Skip to content

EV ගන්නෙ ආර්ථික වාසි නිසාද?

මාතෘකා වෙන ප්‍රශ්නය නිසාන් ලීෆ් අයිතිකරුවන්ගේ FB ෆෝරම් එකක ඇසුණු ප්‍රශ්නයක්. අපේ සාමාන්‍ය සිතුවිල්ල වුනේ ආර්ථික හේතු මුලික වෙන බවයි. නමුත් අති බහුතරයකගේ උත්තරය වෙනස් . මේ බලන්න, ආඩම්බරයි ලංකාවේ විදුලි රථ හිමිකරුවන් හිතන විදිය ගැන.

නමුත් බොහෝදෙනෙකුට නොවැටහුණු දෙයක් තියෙනවා, ඒ විදුලි රථයක් පාවිච්චිය ආර්ථික වශයෙන් වඩාත් ලාභදායී බව, දීර්ඝකාලීනවත්.

වෙන රටවල අය විදුලි වාහන ගන්නේ සමාන ඉන්ධන වාහනයකට වැඩිය මුදලක් ගෙවලා. නමුත් ලංකාවෙ තත්වය වෙනස්. ඉන්ධන රථවල බදු නිසා, මුල ඉඳන්ම විදුලි රථ තිබුනේ මිල අඩුවෙන්.

දැන් අලුතෙන් එන විදුලි වාහන වල මිල පවා සමාන ඉන්ධන ඒවට වඩා අඩුයි. ඒත් අලෙවිය අඩුයි.
නමුත් ඒ ඒවායින් ලැබෙන දීර්ඝ කාලීන ආර්ථික වාසි සහ ඉන්ධන වාහන වලට වඩා සැප පහසුව, නඩත්තුව, performance ආදී හැම දෙයක්ම හොද වීමේ වාසි ගැන ඇති නොදැනුවත්කම නිසා.

මේ වසර පනහක් රිය පදවන කෙනෙක් විදුලි රථයක් පදවුවොත් ඔහුට ඉතුරු කරගන්න පුළුවන් මුදල. ඇමරිකාවෙදි මේ ඉතිරිය රුපියල් මිලියන පනහක් තරම් වෙනවා. මේ නඩත්තු වියදම් වලට අමතරව. මේ එක්කම පරිසරයට දෙන දායකත්වය මිලකළ නොහැකියි.

මේ ප්‍රශ්නයම හයිබ්‍රිඩ් රථවලට අදාල කළොත්

වාහන නිෂ්පාදකයෝ හයිබ්‍රිඩ් වාහන හැදුවේ පරිසරය ගැන හිතලා නමුත් ලංකාවෙ නං ගත්තේ ලාභ ගැනම හිතලා ඒකනම් වැරදිච්ච ලොකුම තැනක් මොකද ඒකෙ ලාභයක් නැති නිසා. ඒවගේම දැන් පෙනිලා තියනවා හයිබ්‍රිඩ් රථ පරිසරයට හානි දායකයි කියල.

විදුලි රථ ලාභදායි වෙන්නේ කොහොමද?

ලංකාවේදී විදුලි රථ මේ ප්‍රතිලාභ දෙකම වෙනත් රටවලට වඩා දෙනවා.

ලින්ක් එකේ අපි ගණනය කිරීම් කරලා පෙන්නලා දීල තියෙන්නේ වීදුලි රථයක් පාවිච්චි කරන එක ලංකාවේ වෙන ඕනම රටකට වැඩිය ලාබයි හැම අතින්ම ආයෝජනය සිට disposal එක දක්වාම, බැටරි අගය ක්ෂය වීමත් සහ resell value එකත් එක්කම.

මෙන්න අපේ ගණනය කිරීම්.

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *