Kotte Municipal Council area – Climate Smart Sustainable City එකක් වෙත පරිවර්තනය කරන්න පරිසර අමාත්‍යාංශය, United Nations environmental program UNEP, Janathakshan සහ GEF සහයෝගයෙන් කෙරෙන වැඩසටහනක ජාතික මට්ටමේ වැඩමුළුවකට සහභාගි වුණා.

මෙය ඉතා හොඳ , අතිශයින් වැදගත් ව්‍යාපෘතියක්, විශාල GEF, Global Environmental Fund grant එකක් මත ක්‍රියාත්මක වෙන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මූලික වුණාට pilot project එකෙන් පසු මහ කොළඹ ආර්ථික කලාපය පුරාම විහිදෙනවා Wetland City විදියට සංවර්ධනය කෙරෙන්න. ලෝකෙම කොළඹ වගේ Wetland capitals තියෙන්නේ හරි අඩුවෙන්.



නමුත් ප්‍රශ්නය මේ වගේ වැඩසටහන් අතීතයේත් වෙලා තියෙනවා. අපත් සහභාගි වෙලා තියෙනවා. නමුත් මේ ලැබෙන විදේශ මුදල් වලින් රටේ සංවර්ධනය සහ පරිසරය ේ වෙනුවෙන් සිදුවුණු සාධනීය දෙයක් නෑ.
ඒකට හේතු රාජ්‍ය ප්‍රතිපත්තිමය දුර්වලතා, ගෝලීයව එකග වී ඇති Net zero Carbon 2050, NDC වැනි ප්‍රතිපත්ති සහ ඉලක්කවලින් බැහැරව දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ආණ්ඩුව වෙනස්වීම සමග හැමෝම අලුත් දේවල් කරන්න බැලීම. ක්‍රමවේද වෙනස් කිරීමෙන් බැහැරව යටිතල පහසුකම් වලට පමණක් වියදම් කිරීම. රාජ්‍ය ආයතන අතර දුර්වල සම්බන්ධීකරණය, අධික රාජ්‍ය ආයතන ප්‍රමාණය, අලුත් දේ වෙනුවෙන් නොකඩවා කැප වෙන නිලධාරී හිඟය, විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම සහ passion ඇති නිලධාරි හිඟය ආදිය.
එපමණක් නෙමේ මහජනතාවත් මේවාට වගකිවයුතුයි. ජනතාවට නිවැරදි ආකල්ප සහ දැනුම නැහැ. මාධ්‍යවත් මේ ගැන ජනතාව සහ දේශපාලකයන් දැනුවත් කරන්නේ නෑ මේවා පිළිබඳව දේශපාලකයන්ට බල කරන්නේ නෑ.
ඉහත ගැටළු ලිඛිතවම ලබාදුන්නා මේ ගෝලීය ආධාර (grants) වලින් පරිසරයේ සහ සමාජයේ සුභ සිද්ධිය, ආර්ථික සංවර්ධනය මේ අවස්ථාවේ වත් වෙනු ඇතැයි පතනවා.
