Skip to content

චීන කාර් ආරක්ෂිතද?

පසුගිය දිනවල BYD ගැටුම් නිසා ඇතැම් අය “චීන කාර් හයිය නෑ” කියනව. වාහන වල ශක්තිය හානියෙන් සහ ඇකිලෙන විදියෙන් මනින්න බෑ. හොඳ වාහන වල crumple zones තියෙන්නේ deceleration inertia පුළුවන් තරම් පැසෙන්ජර්ට දැනීම අවම කරන්න. ගැටුමකදී ආරක්ෂාවේ ප්‍රමුඛතාව ලැබෙන්නේ මගීන්ට සහ පදිකයන්ට මිස වාහනයට නෙමෙයි

මේ ගැටුමේ ගැටළු නම් වේගෙන් යන්න බැරි තැනක මෙපමණ හානියක් වීම, 5 star ncap BYD ATTO 3 එකක් වුනත් වාහනේ automatic emergency braking ක්‍රියාත්මක නොවීමයි. Airbags ක්‍රියාත්මක නොවීම ගැන පැහැදිලි විස්තර නෑ. Seat belt නොදැමීම හිතන්නත් අමාරුයි තුවාල වාර්තා නැති නිසා.

මේ ගැන පොදුවේ කතා කළොත් Emergency braking ක්‍රියාත්මක වෙන්නේ camera, radar or lidar ආදියේ දත්ත මත. සාමාන්‍යයෙන් තියෙන්නේ තරමක් ඉහළ, ග්‍රිල් එකේ සහ windscreen අසල. එතකොට වදින එක ඒවායේ vertical field of view එකේ තියෙන්න ඕනේ. මේ ගැටුමේදී එහෙම විය යුතුයි ATTO 3 තරමක් උස නිසා, in the line of sight of the truck.

Airbags නං ක්‍රියාත්මක වෙන්නේ sensors මත. මේවා සාමාන්‍යයෙන් තියෙන්නේ bumper සහ crumple zones වල. Impact Force එක පරිවර්තනය වන දිශාව අනුව සෙන්සර් ක්‍රියාත්මක නොවන්න ඉඩ තියෙනවා.

ඒ වගේම software glitches, electrical faults සහ wrong calibration පවා හේතු වෙන්න පුළුවන්.

ගැටුම් EV නුපුරුදු නිසාද?

මේ අතරතුර පුවත්පත් වාරතා තිබුනා ගැටුම් වැඩිවීමට හේතුව ඉන්ධන රථ රියදුරන් EV ඉක්මන් ත්වරණයට නුපුරුදු වීම ගැටුම්වලට හේතු වෙලා කියල.

EV වල instant torque නිසා Accident වැඩි වෙලා කීම පිළිගන්න බෑ. ලංකාවට EV හාරපන්දාහක් ආවා 2011 සිට, අවුරුදු 15කට කලින් දැන් තරම්වත් වේගවත් නැති ඉන්ධන රථ පැදපු අය තමයි ඒවා ගත්තේ.

ඒ වගේම ඒ ආපු Nissan Leaf දැන් මිලියන පහළොවට තියෙන අලුත් SUV Car වලටත් වඩා acceleration තිබුණා. නමුත් ICE හා සාපේක්ෂව අනතුරු වැඩි වුනේ නෑ. එමෙන්ම ඒ අනතුරුවලදී ලීෆ් වලට සිදුවූ හානි අවම වුනා, පුද්ගල හානි වාර්තා වුනේම නෑ.

This incident was at Liberty Plaza Car Park. A Nissan Leaf Driver lost control and fell into the lower floor car park. The driver walked out unharmed.

දැන් අලුතෙන් දකින ගැටුම් වැඩිවීමට හේතුව දරා ගත නොහැකි වාහන ප්‍රමාණය, මාර්ග නීති නොසැලකීම. Big screen distraction සහ රියදුරන් දුර්වලවීම ආදිය හේතු වෙන්න පුළුවන්. අලුත් EV පමණක් නෙමෙයි ICE පවා හැපිලා නිතර දකිනවා.

කොහොම උනත් සම්පූර්ණ වාහන පරීක්ෂාවක්, වාහනේ EDR, event data recorder එකේ දත්ත වල pre-crash speed, braking inputs and sensor readings සහිත පූර්ණ collision investigation නොකර ගැටුමකට හේතු ප්‍රකාශ කරන්න බෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *