Skip to content

Japanese Panic

ජපන් මෝටර් රථ සමාගම් වලට වෙළඳපොල කොටස අහිමිවීමේ අමිහිරි රස දැනෙන්න පටන් අරන්. Toyota ට හයිබ්‍රිඩ් cash cow හිටියට Nissan, Honda ට ඒ සැප නෑ. BYD වැනි චීන සමාගම්වල scale විතරක් නෙමේ Tesla වැනි EV only සමාගම්වල තාක්ෂණය හා නවීන business strategy සාම්ප්‍රදායික නිෂ්පාදන හා අලෙවි ක්‍රමවලට ඇති විශාල තර්ජනයක්.

Hybrid වාහන නිසා Scale of Economies තියෙන ටොයෝටා survive උනාට අනිත් ජපාන සමාගම් වලට වැඩේ ලේසි නෑ. Production cost පමණක් නෙමෙයි distribution sales and marketing cost පවා සම්ප්‍රදායික dealership structure එකේ හරිම වැඩියි. වාහනයක් නිෂ්පාදන වියදමට 25% විතර එකතු වෙනවා අවසාන පාරිභෝගිකයා අතට යද්දී.

අවුරුදු ගානකට පෙර සිටම අප පෙන්නුම් කළා ජපන් සමාගම් වලට වරදින තැන ගැන. නමුත් toyota හෙම Hydrogen වැනි hoodwinking strategies මත යැපෙද්දි, BYD, Tesla ගොඩක් දුර ගියා battery electric තාක්ෂණය මත!

ප්‍රශ්න තවත් දරුණු කරමින් දැනටමත් පෙනෙනවා අනාගත ලෝකයේ කාර් වැනි පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිතා වෙන්නේ එදිනෙද ගමන් යෑම සඳහා නෙමේ විනෝදය සඳහා බව. ඒක නව වෙළඳපොළක්.

අඩු මිල විදුලි රථ කියන එක දියුණු රටවල මිනිසුන්ගේ අවශ්‍යතාවය වෙන එකක් නෑ, ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ පොදු ප්‍රවාහනය සහ micromobility මත නිසා එමෙන්ම එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා අනාගත ලෝකයේ අතිශයින් අඩුවෙන නිසා, වැඩකිරීමේදී ඉන්න තැන, යායුතු තැන අදාල නොවෙන නිසා.

මේ තත්වය ජපන් සමාගම් වලට වාසි සහගත වියහැකි වුනත් බොහෝ යුරෝපීය සමාගම් දැනටමත් ඒ ගැන ක්‍රියාත්මකයි, විදුලි රථ හරහා. NIssan සහ Honda සමාගම් එකමුතුව මේ තත්ත්ව හොඳින් දැනගනම ආරම්භ වුවා විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *