DC වේග ආරෝපණ පමණක් නොවේ AC public charging ක්‍රියාත්මක වෙන්නේ සිව්කොන් සම්බන්ධතාවයක් හරහා. එනම් ඔබේ විදුලි රථය (EV), eMotion charger, eMotion central server එක, සහ ඔබේ ජංගම දුරකථනය / mobile app එක අතර. මෙය සම්බන්ධතා තුනක් හෝ ස්ථාන හතරක් සම්බන්ධ වෙන නිසා සිව්කොන් එකක් ලෙස බලන්න පුළුවන්. මේ නිසා ආරෝපණය වඩාත් convenient, user-friendly සහ smart වෙනවා. මේ සරල පැහැදිලිකිරීමක්.
සිව්කොන් සම්බන්ධතාව ⚡📱🚗
EV ↔ Charger
මුලින්ම ඔබ කරන්නේ Charging Gun ඔබේ විදුලි රථයට සවිකිරීම. මෙහිදී ISO 15118, ChadeMO හෝ CCS2 protocol එක හරහා බැටරිය සමග direct communication එකක් වෙනවා. මෙහිදී ප්‍රථමයෙන්ම ඔබේ බැටරිය වේග ආරෝපණය සඳහා සුදුසු තත්වයේ ඇද්ද යන්න පරීක්ශාකෙරෙනවා. එසේ නොවෙන්නේ නම් ආරෝපණය පටන්ගත නොහැකියි. එසේ නොවුනොත් ඔබේ විදුලි රථය අපගේ පරීක්ෂාවට යොමුකළ හැකියි. මේ සඳහා මුදල් අයකෙරෙන්නේ නෑ, Appointment to be made via calling or sending WhatsApp to the eMotion support hotline – 0768 177 046.
Initialization අවශ්‍යතා සම්පුර්ණ කිරීමෙන් පසු ආරෝපණය ආරම්භ වෙනවා. රථයේ battery status (charge level, temperature, max power acceptance, C rate ) charger එකට real-time එවනවා. Charger ඒ අනුව voltage/current adjust කරලා ආරෝපණය ආරක්ෂිතව පාලනය කරනවා. මේක ඉතා low latency සහ reliable සම්බන්ධතාවක් මත වීම ආරක්ෂාව සඳහාත් වැදගත්.
2. Charger ↔ Server
eMotion central system එක OCPP (Open Charge Point Protocol) හරහා internet connection එකෙන් (4G/5G, fiber) connect වෙනව. මීට අමතරව ලංකාවේ ප්‍රථම වතාවට මෙම සම්බන්ධතාව Starlink හරහාද eMotion ලබාදෙනවා අපේ ව්‍යාපාරික සහකරු Vesta Charge Hub අනුග්‍රහයෙන්. අපගේ පාරිභෝගිකයන්ට Free Internet පවා ලබාදෙනවා Vesta. මේ අවස්තාවේදී වෙන්නේ:
- User authorization සහ payment processing
- Real-time charging status updates
- Metering data (kWh delivered)
- Remote start/stop, diagnostics, firmware updates
3. Server ↔ Mobile App
ඔබේ ජංගම දුරකතනයේ බාගත කර ඇති eMotion Charging යෙදුම හරහා server එකට connect වෙලා තියෙනවා. මේ මගින් ඔබට පුළුවන්:
- දුරස්ථව Charger availability check කරන්න
- ඔබ චාජරය වෙත යාමට පෙර ongoing session (if any) අවසන් වෙන දළ කාලය දැනගැනීම.
- ඔබ හෝ ඔබේ රියදුරා චාජරය ඇමුණූ පසු Session start/stop කරන්න (plug කරලා app එකෙන් activate කිරීම)
- ඔබට අවශ්‍ය පරිදි ආරෝපකය සකසා ගැනීම
- Real-time charging progress monitoring (Charge Percentage, Remaining Time etc)
- ඔබගේ බැංකු කාඩ්පත හරහා ගෙවීම් කිරීම, receipt බාගත කිරීම
- ඔබේ session අවසන් කිරීම. සියලු වාර්තා ලබාගැනීම.
ඇත්තෙන්ම charging plug හැර ඔබ චාජරයේ කිසිදු කොටසක් හැසිරවිය යුතු නෑ. චාජරය නැවත්වීම පවා App එකෙන් සිදුකලහැකියි.
හොඳින් මතක තබාගන්න, චාජරයේ EMERGENCY STOP BUTTON තිබෙන්නේ හදිසි අවස්තාවකදී, ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකදී පමණයි. If you press the Emergency Button by mistake eMotion staff need to intervvene to restart the charger.
4. සිව්කොන් සම්බන්ධතාවය (EV → Charger → Server → App)
මේක closed loop එකක් වගේ – Mobile App එකෙන් command එකක් යවනකොට Server එක Charger එක update කරනවා, charger එක EV එකට apply කරනවා.
උදාහරණයක්: On the mobile app you press “start charging” → server Server Authorization → charger receives the command → charger initate the power delivery to the EV.
Charging අතරවාරයේ ඔබ app එකෙන් stop කරනවා → ඒකත් එකම path එක හරහා වෙනවා. මේ නිසා EV user ට remote control, monitoring සහ convenience ලැබෙනවා.

Data connection බලපෑම්
මෙය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් charger-server සහ server-app අතර. Connectivity ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. අනිවාර්ය Reliability වලට අමතරව පහත හේතු සලකා බැලෙනවා .
- Bandwidth: අඩු ප්‍රමාණයක් ගැටළුවක් නැහැ (10–100 kbps per session). Status updates, commands, metering data වගේ small packets යන නිසා high bandwidth අවශ්‍ය නැහැ.
- Speed: Quick responses සඳහා fast connection ඕනේ – app එකෙන් start command එක තත්පර ඇතුළත charger එකට යන්න ඕනේ.
- Latency: මෙය ඉතාම critical (<500ms–is ideal). High latency තිබුණොත්:
- App එකෙන් start කළත් delay වෙලා charge start වෙනවා
- Real-time progress update slow වෙනවා (ඔබට පෙන්නන % inaccurate වෙන්න පුළුවන්)
- Emergency stop හෝ remote control delay වෙලා safety risk ඇති වෙන්න පුළුවන්
eMotion charging network එක 4G/5G, Ethernet/fiber, Starlink backbone ආදී මාධ්‍ය භාවිතා කිරීම මගින් ඔබට උපරිම වේගවත්, seamless සේවා ලබාදෙන්න අප උපරිම උත්සාහ කරනව. එනිසා ඔබට plug කරලා app එකෙන් Start Charge ඔබද්දීම හෝ remote start කරනකොටත් hassle-free, fast charging experience ලැබෙනවා!
eMotion charging network සමග ලාභදායී සහ තිරසාර ව්‍යාපාරයක් අරඹන්න කැමතිනම් කියවන්න පහත ලිපිය.
