Skip to content

EV Waves by BYD

ලංකාවේ EV දිශානතිය වෙනස් කරනව BYD. ආනයන බදු ආදිය ගැන ප්‍රශ්න තිබුණත් ක්‍රෙඩිට් John Keells ටත් දිය යුතුයි. වෙන කවුරු කලත් මේ පිළිගැනීම ලංකාව වගේ සම්ප්‍රදායික රටක Chinese EV එකකට ලබාගන්න අපහසු නිසා.

අප දශකයක් පුරා Japanese LEAF එක්ක ලංකාව වගේ පොඩි රටක බොහෝ අයගේ අවශ්‍යතාවලට ගැලපෙන්නේ EV කිව්වත් ICE මානසිකත්ව වෙනස් කරන්න පුළුවන් වුණේ BYD ට. JKH or JKCG වැඩේ ගොඩක්ම ලේසි වුනා 2024 වෙනකොටත් ලෝකයේ වැඩිපුරම විකිණෙන විදුලි රථය BYD වුන නිසා.

LEAF වල දොස් බොහෝ අය කිව්වත් 2010 දි ඒක හැදුවේ 150 km යන්න, ලංකාවේ ජනතාව කතරගම යන්න බලාපොරොත්තු උනාට වන් ෂොට්. Charging stations වත් නැති කාලෙ අපි රට වටේ ගියා ඒවයින්. දශකයක් පරණ ලීෆ් තාම තියෙනවා ඔරිජිනල් බැටරියෙන් 100 km දුවන.

හැබැයි 2025 වෙනකම්ම ලංකාවේ ජනතාව EV වල දොස්ම තමයි කිව්වේ. නමුත් ඒ කවදාවත් EV එකක් පාවිච්චි නොකළ අය තමයි වැඩිපුරම. හැබැයි දැන් සෙලිබ්‍රිටිලා, ලස්සන කාන්තාවන් පවා චීන කාර් එක්ක පොටෝ දාන ලෙවල් එකට ඇවිත් 😁

ලංකාවේ BYD ඉතිහාසයත් අමුතුයි. මුලින්ම BYD dealership එක තිබුණේ Laughs. ඊට පස්සේ DIMO ගත්තා. ඒ දෙගොල්ලම කාර් පවා ගෙනාවා. අදටත් ඒ අය කණගාටු වෙනවා ඇති රත්තරන් බිත්තර දාන්න හිටපු කිකිළිව අතෑර ගත්තු එක ගැන. විශේෂයෙන්ම DIMO, ඒගොල්ලන්ට උනේ Tata ද BYD ද කියලා තෝරගන්න උන එක.

ඉන්පසු අපත් සම්බන්ධ වෙලා BMW dealer, Prestige එකට BYD නියෝජිතයා වෙන්න පුළුවන් උනා. ඒකෙ project report, business plan හැදුවේ මේ ලිපියේ කතෘ. නමුත් ඉතින් ඒ එක්ක ආපු ආනයන තහනමත් නිසා වැඩේ ඇදුනා.

කාලය දීපය කුලය දේශය මව් ඔක්කොම සෙට් උනා JKH ට. 2025 ඉවර වෙනකොට ලංකාවේ වැඩිපුරම දුවන EV එක වෙයි BYD, කිරුළ හිමි කරගෙන හිටපු Leaf පරද්දලා. හැබැයි කොච්චර පරණ උනත් ලංකාවේ දැනට මිලියන 15ට අඩුවෙන් ගන්න තියෙන මොනම අලුත් කාර් එකටත් වඩා Nissan Leaf spacious, powerful and comfortable.

ලංකාවේ ප්‍රවාහන බල ශක්තිය ඉන්ධන වලින් විදුලියට මාරු කිරීමේ change agent කිරුළ දිය යුතුයි BYD ට. කොටින්ම දැන් ලංකාවේ Toyota වලට තියෙන ඉල්ලුමටත් වඩා බෙහෙවින් වැඩියි BYD demand එක. 2024/25 JKH වැඩිම ලාභය ලබන business unit එකත් වෙයි JKCG.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *