ශතාවය මත ගද සුවද බැලීමෙන්/ oil වල පාට,ගනත්වය වැනී දැ/එන්ජින් මැදිරියේ තත්වය
  • රතය දාවනය කර බැලීමෙදී -තැනිතලා කෙලින් පාරක දාවනයේදි සුක්කනම අතහැර දාවනයෙදීත එය කෙලින් ගමන් කරනවාද/ දාවනයේදී ඇතිවන ශබ්ද/ ගියර් මාරුකිරිමෙදී තත්වය හා auto gear නම් නියමිත වේග වලදී ගියර මාරුවීම පිලිබදව ඒ සියල්ලටම ප්‍රතමයෙන් තිරින්ගවල තත්වය පිලිබද/දාවනයෙදි එන්ජිමේ heat එක හා සැපපහසුව පිලිබදව
  • Differential, suspension , වාහනය හැසිරවීම හා පාලනය පිලිබද
  • ටයර වල ගෙවීම් සිදුවී ඇති ආකරය කොපමන පරනද පිලිබද, නියමිත ප්‍රමනයේ ටයරද යොදා ඇත්තේ ( නියමිත ප්‍රමනය වාහනයේ පොතේ සදහන් කර ඇත) ප්‍රමනය වෙනස් කර ඇත්නම් එයට හේතු/අමතර ටයරයක් තිබේ නම් එහිතත්වය නොමැති වරගයේ රතයක් නම් හදිසී අවස්තාවකදී බාවිතා කරන pump එක හා ද්‍රාව බොතලය/ tool kit එක හා jack එක.
  • වයිපරය හා එහී මෝටරයේ ක්‍රියාකරිත්වය / light වල තත්වය/ AC ඇත්නම් එහි තත්වය/ power shatter , p.mirrors , sound system, electric seats , sunroof ඇත්නම එහි හා අනෙකුත් ස්වුච් වල තත්වය/ seats , dashboard , upholstery, seat belts , carpets ,door light ,hood light හා අනෙකුත් කොටස්වල තත්වය/ ඇතුලත පිරිසිදුකම/හැකියාවක් තිබේනම් වාහනයේ යට පරික්ශාවක් සිදුකිරිමත් වැදගත්

4. අයිතිකරුගේ ස්වබාවය

ඉහත සදහන් කරපු කරුනු පරිකශා කරනකොට එය නිකම්ම වැටහේවී / රතය තිබෙන ස්තානය ( මුහුදට ආසන්නවද, පාර ආසන්නවද එලිමහන් තැනකද, ගැරැජයක් ඇතුලතද)
කලින් බාවිතා කලේ කුමක් සදහාද ( cab service එකකටද, පවුද්ගලික ප්‍රයොජනයටද, වෙනයම් කටයුත්තකටද පිලිබද)
බාවිතාකල පුද්ගලයන් පිලිබදව ( රියදුරෙක්ද , කාන්තාවක්ද (එසේනම් මේ වෙනවිටත් රවුම් කරල ඇති))
රතය විකිනීමට හේතු

5. වටිනාකම

වර්තමානයේ ඔබ මිලදී ගැනීමට යන රතයේ වටිනාකම/ නැවත විකිනීමෙදී එහී වෙලදපොල වටිකම, ඔබ එය යොදාගැනීමට බලාපොරොත්තුවන කාර්‍යය, අමතරකොටස් වල මිල හා එය අපහසුවකින් තොරව හොයාගත හැකිද පිලිබද, එවැනි රතයක් බවිතා කරන අනෙක් අයගේ ප්‍රතිචාරය,රතය මිලදීගත් පසු එය බාවිතාකරන පුද්ගලයාගේ කැමත්ත හා හැකියාව
යන කරුනු දැක්විය හැක.

මෙහි පියවර තමුන්ට කැමති ලෙස පරික්ශාකල හැකි අතර මෙහි 1 පියවර පරික්ශාකර නොබැලීමෙන් මුදලින් පාඩු මෙන්ම නීතිමය ගැටලු හා වෙනත් ගැටලු වලට මුහුනදිය හැක 

 ස්තුතියි කැලුම් සී ශාන් ට! ලිව්වේ November 18, 2015

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *