Skip to content

Made in the USA

චීන trade war එකට ගහන්න ඇමෙරිකාව Electric පිකප් එකක් 2026 වෙළඳපොළට දානවා. ලංකාවේ තියෙන EV වලට අසාධාරණ import tariff එක්ක උනත් මේක රුපියල් 14 M විකුණන්න පුළුවන්. හැබැයි ඇමරිකන් නිසා තව බදු අඩු කරයි, තව ගාන අඩු වෙයි 😉

සයිස් එකත් ලංකාවට හරි, දිග අඩි 15. LN85 Toyota Hilux pickup සයිස්. Slate විශේෂත්වයක් අවශ්‍ය නම් 5 seater SUV විදියට convert කරන්න වෙනම කිට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඔතන දි නං ලංකාවේ ඩියුටි සහ නීති හරස් වෙයි. ඒවා හදාගන්න වෙනවා.

හොඳ Power, 147 KW motor. එක චාජ් එකකින් 240 km යන්න පුළුවන් ස්ටෑන්ඩර්ඩ් බැටරියෙන්. ඕන නම් upgrade කරන්නත් පුළුවන්.

මේක Made in the USA. චීනෙත් ලාබ pickup හදනවා හැබැයි සයිස් එකෙන් මීට පොඩි. අනික ඒවා low speed. Build quality තාම දන්නෑ.

තව වෙනස්කම් තියෙනවා, මේක Amazon Jeff Bezos මූලිකත්වය ගත්තු ප්‍රොජෙක්ට් එකක් උනාට වෙන startup වගේ founder කෙනෙක් නෑ, ඒ වගේම CEO කාන්තාවක්, Christine barman.

මේක no frills EV එකක්, Slate slogan එක “We built it, You make it”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *